IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දුමින්ද සිල්වා අත්අඩංගුවට

(යොහාන් භාසුර)

ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.  

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් කීය.

දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31) පස්වරුවේ නියෝග කළ අතර ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.  

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා මහතා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.  

 



අදහස් (9)

දුමින්ද සිල්වා අත්අඩංගුවට

rangi Wednesday, 01 June 2022 06:21 PM

කරපු කර්ම ඵලදෙනවාමයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය.

:       5       54

පිටිගල මිලානෝ Wednesday, 01 June 2022 11:05 PM

අරයා මේපාරත් ගෙදරට අදින ඇදුම පිටින් ජයවර්ධනපුර හොස්පිටල් දුවයිද දන්නෙනැහැ යාලුවා බේරාගන්න.

:       1       4

Perera Wednesday, 01 June 2022 11:47 PM

මේ සතියේ ජවනිකාව

:       0       2

chandima Wednesday, 01 June 2022 11:56 PM

එලියෙ උන්නොත් අනතුරක් වෙයි කියල ආරාව දෙන්න වෙන්න අති.

:       0       0

Prasheen Thursday, 02 June 2022 05:33 AM

කාගෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බෑ

:       1       13

එරා Thursday, 02 June 2022 06:15 AM

යුක්තිය සහ සාධාරණය උසාවියෙන් සිදු වේ යයි බලාපොරොත්තු වෙනවා.

:       1       12

Perera Thursday, 02 June 2022 10:55 AM

ජනපති සමාව දුන්නු එක්කෙනෙක් නැවත අතඩංගුවට ගන්නකොට චොදනා ඔප්පුවෙල හිරෙට නියම වුන තව කෙනෙක් ඇප මත නිඩහස් වෙනව. තව විහිලු නැද්ද අපිට චූන් වෙන්න

:       0       8

jayath Thursday, 02 June 2022 11:37 AM

මේක මහා අපූරු රටක් සාමාන්‍යයෙන් අපස්මාරයට වෙදකම් කරන්නේ ස්නායු විශේෂඥයෝ මිසක් ස්නායු ශල්‍ය වයිද්යවරු නෙමි. මේ හාදය ගේ අපස්මාර තත්වයට ප්‍රතිකාර කරන්නේ වයිද්‍ය ආචාර දර්ම පාවාදීල නම කැතකරගත් එක්තරා වයිද්‍ය වරියක් මෙයා මොකද එතෙන්ටම ගියේ ? මෙයාට සල්ලි නැති හින්ද නෙමි නෙව අනික අපස්මාරය සඳහාම ප්‍රතිකාර කරන එකම ප්‍රගුණ කරලා ලෙඩ්ඩුන්ට මහත් සේවයක් කරපු විශ්ශ්ඥ වයිද්යවරියක් ( මෙයාටවයිද්යවරියක්ම ඕන නම් මේ රටේ ඉන්නවා ඇයි අතෙන්ටම යන්නේ ? ආපහු එයාට කියල සිංගප්රු යන්නද?

:       0       10

Shiromi Karu Friday, 03 June 2022 01:55 AM

යුක්තිය ඉටුවිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 528 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site