IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දම්වැලකින් බැඳගෙන උපවාසයේ

බදුරලිය රෝහල දින පහකට පසු විවෘත කැර ඇතැත් වෛද්‍යවරුන් නැතැයි ප්‍රදේශවාසීහු කියති.ප්‍රතිකාර ද නොකෙරේ.

රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද දෙවැනි දිනටත් පවත්වන උපවාසයට ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා ද එක් විය.

දෙදෙනාම ලොරියකට සම්බන්ධ කළ යකඩ දම්වැලකින් අත් බැඳගෙන සිටිති.

උපවාසය කඩා කප්පල් කීරීමට උත්සාහා දරන පිරිසක් ඔවුන් වේදිකාවෙන් ඉවත්කරතියි බියෙන් එසේ බැඳගෙන උපවාස කරති.

පෙර දින තෙවරප්පෙරුම මහතාගේ රියට කිසියම් පිරිසක් පහරදී හානි සිදු කැර තිබිණී.

මේ අතර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පවසනුයේ රෝහලේ ප්‍රතිකාර ඇරැඹිම ගැන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බවයි.



අදහස් (0)

දම්වැලකින් බැඳගෙන උපවාසයේ

ලුම්බිණි Friday, 27 December 2013 05:52 AM

මොකද මන්ත්‍රී තුමා බාගෙට ඇඳගෙන ඉන්නේ? ප්‍රශ්න විසඳන්නේ මේ ආකාරයටද? දොස්තරලා යන්න ගියේ මොකටද? හැම කෙනාම තමන්ගේ බලය පෙන්නලා ප්‍රශ්න විසඳන්න හදන යුගයක් මේක. (නදී)

:       0       0

කැනඩා දිසා Friday, 27 December 2013 06:35 AM

මෙන්න මේ වගේ එකතු වෙනව නම් අද ලොකු උන්දලාගේ පස්සට පත්තු තමයි බදින්න වෙන්නේ. (නදී)

:       0       0

මුණසිංහ Friday, 27 December 2013 07:34 AM

ඔය අය ඉවත් කරන්න හරි ලේසියි. (අ)

:       0       0

රම්ස්‍යා Friday, 27 December 2013 08:58 AM

බදුරලිය රෝහලේ බෙහෙත් නැති එකට සහ අඩුපහසුකම් ගැන මේ චන්ඩි එකෙක්වත් වචනයක් කතාකලේ නැහැ. (අ)

:       0       0

නලින් Thursday, 26 December 2013 12:48 PM

මල කෝලන්.(නදී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Thursday, 26 December 2013 12:49 PM

දම්වැලකින් නෙමේ ලණුවකින් බැඳගත්තත් ඕව වෙන වැඩ නෙමේ. නීතිය ස්ථාපිත කරන්න. නීතිය සැමටම සාධාරණ කරන්න.(නදි)

:       0       0

කුමාරි Thursday, 26 December 2013 12:55 PM

චේතනා පරිසුද්ද වේනම් ඔය සටන් පරදින්නේ නෑ.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 26 December 2013 12:57 PM

ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලිව පෙනෙද්දී අනවශ්‍ය කරදර ඇතිකර ප්‍රසිද්ද වීමට දරණ උත්සාහයක්ද මේ? (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 26 December 2013 01:04 PM

දැන් ඉතින් උපවාසය නවත්වන්න. කට්ටිය නත්තලට නිමාඩු ගිහින්. ඉක්මනින් එයි.(නදී)

:       0       0

චන්දරේ Thursday, 26 December 2013 03:46 PM

නව රෝහල් ඇතිකළ යුතුව තිබියදී ,තිබුන ඒවත් වහන්න හදන්නේ මොකද කෝ මේ බලධාරීන් ,(දිල්)

:       0       0

රන්ජිත් Friday, 27 December 2013 09:25 PM

බස්නාහිර, දකුණ පළාත්සභා ඉදිරියේදී විසුරුවා හරිනවා.ඉතිරිටික හිතාගන්න පුළුවන්නේ. (අ)

:       0       0

දිලන්ත Thursday, 26 December 2013 03:59 PM

චේතනාව මොකක්ද කියන්නේ දන්නේ නැහැ හැබැයි අවංකව කරනවානම් හොදයි (දිල්)

:       0       0

ජාගුරු Thursday, 26 December 2013 04:11 PM

මේකේ හේතුව මොකක්ද?පැහැදිලි කරලා දෙන්න (දිල්)

:       0       0

ස්ටැන්ලි Thursday, 26 December 2013 05:44 PM

කරන්න දේවල් මෙච්චර තිබියදී ප්‍රචාරය ලබාගන්න කරන වැඩ මේවා. දම්වැල නම් ගැලපෙනවා. (දිල්)

:       0       0

පබා Thursday, 26 December 2013 05:55 PM

මීට වැඩ හොද නැද්ද වෙන විකල්පයකට ගියා නම් (දිල්)

:       0       0

සුමංගල ඇල්පිටිය Thursday, 26 December 2013 07:03 PM

අනේ මන්දා ඉස්පිරිතාලෙත් වහලා ,කලන්තයක්වත් හැදුනොත්?(දිල්)

:       0       0

බුලත්සිංහල Thursday, 26 December 2013 08:18 PM

මේවගේ උද්ඝෝෂණය නොකර අපි මොනවා කරන්නද අපි සහයෝගය දෙනවා (දිල්)

:       0       0

වීර Thursday, 26 December 2013 08:58 PM

ඔය කියන පුද්ගලයා කවුදැයි අපිට හොඳට මතකයි.(දිල්)

:       0       0

අමිත් Thursday, 26 December 2013 09:27 PM

මේ වගේ උපවාස අපිට හොඳට මතකයි.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 26 December 2013 10:07 PM

බලු දම්වැලක්ම තෝරා ගත්තේ ඇයි? තර්ජනය කරන්නේ එක අයෙක්. දුක් විදින්නේ තවත් අය, ලකුනු දාගන්නේ තවත් අය.(නදී)

:       0       0

මහින්ද වික්‍රමසිංහ Thursday, 26 December 2013 11:01 PM

රෝහලක් පොදු දේපලක් එහි කාර්ය මණ්ඩලයට ඕන ඕන විදියට වහනවානම් ඒ සියලුම දෙනාට ස්ථාන මාරු දී වෙනත් කාර්ය මණ්ඩලයක් පත්කළ යුතු වෙනවා. නමුත් විෂයබාර ඇමති තුමා මේ සම්බන්දව කිසිම ප්‍රකාශයක් හෝ පියවරක් ගෙන නැති බව වැටහෙනවා. මෙම රෝහල ඔය අමාත්‍යංශයට අයිති නැද්ද? (නදී)

:       0       0

ධම්ම Thursday, 26 December 2013 11:04 PM

බලන්න 'ලෙමන් පෆ්' හෙම ළඟ තියෙනවද කියලා.(නදී)

:       0       0

සේනානායක Friday, 27 December 2013 12:10 AM

මේ වගේ දෙයකින් හරි මීළඟ ඡන්දයට මනාප ටිකක් එක්කාසු කරගන්න ඕනේ.(නදී)

:       0       0

දාස් Friday, 27 December 2013 01:28 AM

වීර ඇයි අපිටත් දැනගන්න මතක් කරලා දෙන්න බැරි.(නදී)

:       0       0

නුවන් මංගල Friday, 27 December 2013 03:09 AM

දේශපාලන වාසි ගන්න කරන කුහක උත්සහයක්. එහෙම නොවේ නම නැතුව බැනර් දාන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site