IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රියේ හොරෙන් ගියොත් 5000ක් දඩ

ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 5000 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් දඩ මුදල් ලෙස අයකරගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මෙම නීතිය 2016 වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ආරංචි කියයි.



අදහස් (0)

දුම්රියේ හොරෙන් ගියොත් 5000ක් දඩ

වසන්ජය Tuesday, 08 December 2015 06:12 AM

හිර ගෙවල් වල කාමරත් වැඩි කරන්න (බ)

:       0       0

දිල්කි Tuesday, 08 December 2015 06:22 AM

ඇත්ත වශයෙන්ම ටිකට් නොමැතිව බහුතරයක් ගමන් ගන්නවා. දුම්රිය් ස්ථාන වලට යන සාමාන්‍ය මාර්ගයෙන් පිටතින් ඔවුන් බැසයන්නේ. ඔවුන්ව අල්ලාගන්න වයසක පරීක්ෂකවරුන්ට බැහැ. ටිකට්පතේ වැදිලා තිබෙන දින මුද්‍රාව පවා ඔවුන්ට පෙන්නේ නැහැ. නියමිත මුදල් ගෙවා ටිකට් ගත් අය පවා පරණ දිනයක් ගත් ටිකට් එකක් කියලා වැරදි චෝදනා කර දඩ කොළ ලියන අවස්ථා තිබෙනවා. මඟීන් අසරණයි. (නි)

:       0       0

උපුල් Tuesday, 08 December 2015 06:43 AM

දඩ වලින්ම අයවැය හිඟය පියවන්න හදනවාද කියලා හිතෙනවා අපිට (නි)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Tuesday, 08 December 2015 06:39 AM

දඩ ගහන්න කලින් දුම්රිය සේවය කාර්යක්ෂම සේවයක් කරන්න. නිතරම පීලි පනින කැඩෙන දුම්රිය මැදිරි වෙනුවට අලුත් ඒවා ගන්න. අනික දොරවල් වහගෙන යන්න පුළුවන් ඒවා. ජනතාව දුම්රිය ගොඩක් පාවිච්චි කරනවානේ (නි)

:       0       0

සමන් Tuesday, 08 December 2015 06:42 AM

දුම්රිය ගාස්තු අනිවාර්යයෙන් වැඩි කළයුතුය. අවම ගාස්තුව 20ක්වත් වියයුතුය. දුම්රිය ගමනාගමනයද ක්‍රමවත් කළයුතුය. (නි)

:       0       0

ජනක Tuesday, 08 December 2015 06:48 AM

අපේ රටේ තරුණ ජවය මෙවැනි රැකියා වලට ගත යුතුයි. අපේ තරුණ ශ්‍රමය අපරාදේ ත්‍රීවීලර් වලට යටවෙලා. (ම)

:       0       0

මනෝජ් Tuesday, 08 December 2015 06:56 AM

පරණ ටිකට් පත වෙනුවට නව ටිකට් පතක් හදුන්වා දෙනවනම් හොදයි. ඒ වගේම අතේ තියන හැම බග් එකක් තියල සීට් අල්ලන් ඉන්න අයටත් දඩුවමක් දෙනවනම් අනිත් මගීන්ට සහනයක්. (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 08 December 2015 07:36 AM

දඩේ පන්දහයි ගමන් ගාස්තුව වගේ දෙගුණයකුත් ගහනවනලු , එතකොට දඩ දෙකයිනේ එතකොට මේවට කියන්න වෙන්නේ හයිබ්‍රිඩ් දඩ කියලද ? (බ)

:       0       0

නිධන් ලක්ෂ්මන් Tuesday, 08 December 2015 08:14 AM

දුම්රියන් ඇතුලේ ෆොනේ කොට කොට අනිත් අයට කරදර විදියට පිටේ හේත්තුවෙලා යන අයට මොනවා හරි කරන්න. දුම්රියේ දඩ මුදල වැඩි කිරීම අසාධාරණයි. හදිස්සියකදී දුම්රියේදී පික් පොකට් ගැහුවොත් ගහෙන් වැටුන එකාට ගොනා අන්න වගේ දඩ ගෙවන්නත් සිදු වෙනවා. යහ පාලනය නමින් එන යම පාලනය ජනතාව සූරා කන්න හදන හැටි හොඳට පේනවා (අ)

:       0       0

චින්තක Tuesday, 08 December 2015 08:37 AM

දඩ දඩ ගහනවා විතරයි හොරෙන් යන මිනිස්සුන්ව අල්ලගන්න, 2 පන්තියෙ 3 පන්තියේ ටිකට් අරන් යන මිනිස්සුන්ව අල්ලන්න හරියට විදිමත් ක්‍රමයක් සකස් කරන්න. (ම)

:       0       0

ඇන්ටන් Tuesday, 08 December 2015 09:12 AM

තවම වෙනස් නොවේ. දුම්රිය ටිකට් පත පමණයි දිනය සහ ගමනාන්තය පැහැදිලිව සටහන් වුණ ටිකට් පතක් අවශ්‍යයි (ම)

:       0       0

විපුල Tuesday, 08 December 2015 09:18 AM

දඩ ගහන එක හොදයි එසේම ටිකට් දෙන එකත් කාර්යක්ෂම කරන්න ඕනේ. අලුත් දුම්රිය පටන් ගන්න. යහපාලනයෙන් දුම්රියට තාම සංවර්ධනයක් කළේ නැහැ (බ)

:       0       0

දිල්කි Tuesday, 08 December 2015 09:27 AM

දුම්රිය සේවයේත් ඉහල පුටු වල සිටින ගතානුගතික හණමිටි අදහස් දරන වයසක උදවිය ඉවත්වයනතාක් මේ සේවයේ සැලකිය යුතු වෙනසක් දැකිය නොහැකිය. තරුණ කිසිවෙකුටත් නිසි ලෙස කටයුතු කිරීමට ඔවුන් ඉඩ නොදේ. දුරකථන ඔස්සේ නව අදහස් දැක්වීමට දරන ප්‍රතිචාර වලින් අපටද ඒ බව ගම්‍ය වනවා. (ර)

:       0       0

සරණ Tuesday, 08 December 2015 09:27 AM

ගොඩක් දුම්රිය ස්ථාන වල දුම්රියේ හා පදික වේදිකා අතර ලොකු පරතර තියෙනවා. ඒ නිසා ගොඩක් මගින් අපහසු තාවයන්වලට ලක් වෙනවා. සමහරක් වෙලාවට මෙනිසා තමන් ලග තියෙන දේවල් බිමට වැටිමේ අවදානම ගොඩක් තියෙනවා මමද එයට ලක් වුයෙමි. ගොඩක් දුම්රිය ස්ථාන වල දිග ප්‍රමාණවත් මදි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site