IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


දෙමෝදරදී දුම්රියේ ගැටුණු පුද්ගලයෙක් බරපතළව රෝහලේ

 (ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

ඇල්ල දෙමෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම ආසන්නයේ දී අද (26) පස්වරුවේ දුම්රියක ගැටුණු පුද්ගලයකු බරපතළ තුවාල ලබා  බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඇල්ල  කරදගොල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය .

දුම්රියේ ගැටුණු මෙම පුද්ගලයාගේ වම් පාදයේ කොටසක් සහ වම් අතේ කොටසක් ශරීරයෙන් වෙන්වී තිබූ බව පොලිසිය පැවැසීය.
බදුල්ල  මහනුවර අතර  ධාවනය වෙමින් තිබූ භාණ්ඩ දුම්රියට මොහු ගැටි ඇතැයි පොලිසිය පැවසීය .

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය මාර්ගය ආසන්නයේ ලේ සහිතව වැටී  සිටියදී ඒ අසලින් ගමන් ගත් අයෙකු දැක ලබා දුන් තොරතුරක් මත වහාම සුවසැරිය 1990 ගිලන් රථයක් මගින් තුවාලකරු බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කීය.

තුවාලකරුගේ වෙන්වූ පාදයේ කොටස සහ අතේ කොටස අයිස් දැමූ පෙට්ටියක දමා රෝහලට රැගෙන ගියද එම පාදයේ මෙන්ම අතේ කොටස  ඒ වනවිටත් නැවත බද්ධ කිරිමට සුදුසු තත්ත්වයේ නොතිබුණු බවත් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රජයේ වෛද්‍ය  නිලධාරී සංගමයේ ඌව පලාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .

දුම්රියට හසු වීමෙන් එම පාදයේ සහ අතේ වෙන්වූ කොටස්වල සියුම් මෙන්ම අනෙකුන් රුධිර නාළ ද විනාශ වී තිබූ බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය. ඇල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති .



අදහස් (0)

දෙමෝදරදී දුම්රියේ ගැටුණු පුද්ගලයෙක් බරපතළව රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 284 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 772 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site