IMG-LOGO

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

(රන්ජන් කටුගම්පොළ සහ නිමන්ති රණසිංහ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබාදීමට ගත් තීරණය වහාම ක්‍රියාත්මක වන පරිදි වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කරමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ද නිකුත් විණී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ විදෙස් ගමන් තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අදිකරණය භාරයට ලබා දෙන ලෙසටද අතුරු නියෝගයක් නිකුත් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇගේ මෑණීයන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

යසන්ත කෝදාගොඩ ප්‍රීති පද්මන් සූරසේන අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැදවිණී.



අදහස් (12)

දුමින්ද සිල්වා අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩීයට නියෝග

පිටිගල මිලානෝ Tuesday, 31 May 2022 04:42 PM

මෙයා රටේ නැහැ… ලොකු අයියා මෙයාව රටින් පිට කලා..

:       4       58

nanda Tuesday, 31 May 2022 05:01 PM

ශ්‍රීලංකාව නැවත යහපත් දේශයක් බවට බවට පත්වෙමින් තිබෙන බව සතුටට කරුණක්

:       12       70

chinthana Tuesday, 31 May 2022 05:07 PM

ජනපති සමාව අහෝසි කරන්න උසාවියට බලය තියනවද .නීතිය දන්නා කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද?

:       1       55

dasunWednesday, 01 June 2022 09:54 AM

නව දහසක් සිරගෙවල්වල සිර දඬුවම් විඳිනවා. එසේ නම් අදාළ බලධාරීන්ගෙන් උපදෙස් නොගෙන ජනාධිපතිවරයා මෙම පුද්ගලයා තෝරා ගත්තේ කෙසේද?

:       2       7

fairoos Tuesday, 31 May 2022 05:11 PM

තවත් ඉන්නවා මේ වගේ සමාව ගත්තු අය

:       3       57

බද්රානි Tuesday, 31 May 2022 06:13 PM

මිනීමරුවෙකුව හිරෙන් නිදහස් කරලා රජයේ රැකියාවකුත් ලබා දුන්න අමන පාලකයෙක් රජකරන රටක් මේක. බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා? මේ වතාවෙත්, බල්ලාගේ නීතියද ගරු අධිකරණයේ නීතියද ක්‍රියාත්මක වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.

:       8       97

sujeewarWednesday, 01 June 2022 08:54 AM

මිනීමැරීම සම්බන්ධයෙන් ඔහුගේ වරදකාරීත්වය, නීතිය හා නළුකම විසින් කරන නාටකයක හඬපට නිසා මහජනතාව තුළ නිශේධනය වී ඇත. අසහනකාරී, වෛරී අදහස් පතුරුවන්නන් කෙසේකීවද මහජනතාවට සැබෑ තත්වය අවබෝධ කරලීම සඳහා නීතියට අදාලව ස්වාධීන යැයි කියාගන්නා උප කොටස් පළමුව තමන්ටම අදාල ක්ෂේත්‍රයන්හි ඇති කලු පැල්ලම් මකාදමා පිරිසිදු කරගැනීමෙන් අනතුරුව තම ස්වාධීනත්වය හා සුජාතත්වය තහවුරු කළ යුතුව ඇත...

:       1       4

chandima Tuesday, 31 May 2022 06:35 PM

බලාගෙන ගියාම ජනාධිපති උනත් මේ අපි වගේම තමයි

:       3       38

මහසෙන් Tuesday, 31 May 2022 06:50 PM

ව්‍යවස්ථා වට අනුව ජනපතිට තිබෙන් නීතී ප්‍රතිපාදන හා බලය අනුව නේද ජනපති සමාව ඔහුට හිමි උනේ.මේ ලෙසම හිටපු ජනාධිපති සිරිසේන මහත්මයත් අයෙකුව.නිදහස් කලා නේ ද? එයත් මේ අනුව අභීයෝගය ට ලක් කල හැකි ද?

:       2       73

සුජිත් පල්ලේවත්ත Tuesday, 31 May 2022 10:41 PM

21 මොකට ගේනවද? විධායක බලතල මෙසේ බාල්දු වන කල..

:       0       3

Ranjith Dissanayake Wednesday, 01 June 2022 07:57 AM

බල්ලට ගිය රටකට නීතිය ගැන මොන කතාද?

:       0       2

Liyanage Wednesday, 01 June 2022 10:24 AM

නියම තීන්දුවක්

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
2025 මැයි මස 14 15 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ


සනීපෙට ගමන් යන්න ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වෙන් උදව්වක්
2025 මැයි මස 14 689 2

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව


දුම්රිය ගමන්වාර 20ක් අවලංගු කරයි
2025 මැයි මස 14 484 1

දුම්රිය රියදුරන් සහ නියාමකයන් සේවයට වාර්තා නොකිරීම නිසා දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අද (14) දහවල් වන විට අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්


මහින්දානන්දගෙන් අපේක්ෂිත ඇප ඇයදුමක්
2025 මැයි මස 14 528 3

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කල


පෙම් යුවළ බසයට බිලි
2025 මැයි මස 14 1916 0

යතුරුපැදියෙන් වෙසක් සිරි නරඹමින් ගමන් කරමින් සිටි පෙම්වතුන් යුවළක් මාතර බ්‍රවුන්ස්හීල් ප්‍රදේශයේ දී පෞද්ගලික බසයකට යටවීමෙන් මියගොස් ඇතැයි මාතර පො


බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වහයි
2025 මැයි මස 14 875 0

කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර සහ නාරාහේන්පිට දුම්රිය ස්ථානය අතර පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් සඳහා එම හරස් ම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1379 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1592 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site