කොළඹ කොටුව සිට මහව හා ගනේවත්ත බලා අද (20) පස්වරුවේ ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය දෙකේ රාජකාරි කිරීම ප්‍රතික්ෂේප කරන බව දුම්රිය රියදුරෝ කියති.
අලව්වේ දී අද (20) උදේ මහව දුම්රියේ රියදුරුට මගීන් පිරිසක් පහරදීමට විරෝධය දැක්වීමක් වශයෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බව රියදුරු සංගමය පවසයි.
2025 දෙසැම්බර් මස 18
481
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය රියදුරනට බැරිලු
ඉන්දික Tuesday, 20 May 2014 07:39 PM
දිසානායක, මෙච්චර කල් නොතිබුණු ප්‍රශ්නයක් එකපාරටම ආවේ කොහොමද? එකකට යන්න පුළුවන් නම් මේකට විතරක් යන්න බැරි ඇයි? දුම්රියේ යන්නේ නැති අය එක එක කතා කියනවා. ඒත් යන මිනිස්සු දන්නවා ඇත්ත. (නි)
නිශාන්ත Tuesday, 20 May 2014 02:23 PM
බැරිනම් රටට පවු නොදි අයින් වෙලා යන්න. ඔයිට වඩා වැඩකාරයො එලියේ ඕන තරම් ඉන්නවා. හමුදාවේ කොල්ලො ඕන තරම් ඉන්නවා දවස් පහෙන් නියමෙට වැඩේ කරයි. (ස)
සනත් Tuesday, 20 May 2014 02:44 PM
එතකොට මගීන්ට ගහපු එකට මොකද කරන්නේ..මෙරට අයාලේ යන්නේඕනි ඕනි දේ කරනවා මිනිස්සු (දිල්)
රංජිත් සිල්වා Tuesday, 20 May 2014 03:27 PM
නිව්ටන් ගේ තුන්වැනි නියමය, සෑම ක්‍රියාවකට සමාන සහ ප්‍රතිවිරුද්ද ක්‍රියාවක් ඇත. මෙන්න සාක්කි. (නදී)
හරීන් Tuesday, 20 May 2014 03:46 PM
අනේ අයියලා පඩියත් එපා කියන්නකෝ වැඩක් නොකර ස්ට්‍රයික් කර කර ඉදල පඩි ගන්න එක හරි නැහැනේ කියල කියන්නකෝ. (නදී)
සුනෙත් Tuesday, 20 May 2014 11:10 PM
මේ වගේ බැරි බැරියාවන්ට බෙහෙත් තිබුණා අපේ ප්‍රේමදාස මහත්තයා ළඟ (නි)
සේනාධීර Tuesday, 20 May 2014 11:14 PM
මෙයාලා මේ ලොකුකම් කතා කරන්නේ රාජ්‍ය සේවයේ තිබෙන වරප්‍රසාද නිසානේ. (නි)
ගුණවර්ධන Tuesday, 20 May 2014 04:12 PM
ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඔවුන් වැරදි නැහැ (නි)
දිසානායක Tuesday, 20 May 2014 04:12 PM
නිශාන්ත වගේ මේ ප්‍රශ්න නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි බහුතරයක් දුම්රිය රියදුරන්ට මෙහි වරද පටවයි.මේ රියදුරන්ට නියමිත වේගයෙන් ගමන් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමට,අඩුපාඩු නිවැරදි කිරීමට පාලකයන්ට බල කිරීම වෙනුවට රියදුරන්න්ට පහරදීම කෙතරම් සාධාරණද? (නි)
රන්ජිත් Tuesday, 20 May 2014 04:23 PM
වර්ජනයෙන් කෙරෙන්නේ මඟීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් (නි)
විමල් Tuesday, 20 May 2014 04:25 PM
අපි දකින්නේ මෙය පරිපාලනයේ වැරැද්දක් කියාය. දුම්රිය රියදුරන්ට ගහන චණ්ඩින්ව අත්අඩංගුවට නොගන්නේ මන්ද? ඉදිරියට ලොකු වර්ජනයකට මුහුණ දෙන්න වේවි වගේ (නි)
අහිංසා Tuesday, 20 May 2014 04:37 PM
ඔය කියන රියදුරන් සේවයෙන් ඉවත් වුණා කියලා දුම්රිය නවතියි කියලා හිතනවා නම් ඒක මහා මෝඩ අදහසක්. අවංකවම කියන්න ඇයි දුම්රිය නියමිත වෙලාවට ගෙනියන්න බැරි කියලා.කවුරු නිසාද කියලා. (නි)
අරවින්ද Tuesday, 20 May 2014 05:17 PM
මේ මිනිස්සු පඩි ගන්නේ අපෙන්.ඕවාට වැරදිකාරයො අපිද? හමුදාවට දෙන්නයි තියෙන්නේ (නි)
කාල් Wednesday, 21 May 2014 07:15 AM
දැන් ඉන්න රියදුරන් ගොඩ දෙනෙක් ඉස්සර පන්දමෙන් ආපු උදවිය. මේ ක්ෂේත්‍රයට එන්න හුඟ දෙනෙක් ආසාවෙන් ඉන්නවා නරකද හොඳ පුහුණුවක් දීල ඒ අයව සේවයට බඳවා ගත්තොත්.(නදී)