මාතර සිට කොළඹ බලා යන රජරට රැජිණ හා මහනුවර - මාතර අංක 872 දුම්රිය ගිංතොට ධර්මපාල විද්‍යාලය අසලදී එකම පීල්ලේ ගමන් කරද්දී අඩි 10ක පරතරයක් ඇතිව නතර කර ගැනීමට රියදුරෝ සමත් වූහ.
මින් මද වේලාවකට පෙර මෙම අනතුර වැළකී ගියේය. දුම්රිය මගියකු පැවසූයේ මහ අනතුරක් අනූ නවයෙන් බේරුණු බවයි.
එක් දුම්රියක් කලින් පැමිණෙනු දුටු ගේට්ටු මුරකරු ඈත තියාම කෑගසමින් රතු කොඩි වනමින් දුම්රිය අනතුර වැළැක්වූ බව දැනගන්නට ඇත. මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය.
ජායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්
වීඩියෝ - දේමුණි සම්පත්
2025 දෙසැම්බර් මස 18
592
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය දෙකක් එකම පීල්ලේ : මහ අනතුරක් ගිංතොටදී වැළකේ
දීපාල් නිරෝෂ් Friday, 29 January 2016 11:47 AM
දරුණු අනතුරක් වලක්වා ගත්තට ගේට්ටු මුරකරුට හා රියදුරන්ට ඇත්ත වශයෙන්ම උපහාර දිය යුතුයි, වැරදි කළ අයට දඬුවම් දීල විතරක් මදි. (බ)
විදානගේ Friday, 29 January 2016 11:48 AM
හේමන්ත කවුරු හරි ටොක්කක් අැනල කියල දෙනකම් ඉන්නවද ? කවුද කෝච්චිය එලවාගෙන අවේ ?නිදිමත ඇමැතියද ? (බ)
කුමාර් (ගල්ෆ්) Saturday, 30 January 2016 05:30 PM
කිසිම දෙයක් විනයක් ඇතුව සිදුනොවන දේශපාලුවන්ට යටත් වූ රටකි ලංකාව. (නි)
හේමන්ත Friday, 29 January 2016 06:14 AM
යහපාලානේ ඔහොම තමයි. එයාල දන්නේ නැහැ යන පීල්ල මොකක්ද කියල.(ම)
ලක්ෂ්මන් Friday, 29 January 2016 06:26 AM
කැනඩා එන්ජිමයි ප්‍රංශ එන්ජිමයි හැප්පිලා රටවල් දෙකක් අතරේ යුද්ධයක් වෙන්න ගිහින් තියෙන්නේ (බ)
රාමන් Friday, 29 January 2016 11:10 PM
ගේට්ටු මුරකරුට ස්තූතියි! (නි)
රාධා Saturday, 30 January 2016 07:37 PM
ඇයි ටැබ්ලට් නොදීද දුම්රිය ආවේ? (නි)
රසික Friday, 29 January 2016 07:20 AM
දුම්රිය එන්ජින් වලින් ගසා කාපු අය ගැනත් හොයන්න. (බ)
සම්පත් පතිරණ Friday, 29 January 2016 08:21 AM
ජුලි වර්ජනයෙන් එලියට දාපු සේවකයෝත් මතක් කරගමු (කෞ)
සොනාලි Friday, 29 January 2016 08:25 AM
කෝ ගේට්ටුකරු ඔහුට ප්‍රණාමය (බ)
මනෝජ් Friday, 29 January 2016 08:40 AM
අපේ දුම්රිය ස්ථාන වල පිහිලි මාරු කිරීම, සිග්නල් ලබා දීම වැනි ක්‍රියාදාමය පැරණි තාක්ෂණික ක්‍රම ඔස්සේ මේ වන තුරු සිදුකිරීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. එත් සුළු අතපසු වීමක් මහා විනාශයක් වෙන්න පුළුවන්., එබැවින් නවීන තාක්ෂනය සමග දුම්රිය දෙපාර්තමේන්තුව දියුණු කිරීම රජයේ ලොකු වගකීමක්.(කෞ)
චාමර Friday, 29 January 2016 02:50 PM
කෝච්චියේ ඩ්‍රයිවර්ගේ මුණට අව්ව වැටිලා. ..(බ)
රුසුරු Friday, 29 January 2016 08:53 AM
අද හවසට ගෙදර යන්න පුළුවන් වෙන්න ඕක හදන්න මහත්තයෝ නැත්නම් අපි අමාරුවේ (ම)
ශාන් Saturday, 30 January 2016 05:53 AM
අනූනවයෙන් බේරිලා තියෙන්නේ.(හේ)
රේනුක Friday, 29 January 2016 09:44 AM
හැමදේටම යහපාලනය ගාව ගන්න එපා (ම)
කීර්ති Friday, 05 February 2016 05:20 PM
ජීවිත ගණනාවක් බේරාගත්තාට ඔබට ස්තුතියි (නි)
ගුණවර්ධන Friday, 29 January 2016 10:32 AM
ගේට්ටුකරුගේ උත්සාහය නිසා ජිවිත ගොඩාක් බේරුණා ඉතින් ඔහුට තෑගි ප්‍රදානය කර, උසස් වීමක් ද දිය යුතුයි. (බ)
ප්‍රසන්න - සෞදි Friday, 29 January 2016 11:08 AM
රියදුරනි මගෙන් ඔබට සුබ පැතුම් ! (බ)
ඉන්ද්‍රජිත් Friday, 29 January 2016 11:10 AM
අපි ගේට්ටුකරුටත් රියදුරන් දෙදෙනාටත් සැලකිය යුතුය. එසේම වැරද්ද කළ අයටත් දඩුවම් කළ යුතුය (බ)
බුද්ධික Friday, 29 January 2016 11:11 AM
ගේට්ටුකරුගේ උතුම් මනුස්ස ක්‍රියාවට මගේ උපහාරය, මේ අය දිරිමත් කරන්න මොනාහරි දුන්නට පාඩු නැහැ (බ)
රාධා Friday, 29 January 2016 07:58 PM
හොඳ වෙලාව. නැත්නම් සුනේ සුං (නි)