IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන් වාර 100ක් අවලංගුයි

(යොහාන් භාසුර)

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ (6) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය රියදුරු වැඩවර්ජනය අද පස්වරුව දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙන් පස්වරුවේ කාර්යාල සේවකයන් ඇතුළුව දිනය අවසන් කර නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

සියලුම දුම්රිය මාර්ගවල සිට අද පෙරවරුවේ පිට පළාත්වලින් දුම්රිය කොළඹට පැමිණිය ද පස්වරුවේ එම දුම්රිය රැසක් කොළඹින් පිටත් නොවීමෙන් මගී ජනතාව අපහසුතාවට පත්වූහ.

කෙසේ වෙතත් අද පෙවරුවේ ද දුම්රිය ගමන් වාර 30 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවිය.

රාත්‍රී තැපැල් දුම්රිය සහ දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය පරිදි අද රාත්‍රී ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රකාශයෙක් පැවසුවේ බලධාරීන් සිය ඉල්ලීම්වලට අවධානය යොමු නොකරන්නේ නම් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.  

දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මහතා පැවසුවේ දුම්රිය රියදුරන්ට සාකච්ඡාවක් දී තිබියදී මෙම වර්ජනය ක්‍රියාත්මක කළ බවය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (0)

දුම්රිය රියදුරු වර්ජනයෙන් ගමන් වාර 100ක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site