IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘දියුණුව කියලා තරගයකට පැටලිලා‘

‘මම රට ලෝකය ගැන වැඩිය දන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ කැලයේ. හැබැයි මට පේනවා දියුණුව කියලා තරගයකට පැටලිලා අපේ මිනිස්සු විතරක් නෙමෙයි මුළු ලෝකයේම මිනිස්සු. ඒ තරගයත් සමග ගමන් කරද්දී බොහොමයක් ඇත්තන්ට තමගේ අම්මා, තාත්තා, ජාතිය, ආගම, භාෂාව, නෑදෑයෝ, සිරිත් විරිත් මේ හැමදෙයක්ම අමතක වී ගිය බවක් මට දැනෙනවා‘ යැයි ආදිවාසී නායක වන්නිල ඇත්තෝ පැවසීය.

ඒ අද (7) කොළඹ ශ්‍රී සම්බෝධි දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

උත්සවය කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘මට සෑම දිනකට දැනගන්නට ලැබෙනවා මිනීමැරුම්, දූෂණ, වංචා, හොරකම්, මංකොල්ලකෑම් වැනි සිදුවීම්. මිනිස්සු, රට දියුණු වෙලා කිව්වට දියුණු නම් මේ වගේ දේවල් සිදුවන්නේ කොහොමද කියලා මට ලොකු ගැටළුවක් තිබෙනවා‘ යැයිද වන්නිල ඇත්තෝ කීවේය.             

wannila_20163739 wannila_20163739-2 wannila_20163739-3

wannila_20163739-4 wannila_20163739-5 wannila_20163739-6 wannila_20163739-7



අදහස් (0)

‘දියුණුව කියලා තරගයකට පැටලිලා‘

ජනහිත Monday, 07 March 2016 06:56 PM

ඒ අයට ඔය නමින් අමතන්න එපා. ඒ අය අපිට වඩා දැනුම අතින් අධිකයි. කියන දේ හොඳින් අහගන්න. එය ඉතා වැදගත්. ඒ අය අපේ ආදිවාසීන් බව අමතක කරන්න එපා. (නි)

:       0       0

බණ්ඩාර (කුවේට් ) Tuesday, 08 March 2016 06:02 AM

ඔබය සදාකාලික නායකයා අපේ බිමේ. චිරං ජයතු ! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 07 March 2016 08:24 PM

එ් මිනිසුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න අපි උදවු කරන්න ඕනෑ. මේ මිනිස්සු ලංකාවට ආභාරණයක්. (නි)

:       0       0

තිලක්-අබුඩාබි Tuesday, 08 March 2016 06:07 AM

ජනවාරි 8 නිදහස ලැබුනා කියලා හිතාගෙන ඉන්න කට්ටියටත් මේකම තමා කියන්න තියෙන්නේ. (නි)

:       0       0

සමරසිංහ Tuesday, 08 March 2016 06:15 AM

වන්නිලැ අැත්තො, ඔබතුමාට තේරෙන දේ අපේ සමහර නායක අැත්තන්ට තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

ෂෙහාන් Monday, 07 March 2016 09:58 PM

ඔබතුමා සියැටල් පරපුරේ දාර්ශනිකයෙක්... (නි)

:       0       0

නිල්හාන් Monday, 07 March 2016 10:11 PM

හික්මීමක් ඇතුව කළ ලස්සන කතාවක්. ඔවුන්ගේ ජීවිකාව කරගෙන යන්න ඉඩහැරිය යුතුයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 March 2016 01:21 AM

ආදීවාසින් වන ඔබට ආඩම්බර වියහැකියි. මක්නිසාද ඔබ තවමත් අපට ඉදිරියෙන් සිතන නිසාය. තවමත් හරි හෝ වැරදි හෝ ඔබගේ සිරිත් විරිත් තවමත් ආරක්ෂා කරගනිමින් රැකගනිමින් මේ ගමන යන නිසාය (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 08 March 2016 03:05 AM

පරිසරයට අවංකවම ආදරය කරන ඇත්තෝ ජීවත්වෙන්නේ කැලයේ. (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 08 March 2016 03:25 AM

ඔය පුටුවල ඉඳගෙන ඉන්න ටයි මහත්තුරුන්ටත් හොඳයි මේවා අහන එක (නි)

:       0       0

සෙනරත් Tuesday, 08 March 2016 03:26 AM

මෙතුමාට ආරාධනා කිරීම ඉතාම හොද වැඩක් (හේ)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 08 March 2016 04:12 AM

ඩී උපුල් ,තමා කව්රු වුනත් ඒ තුමාගේ දේශනයට සවන් දුන්නා නම් එය මොනතරම් වටිනවද කියා සිතේවි ,මොකද වනන්තරේ ජීවත්වෙන ,නිසි අධ්‍යාපනයක් ලබා නැති මුත් අද උගතුන් කියා සිතන නුඹලා වැනි අඳ බාලයන්ට මෙතුල උකහා ගන්න බොහෝදෙ ඇත ,කරුණාකර ඔය නිවට නියාලු අධම ගති ඉවත් කරලා මිනිසුන්ට ගරුකරන්න ඉගන ගන්න (බ)

:       0       0

ඩී.උපුල් Monday, 07 March 2016 02:34 PM

ඇත්තටම වැද්දෝ හොඳයි උගත් යැයි කියාගන්න අයට වැඩිය.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 08 March 2016 04:32 AM

අද නවීන ලෝකයට හැඩගැසෙන අවදියක අපේ ඉපැරණි දේවල් යම්තාක් දුරට ආරක්ශාවෙලා තියෙන්නේ අපේ ආදිවාසි පරපුර නිසයි.මෙතුමන්ලා රටේ ලෝකේ වෙන දේවල් දැන නොගත්ත තරමට අපේ ඒ ඉපැරණි ක්‍රමවේදයන්ගේ පැවැත්ම සාදාතනික වන බවයි මගේ නම් හැගීම.(හේ)

:       0       0

ජයලත් Monday, 07 March 2016 03:22 PM

මේ මනුස්සයාගේ කතාව මොන තරම් වටිනවද (බ)

:       0       0

උපුල් විජේබණ්ඩාර Tuesday, 08 March 2016 04:36 AM

හරියටම හරි නායක තුමනි, අද උගත්තු කියලා කියන්නේ මොනවා හරි දැනගෙන් ගත්තම, නමුත් මිනිසා පරිසරය හා මරෙන ටික කාලෙට ජීවත් වෙන හට දන්නේ නෑ, (හේ)

:       0       0

මහින්ද සෞදි Monday, 07 March 2016 03:39 PM

එතුමාගේ කතාව ඇසුවාම ආදී වාසියො අපිද කියල මටම සිතුන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site