භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරු වී මරණ දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට වෙතට අද (22) අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
එම අභියාචනය කොළඹ මහාධිකරණය මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම ගොනු කර ඇත.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත තමන්ට මරණීය දණ්ඩනය පැනවීම නීතියට පටහැනි බව දුමින්ද සිල්වා මහතා අදාළ අභියාචනය මගින් පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් එම දඬුවම අහෝසි කර සියළු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔහු ඉල්ලා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනෙකුට පසුගිය 8 වැනි දා මරණ දඬුවම නියම විය.
ඔවුන්ගෙන් තිදෙනෙකු ද එම නියෝගයට එරෙහිව පසුගියදා ඇපෑල් ගත්හ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දුමින්ද සිල්වාගෙන් ඇපෑලක්
බන්දුල Thursday, 22 September 2016 09:53 AM
අවි ගත්තෝ අවියෙන් නසිති කියල කියනවනේ. (බ)
ධම්මික Thursday, 22 September 2016 10:33 AM
මෙයාට නේද ගෝඨාභය මහත්තය ආරක්ෂක අමාත්‍යංශය අධික්ෂණය කරන්න බාර දීලා තිබුනේ (බ)
ලේක්කෝ ගලබඩ Thursday, 22 September 2016 11:14 AM
මෙයාට රටේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අධීක්ෂණය කරන්න දුන්න ආරක්ෂක ලේකම් තුමා රට සහ රටවැසියා ගැන හිතපු ආකාරය අපිට හිතා ගන්න පුළුවන්. (අ)
නුවන් Thursday, 22 September 2016 11:27 AM
දැන් වැඩක් වෙන්නේ නෑ.(හේ)
අනිල් Thursday, 22 September 2016 11:56 AM
බලමුකෝ.(හේ)
අනුරාධ Thursday, 22 September 2016 12:10 PM
නුවන්,එහෙම කියන්න බැහැ. මේක ලංකාව (නි)
ප්‍රදීප් Thursday, 22 September 2016 12:12 PM
අනේ මේ අහිංසකයා මොනවා කරන්නද? (නි)
ඩලස් Thursday, 22 September 2016 12:26 PM
දැන් තීන්දුවක් දිලා ඉවරනේ.(හේ)
රොක්සි Thursday, 22 September 2016 01:13 PM
අපි දුමින්දගේ පැත්තෙනුත් හිතන්න ඕනෑ (නි)
රොෂාන් Thursday, 22 September 2016 01:06 PM
එතකොට දුමින්දට වෙඩි තිබ්බේ කවුද? (නි)
සුසිල් Thursday, 22 September 2016 01:41 PM
මෙයා හදන්නෙ නීතියෙ හිඩැසකින් රිංගන්න. වරද ප්‍රතික්ෂේප කරලා නැහැ. (නි)
පිටිගල මිලානෝ Thursday, 22 September 2016 08:06 AM
ඔබත් චණ්ඩියෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් සහ බලය තිබෙන අතට ඕනෑම දෙයක් කිරීමේ තදබල අාශාවකින් පෙළෙනවා නම් වර්තමානයේ සිදුවන දේවල් තරම් ආදර්ශයට ගතයුතු වෙනත් දෙයක් නොමැත (නි)
තිවංක Thursday, 22 September 2016 08:29 AM
මෙයාට දැන් ඔක්කොම මතකද? (නි)
ඇන්ඩෲ Thursday, 22 September 2016 09:20 AM
මිලානෝ සමඟ මමත් එකඟයි (නි)
මනෝජ් Thursday, 22 September 2016 09:35 AM
දෙපාර්ශවයෙන්ම වැරදි කර ඇති බැවින් එක පාර්ශවයකට පමණක් දඩුවම් දීම නොකළ යුතුයි. (ම)