IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි

(අංජුල මහික වීරරත්න)

දුම්රිය අත්‍යවශ්‍ය  සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී  පැවසීය.

අද මධ්‍යම රාත්‍රියේ සිට මේ තීරණය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කීය.

අදාළ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන බවද අමාත්‍යවරයා කීය.

දුම්රියෙන් ඇද වැටී පාසල් දරුවකු මිය යාම සම්බන්ධයෙන් මෙහි දී ශෝකය පළ කළ අමාත්‍යවරයා කැබිනට්  මාධ්‍ය හමුව ඇරඹීමට පෙර ඒ වෙනුවෙන් විනාඩියක නිහඬ කාලයක් ද ආරක්ෂා කළේය.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාද සහභාගී විය.



අදහස් (3)

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරයි

dilshan Tuesday, 12 September 2023 02:37 PM

දේශපාලකයින් මීට වගකිව යුතුයි.

:       0       0

Janindu Perera Tuesday, 12 September 2023 02:41 PM

හැමදාම ඒ අය ස්ට්‍රයික් කළාම මේක අත්‍යාවශ්‍ය සේවයක් කලා කියනවා... යැයි තමයි.

:       0       0

Nimal Wednesday, 13 September 2023 08:29 AM

ඒ නිහඬ විනාඩියක කාලයේදී මොවුන්ට මොනවා මතක් වුණාද දන්නේ නැහැ. අපි නිසා නේද මේක වුණේ කියලා හිතුණද දන්නේ නැහැ... හදවත උණු වුණාද දන්නේ නෑ..? නැතිනම් ඊළඟ ඩීල් එකෙන්, කොමිස් එකෙන් ගන්න බද්ද ගැන මතක් වුණාද දන්නේ නෑ. මට හිතෙන්නේ දෙවැනි එක තමයි හිතෙන්න ඇත්තේ... මොකද උණුවෙන තරම් හදවතක් මේ අයට නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site