කොළඹ සිට පිට පළාත් වලටත් පිට පළාත්වල සිට කොළඹටත් අද (8)රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය අටක් අවලංගු කළ බව දුම්රිය පාලනඅධිකාරිය කියයි.
අද (8) රාත්‍රියේ සිට ඇරැඹීමට නියමිත දුම්රිය රියදුරු නියාමක,ස්ථානාධිපති,පාලක සහ අධික්ෂණ කළමනාකරුවන්ගේ වර්ජනය මීට හේතුවයි.
රියදුරන් ටික දෙනකු වර්ජනයට නැතැයි ද දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය බ්‍රහස්පතින්දා කොට උඩ
විකි Wednesday, 08 October 2014 12:04 PM
හොදයි, වර්ජනය කරන කට්ටියගේ සේවය අත්හිටවන්න බැරිද ? කොහොමත් වැටුප ලැබෙන නිසා හොඳයි. වර්ජනයෙන් පීඩා විදින්නේ මගී ජනතාව. බලදාරීන්ට අවුලක් නැහැ. එයාලගේ පඩි ලැබෙනවා. වැඩ කලත් නොකලත්. මගේ නම් අදහස වර්ජනය කරන සියල්ලන්ට ගෙදර ඉන්න කියල වැඩ කරන්න කැමති අය ගත්ත නම් හරි. (නදී)
රිකාස් Wednesday, 08 October 2014 12:09 PM
වැඩ කරන්න බැරි අය ගෙදර යවන්න ක්‍රමයක් තිබුණා නම් නිකම්ම හැදෙනවා අපේ අය (නි)
වික්‍රම Wednesday, 08 October 2014 12:22 PM
අඩුම ගානේ වැඩ නොකරන දවසේ පඩිය කපන්න ක්‍රමයක් හරි යොදන්න. නිකන් හිටියත් පඩිය ලැබෙන නිසා තමයි මේ සේරම. ජනතාවගේ මුදලින්, ජනතාවටම විනකරන්නට ඉඩ නොදෙන්න...! (නි)
නන්දන Wednesday, 08 October 2014 12:22 PM
හැමදාම වැඩවර්ජන පමණි. ජනතාව මහමඟ අතරමං (නි)
උපාලි Thursday, 09 October 2014 12:01 AM
රජයේ දෙපාර්තමේන්තු වලින් වැඩිම ප්‍රතිලාභ දෙන ආයතනය මේකයි කියලා මං අහලා තියෙනවා. වැඩට යන්නේ නැතුවත් සති ගණන් අතිකාල ගන්නවා කියලා ඇමතිවරයෙක්ම කියලා තිබුනා. මීටවඩා මේක පුද්ගලික අංශයට දෙන එක හොඳයි කියලයි මට හිතෙන්නේ. (නි)
කුමාරි Wednesday, 08 October 2014 01:12 PM
මොණරා නටනකොට එයාගේ පසුපස එළියේ වගේ, මේක කරන අයට ඒකේ කැත ගතිය පෙනෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙපාර්තමේන්තුවක අනිත් කට්ටිය ගැන වෙන මොන කතාද? වර්ජනය දිගටම කරගන යන්න කියලයි මම නම් කියන්නේ. (නි)
වසන්ත Thursday, 09 October 2014 01:51 AM
මේ පාලකයන් වසර ගානක් තිස්සේ දුම්රිය සේවකයන් රවට්ටනවා. වර්ජනයකට යනකොට බොරු සාකච්ඡා තියල කල් මරනවා. දුම්රිය වර්ජනය සාදාරනයි. එ්ත් මේවගෙන් පීඩාවට පත්වන්නේ මාසේ සීසන් එක අරන් උදේ හවස කෝච්චියේ යන එන අපියි. කෝටි ගණන් මහජන මුදල් නාස්තිකරමින් බාල් නටනවා නඩ පිටින් ඇමති වරු පිරිවරාගෙන විදේශ සංචාර යනවා. මේ නාස්තිකරන මහජන මුදල් වලින් මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බැරි අැයි? අද මිනිස්සු කී දාහක් පාරේ අනාතද?මේවා කවදා තේරුම් අරන් නිසි විසඳුම් දේවිද? සැබෑ ජනතා හිතවාදී දේශපාලඥයන් නායකයන් කවදා බිහිවේද? ඒ කාලය උදාවෙනතෙක් ලංකාව කවදාවත් ඔලුව උස්සන්නේ නැහැ. එය රටේ අවාසනාවද මහජනයාගේ අවාසනාවද කියල මට වැටහෙන්නේ නැහැ. (නදී)
ජනක Wednesday, 08 October 2014 01:55 PM
කොන්ත්‍රාත් පදනමට සේවකයන් බඳවා ගත්තා නම් මෙහෙම සෙල්ලම් දාන්න එන්නේ නැහැ. (නි)
සිසිර කුමාර Wednesday, 08 October 2014 02:42 PM
කොහොමත් දුම්රිය අවුල් දැන් වැඩි නිසා පෞද්ගලීකරණය කළා නම් ඉවරයි (නි)
පුබුදු Wednesday, 08 October 2014 02:46 PM
මට නම් ගොඩක් දේවල් හිතෙනවා කියන්න. ඒත් මොකුත් නොකියාම ඉන්නවා (නි)
රන්මල් Wednesday, 08 October 2014 02:47 PM
දුම්රියක් යනකොටත් දැන් අපිට හිතන්නේ වර්ජනයක් කියලයි (නි)
දයාල් Wednesday, 08 October 2014 02:51 PM
ඉස්සර කතාවක් තිබුනා කැළණිවැලි දුම්රිය හරියටම වෙලාවට, (පස්වරු තුනට) දුම්රියපොළට ඇවිල්ලා කියලා. පස්සේ බලනකොට ඊයේ 3ට එන්න තිබුන දුම්රියලු (නි)
වික්‍රම Wednesday, 08 October 2014 03:00 PM
මේක එක්කෝ පෞද්ගලීකරණය කරන්න ඕනෑ. එතකොට ඔය සෙල්ලම් හරියන්නේ නැහැ, වැඩ නොකළොත් පඩි නැහැ. අනික හොඳ සේවයක් ලැබෙනවා නම්, ගණන වැඩි වුණත් කමක් නැහැනේ. (නි)