IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දමිතාත් ජනපති කොමිසමට එයි

ශ්‍රීලංකන් ගුවන්සේවයේ සිදුවීයැයි කියන වංචා සහ දූෂණ ගැන දමිතා අබේරත්න නිළියගෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ෂන කොමිසම අද (06) පැය 1 ½ ක් පුරා ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගත්තේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද කටයුතු වල නිතරවීම සහ කලාකරුවන් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් මුදල් ලබාගැනීම ඇතුළු සිද්ධි පිළිඹඳව ප්‍රකාශ සටහන් කරගැනීමට මීට පෙර උපේක්ෂා ස්වර්ණමාලි හා බන්ධුල විජේවීර යන කලාකරුවන්ද, නීතිය හා සාමය පිළිඹද රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්නද කොමිසම හමුවට කැඳැවිණ.

මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීලංකන් ගුවන්සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙන අතර නොවැම්බර් 20 වැනිදායින් පසු කොමිසමට කටඋත්තර දීමට සූදානම් බව ඔහු නීතිඥවරයෙක් මගින් දැනුම්දී ඇත.



අදහස් (0)

දමිතාත් ජනපති කොමිසමට එයි

ලක්මාල් Friday, 06 November 2015 07:50 PM

දමිතා ගැන අපි හිතාගෙන හිටිය හැටි ගැන දැන් අපිට ලැජ්ජයි (නි)

:       0       0

ශානක Friday, 06 November 2015 08:21 PM

ප්‍රශ්න කරනවා හැරෙන්න වෙන කරන කිසිම දෙයක් අපිට පෙනෙන්නේ නැහැනේ (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 November 2015 11:41 PM

ප්‍රශ්න කළ ගණන අසීමිතයි. ඒත් කිසිම කෙනෙකුට විරුද්ධව නඩු දාන බවක් තවම පෙනෙන්න නම් නැහැ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 07 November 2015 12:58 AM

මේ අපි ආදරය කළ කලාකරුවන්ද? (නි)

:       0       0

අසංග Saturday, 07 November 2015 02:11 AM

දමිතා හුඟ කාලෙකට පස්සෙයි දැක්කේ... (නි)

:       0       0

නවරත්න Friday, 06 November 2015 11:36 AM

අපි බලමුකෝ අවසාන ප්‍රතිඵලය.. (නි)

:       0       0

බිමල් Saturday, 07 November 2015 02:30 AM

අනේ මන්දා මෙයාලත් කරන වැඩ? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 07 November 2015 03:30 AM

මේකනම් හරිම විහිළුවක් වෙලා. අන්තිමට කෑම කාපු සාමාන්‍ය ජනතාවටත් ඇවිත් සාක්කි දෙන්ටයි කියලා පත්තරේට දැන්වීමක් දායිද දන්නේ නැහැ. (ර)

:       0       0

චම්පි Friday, 06 November 2015 12:43 PM

ප්‍රකාශ පමණක් සටහන් කරගෙන මදි. ඉක්මණින් සුදුසු ක්‍රියාමාර්ගත් ගන්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 12:51 PM

තෝරු ,මෝරු නිදැල්ලේ. නිකන් කාලය කා දමනවා පමණයි කියායි අපිට සිතෙන්නේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 06 November 2015 12:55 PM

ඉතිරි අවුරුදු හතරයි මාස දෙකත් ප්‍රකාශ සටහන් කරගනිමින්ම ඉන්න නම් හිතන්න එපා. (නි)

:       0       0

ඩිලාන් Friday, 06 November 2015 12:57 PM

මොනවා වෙනවද කියලා තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ (නි)

:       0       0

රන්ජන් Saturday, 07 November 2015 05:53 AM

ඒ කියන්නේ කොච්චර ප්‍රශ්න කරත් මුකුත් හොයා ගන්න බැරි වෙලාද? (ර)

:       0       0

කමල් Saturday, 07 November 2015 06:24 AM

අනේ මන්දා අපිටත් යන්න වෙයිද.? (ර)

:       0       0

කුසුමා Saturday, 07 November 2015 06:36 AM

නිශාර්ඩ් ප්‍රීනා, ඔබ කියන කතා වලට සිනහ යනවා, නමුත් කිසිම දෙයක් කරගන්න බැරි තැන, අවසානයේදී එකත් වේවි. (ර)

:       0       0

රෝහිත Friday, 06 November 2015 01:48 PM

හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

ප්‍රභාෂ් Saturday, 07 November 2015 07:56 AM

හැම එකකම ප්‍රකාශ ගන්නේ නැතිව එකක් ඉවර කරලා පෙන්නන්නකො. (ර)

:       0       0

රොහාන් Saturday, 07 November 2015 10:06 AM

ප්‍රශ්න කරනවා පරීක්ෂණ කරනවා විතරද කාටවත් දඬුවම් ලැබුනේ නැහැ තවම. මෙහෙම කරලා ලබන පාර අපේ ඡන්දෙ ඉල්ලන්න එන්න නම් එපා හොඳේ. (ස)

:       0       0

ශාන්ත සේනාධීර Friday, 06 November 2015 04:17 PM

ලොව බොහෝ රටවල පාර්ලිමේන්තුවල රටක ජාතික ආරක්ෂාව සම්බන්ධව හෝ කිසියම් ආකාරයක රහස්‍ය බාවයකින් පවත්වාගෙනයන ආයතන සම්බන්ධව සිය රටේ පාර්ලිමේන්තුව තුල ප්‍රශ්න ඇසීම සිමා කර හෝ නොවිමසිමට නීති රීති පනවා තිබෙනවා .අපේ රටේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොහෝ දෙනාට මේ සම්බන්ධව අවබෝධයක් නොමැතිව මේ සම්බන්ධව ප්‍රශ්න නගනවා පෙනෙනවා.ඇතැම් අය මහජන රැස්වී වලදී පවා මේව පිලිබඳ හෙලි කරනවා අපට පේනවා.මේවා ගැන යම් නීති රීති සම්ප්‍රධායන් වහාම ගෙන ආ යතු යයි මගේ මතය.බොලද පහල බලාංසයේ කතා නතර කර විධිමත්ව කටයුතු කිරීම රටක් හැටියට අප රැකීමට නම් කළ යුතුව තිබිය යුතුයි පිළිවෙතක් මේ හැම දෙයක්ම පිළිබඳව.රජයක් හෝ විරුද්ධ පක්ෂය යනු අපේ දේශය රකින්නට කැපවී ඇති පිරිසක් (බ)

:       0       0

නසාර් Friday, 06 November 2015 04:36 PM

රජය පෙරලෙනකම් කොමිසම කමිසෙන් අදියි වගේ (බ)

:       0       0

විජිත් Friday, 06 November 2015 06:02 PM

ගරු මහත්වරුනි, ඔබලා මේ බොරුවක් ආරක්ෂාකරමින් කාබාසිනියා කරන්නේ අපි වැනි අහිංසක දුප්පත් මහාජනයාගේ මුදල්ද කියා ඔබලාගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න. (බ)

:       0       0

හරිශ්චන්ද්‍ර Friday, 06 November 2015 06:45 PM

ශාන්ත සේනාධීර,ඔබගේ අදහස් වලට මම එකඟයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site