IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දියණිය අරන් රෝහලෙන් යද්දී ලොතරැයියක් ඇදිලා

තම දියණිය පිළිකාව පරාජයට පත්කිරීමෙන් දවසකට පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ලොතරැයියක් ජයග්‍රහණය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇමෙරිකාවේ ලේක්ලන්ඞ් නගරයේ ජෙරල්ඩීන් ගිම්බ්ලට් ඇය ඉතිරි කරගත් සියලු දේ තම දියණියගේ පිළිකාව සනීප කිරීම සඳහා වියදම් කර තිබේ.ගිම්බ්ලට් තම දියණියගේ අවසන් ප්‍රතිකාර වටය ලබා දී ඇයව නිවස බලා රැගෙන යන අවස්ථාවේ ඉන්ධන පිරවුම් හලකට ගොඩ වැදී ඇති අතර එහි තිබූ අවසාන ලොතරැයිය ජෙරල්ඩීන් මිලදී ගෙන ඇත.

ජෙරල්ඩීන් මිලදී ගත් එම ලොතරැයියට ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක ත්‍යාගයක් හිමිව තිබේ.මෙම පුවත පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වී ඇති අතර තම දරුවන් වෙනුවෙන් සියලු දේ කැපකරන දෙමාපියන් සියලු දෙනාට මෙවැනි ලොතරැයි ත්‍යාග ලැබිය යුතු බව එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සටහනක් ද තබා ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)



අදහස් (4)

දියණිය අරන් රෝහලෙන් යද්දී ලොතරැයියක් ඇදිලා

Bunny Preena Wednesday, 12 April 2023 09:25 AM

තම දියණිය වෙනුවෙන් එය සතුව තිබූ මුළු සේසතම වියදම් කළ උදාර මවක්... නියම අම්මා කෙනෙකුගේ ආදරය මෙතෙකයි කියලා මනින්න අමාරුයි... වාසනාවන්ත පවුලක්...

:       0       0

E m Wijeyekoon Wednesday, 12 April 2023 12:44 PM

ගොඩක් හොඳයි...

:       0       2

sanath Wednesday, 12 April 2023 02:53 PM

හැමෝටම නරක කාල, හොඳ කාල එනවා. මේ අම්මාගෙත් දුක් වින්ද කාලය ඉවර වෙන්නැති...

:       0       0

Bamunuarachchi Thursday, 13 April 2023 11:33 AM

ලංකාවේත් ලෙඩ්ඩු අරන් ත්‍රීවිලර්වල යනකොට ලොතරැයි ඇදෙනවා. ඒ ඇදුණාම එක්කෝ ඉස්පිරිතාලේ... නැතිනම් මෝචරියේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 481 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site