IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්වැටි නිවාරණ ජගත් සම්මානය රාජිතට

දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට හිමි විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට සේනාරත්න මහතා කළ කාර්ය භාරය ඇගයීමට ලක්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මානය පිරිනැමීය.

එම සම්මානය සේනාරත්න මහතාට භාර දීමේ උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනාම් කේත්‍රාපල් සිංගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

DSC_7002 (1) (Copy)



අදහස් (0)

දුම්වැටි නිවාරණ ජගත් සම්මානය රාජිතට

ලියොන් ගුනවර්දන Tuesday, 08 December 2015 12:23 PM

දුම් වැටී නිවාරණ සඳහා ජගත් සෞඛ්‍ය සංවිධානය පුදනු ලබන සම්මානය අප සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිඳුන්ට ලැබීම රටටම ආඩම්බරයක් වුවත් දුම් වැටියට වඩා මහා විනයක් කරනු ලබන මත් කුඩු ජාවාරම මැඩලීමට ගනු ලබන රජයේ මන්ද ගාමී ප්‍රතිපත්තිය නම් කිසිසේත් අනුමත කල නොහැක. (ර)

:       0       0

මාධවී Tuesday, 08 December 2015 05:56 AM

මෙනවද කළේ මෙහෙම සම්මානයක් ගන්න? (ම)

:       0       0

වසන්ජය Tuesday, 08 December 2015 06:26 AM

ඔය ගැන ජනාධිපතිතුමාත් ගොඩක් වෙහෙසුණා නේද? (නි)

:       0       0

රත්න Tuesday, 08 December 2015 06:34 AM

ඒත් දුම්වැටි මත්ද්‍රව්‍ය වල අඩුවීමක් නම් අපිට පෙනෙන්න නැහැ (නි)

:       0       0

රම්සි Tuesday, 08 December 2015 01:41 PM

අපේ පොලිසිය කිසිම හෝඩුවාවක් නොතිබූ වාස් ගුණවර්ධන කේස් එකේ ඔක්කොම ඇල්ලුවා. ගමේ හැම එකාම දන්නා කසිප්පු මුදලාලි, කුඩු බිස්නස් කාරය, අල්ලගන්න බැහැ. (බ)

:       0       0

රෙක්ස් Tuesday, 08 December 2015 01:41 PM

බම්බුවක් කතා කරනවා. ඔච්චර රුදාවනම් මොකද ඕක තහනම් කරන්න බැරි. අඩුගානේ පරදින්න හරි ඔය දේශපාලකයෝ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යෝජනාවක් වත් ගෙනාවද? (බ)

:       0       0

ලක්විදු Tuesday, 08 December 2015 08:22 AM

මේකනම් මට ලෝක විහිළුවක්. ලංකාවේ අපිනම් මෙයා කරපු ඉටිගෙඩියක් දන්නේ නැහැ. මෙයා ඔය වැඩේ කරලා තියෙන්නේ වෙන රටකද දන්නේ නැහැ. (අ)

:       0       0

සුජී Wednesday, 09 December 2015 09:28 AM

මේකනම් ලොකුම විහිළුවක්. ලංකාවේ අපිනම් මෙයා කරපු ඉටිගෙඩියක් දන්නේ නැහැ. මෙයාට ලොකුම බොරු කියන සම්මානයනම් දෙන්න වටිනවා, l (බ)

:       0       0

හිමාල් Tuesday, 08 December 2015 08:37 AM

ලංකාවේ සෞඛ්‍ය සේවයට ලැබුණ සම්මානය රට වෙනුවෙන් ඇමතිවරයා ගත් බවයි නිවැරදි සිදුවීම.(ම)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 08 December 2015 08:07 PM

එතකොට දැන් ලංකාවේ බීඩි, සිගරැට්, සුරුට්ටු ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සුමිත් Tuesday, 08 December 2015 08:19 PM

මෙය ලබාගන්න ඔහු කළ සේවය ගැන අපිට දැනගන්න පුලුවන්ද? (නි)

:       0       0

රම්සි Wednesday, 09 December 2015 09:57 AM

අනේ පව්, අපේ ගමේ හිටපු සිගරට් මුදලාලි කන්න නැතුව බඩගින්නේ මලා ඔය වැඩෙන් පස්සේ. (බ)

:       0       0

දිනේෂ් Wednesday, 09 December 2015 12:10 AM

මම ජනාධිපතිතුමාගේ හැම ක්‍රියාවක්ම අනුමත නොකරමි. නමුත් මේ දුම්වැටි නිවාරණ ක්‍රියාදාමය එතුමාගේ වැඩක් බව මම දනිමි. (නි)

:       0       0

බමුණුසේන Wednesday, 09 December 2015 03:28 AM

මට නම් මේක හීනයක් වගෙයි (නි)

:       0       0

රාජපක්ෂ Wednesday, 09 December 2015 04:12 AM

මතින්තොර රටක් හදන්න ඔයතරම් උවමනාවක් තියෙනවා නම් තහනම්ම කරන්න තිබුණනේ. මේ වෙනකොට ලංකාවේ කී දෙනෙක් මැරෙනවද ඕවා නිසා? පවුල් කීයක් විනාශ වෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site