(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මීනගයා දුම්රියයේ වැසිකිළිය තුළ බිලිඳු දරුවා දමා ගිය තරුණ පෙම්වතුන් යුවළ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි
ඔවුන් දෙදෙනාටම වයස අවුරුදු 26 කි
මඩකලපුව දක්වා පිටත්ව යාමට සූදානම් තිබූ මීනගයා දුම්රියේ වැසිකිළියක් තුල නිල් පාට කූඩයක දමා බිළිඳා දමා ගොස් තිබියදී මගින් ලබා දුන් තොරතුරක් අනුව දුම්රිය බලධාරීන් විසින් ඊයේ (10) රාත්‍රිෙය් සොයා ගැනිණි
අත්අඩංගුවට ගත් තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාව නිරත වී ඇති අතර තරුණියට දරුවකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇය කොළඹට ගෙන්වා ගෙන නතර කිරීමට කටයුතු කර ඇත
සැකකාර තරුණියට ඉකුත් පසුගිය මස 25 වැනි දින මෙම දරුවා ලැබී ඇති අතර පසුව දරුවා ඊයේ රාත්‍රී මෙලෙස දමා ගොස් තිබිණි
බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද ප්‍රදේශවලදී සැකකාර තරුණයා සහ තරුණිය අත්අඩංගුවට ගෙන තිබිණි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රිය වැසිකිළියේ බිළිඳා දමා ගිය යුවල අත්අඩංගුවට
චන්දන Saturday, 11 March 2023 08:18 PM
දරුවාට බරපතළ හානියක් නොකර මේ තත්ත්වයේ පැවතීම එක පැත්තකින් හොඳයි. නමුත් මෙතන මව පියා දෙන්නම බරපතල සමාජ ගැටළු රාශියකට මුහුණ දීල ඉන්න බව පේනවා.
Lalla Saturday, 11 March 2023 10:32 PM
දරුකමට හදාගන්න කැමති දරුවන් නැති අය ඕන තරම් ඉදිරියට එයි. නීත්‍යානුකූලව ඉක්මනට දෙන්න.