IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිඹුලාගල /වැලිකන්දේ වතුරේ වස

පොළොන්නරුව  දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස වල  ක්‍රියාත්මක පානිය ජල ව්‍යාපෘති රැසක ආසනික් හා  කැඩ්මියම් අඩංගු බව  පරීක්ෂණයකින් හෙළිවී තිබේ.

වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ජල සම්පාදන  මණ්ඩලයේ  ජ්‍යෙෂ්ඨ  රසායනඥ ඩී වී කේ  විජේකෝන්  මහතා විසින්  එම  පරීක්ෂණ වාර්තාව වැලිකන්ද දිඹුලාගල  ගම නැඟුම  ක්ෂේත්‍ර  මෙහෙයුම්  ඒකකයට භාර දුන්නේය.

ජල සම්පාදන මණ්ඩලයේ  රසායන හා ක්ෂුද්‍ර ජීවී විද්‍යා රසායනාගාර මගින් නිකුත් කැර ඇති  එම පරීක්ෂණ වාර්තාවට අනුව දිඹුලාගල  පිඹුරත්තෑව,නිකවනලන්ද ,ජයපුර,නව මිල්ලාන,සඳුන්පිටිය,නවගහ ඇල,මුතුවැල්ල,වෙහෙරගම,කැකුළුවෙල,ජයමුතුගම,අළුත් ඔය,මලියදේවපුර,යන ප්‍රදේශයන්හි  පිහිටා ඇති ජල මුලාශ්‍ර  ආසනික් 1.38 සහ උපරිමය 2.56 අතර  ප්‍රමාණ අගයක් ද කැඩ්මියම් 0.03 සහ 0.07 අතර අගයක් ද  පැවත තිබු බව තහවුරු වී ඇත.

මීට අමතරව මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම,වැලිකන්ද කොට්ඨාශයේ කඩවන මඩුව ,රුහුණු කෙත ,ඇතුගල ,කුඩා පොකුණ හා සිංහපුර ප්‍රදේශවල ඇති පානීය ජල ව්‍යාපෘති වලද  ඉහත ප්‍රමාණ අගයන්ගෙන්  ආසනික් හා කැඩ්මියම්  ඇති බවට එම පර්යේෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රසායන විද්‍යා පරීක්ෂකයෝ කියති.

 



අදහස් (0)

දිඹුලාගල /වැලිකන්දේ වතුරේ වස

ජීවක Sunday, 29 December 2013 05:17 PM

මේ මොනවා කියනවද මන්ද . වහාම පරීක්ෂණ වාර්තාව ඉක්මන් කරන්න(දිල්)

:       0       0

සත්‍යයා Sunday, 29 December 2013 09:31 PM

පරීක්ෂණ තියයි වාර්තා ලියයි. මිනිස්සුත් දිගටම වස මුසු ජලය පානය කොට අකාලයේ මිය යති.(නදී)

:       0       0

සරණ Sunday, 29 December 2013 01:34 PM

මේ පැතිවල කෘෂි රසායන පාවිච්චිය කොහොමද? ජලයට මේ වගේ දේවල් එකතු වෙන්න පුලුවන් මිනිසාගේ ක්‍රියා නිසා.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 01:48 PM

හොඳ ගොවි පරපුරක් සිටින ඒ පැතිවල මිනිසුන්ගේ ආරක්ෂාවට ඉක්මනින් යමක් කරන්න. (නදී)

:       0       0

චින්තා Sunday, 29 December 2013 02:28 PM

මේක කොටි කරපු වැඩක් වෙන්න බැරිද. මට මතකයි ජලාශ වලට වස මුසු කරනවා කියල කතාවක් ගීයා. යුද්දේ තිබ්බ කාලෙ කෘෂි රසායන පාවිච්චිය වෙන්නත් පුළුවන් බොහෝ දුරට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site