අප්‍රිකාවට අයත් නයිජීරියාවේ දකුණු දෙසින් පිහිටි එඩෝ පළාතේ දුම්රිය ස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක්, දුම්රිය පොළේ සිටි පුද්ගලයන් තිස් දෙදෙනකු පැහැරගෙන ගිය බව වාර්තා වේ.
පැහැර ගැනීම කර ඇත්තේ සන්නද්ධ ගෝත්‍රික වැසියන් පිරිසක් යැයි එඩෝ පළාතේ ආණ්ඩුකාරවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. එම ගෝත්‍රික වැසියන් දුම්රිය පොළට කඩා වැදී කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද පැවැසෙයි.
නයිජීරියානු දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනවිට එඩෝ පළාතේ එම දුම්රිය ස්ථානය වසා දමා ඇති බවත්, දුම්රිය නොනවත්වා එඩෝ පළාත හරහා ධාවනය කිරීමට කටයුතු කරන බවත් පවසා තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රියපොළක රැඳී සිටි 31 ක් පැහැර ගැනෙති