(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කෙරුණු ස්ටිකර් අත් පත්‍රිකා හා පෝස්ටර් එක්ලක්ෂ තිස් හය දහස් අටසිය විසි හතරකින් ඒකක 8313 ක් අස්ථානගතවී ( ඌනතාවයක්) ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම ස්ටිකර් , අත් පත්‍රිකා හා පෝස්ටර් 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිටත් ඉතිරිව තිබුණු නමුත් ඒවා අධිකාරියේ අරමුණු වෙනුවෙන් තවදුරටත් භාවිතා කළ හැකිද යන්න පිළිබඳව විගණනයට තොරතුරු ඉදිරිපත් නොකෙරුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම ද්‍රව්‍ය අස්ථානගතවීම( ඌනතාව) පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ එම අධිකාරිය 2021 වර්ෂයේ නොවැම්බර් 15 වැනිදා කර ඇති භෞතික පරීක්ෂණයකදී බවද විගණන වාර්තාවේ දැක්වේ.
විවිධ වැඩසටහන් සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් විවිධ ස්ටිකර් 75,650ක්ද අත් පත්‍රිකා 47,828ක් සහ පෝස්ටර් 13,346ක්ද මෙලෙස මුද්‍රණය කර තිබිණැයි කියති.
මේ අතර අධිකාරිය වෙනුවෙන් මිලදී ගෙන තිබූ ඩෙක්ස්ටොප් පරිගණක තුනක්ද ලැප්ටොප් පරිගණක පහක් සහ ටැබ්ලට් හයක්ද ( 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා ක්‍රියාකාරීත්වයේ පැවැති) භාවිත නොකර පැවතුණු බව ජාතික විගණන කාර්යාලය සඳහන් කළේය.
එසේම පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමකින් තොරව 2018 වර්ෂයේදී මිලදීගෙන තිබූ රුපියල් දෙලක්ෂයකට ආසන්න වටිනා පෙන් ඩ්‍රයිව් 119ක්ද ආයතනයේ ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන අංශ සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුම්කොළ අධිකාරියේ මුද්‍රිත පත්‍රිකා 8000කට වෙච්ච දෙයක් නෑ.‘
Geeth Tuesday, 18 April 2023 02:59 PM
රජයේ වෙන වෙනත් දූෂණ අක්‍රමිකතා බැලුවාම මේක ඉතා සුළු දෙයක්. ඇයි මේ වගේ ඒ්ව මාධ්‍යයට දාන්නෙ. ඊට වඩා දරුණු ඒ්ව තියෙනව.