IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙබස්කැවීම්වලට හිරවූ 'තේජානි'

20160317_Thejani1වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස නිතර දකින ජාතික රූපවාහිනි නාළිකාවේ තේජානි විජේසිංහ මේ දිනවල බොහෝ දෙනෙකු අතරේ ජනප්‍රිය වී ඇත්තේ හඬකැවීම් ශිල්පිනියක ලෙසයි. ජනප්‍රිය විදෙස් ටෙලිනාට්‍යය කිහිපයකම ප්‍රධාන චරිත කිහිපයක් සඳහා සිය හඬ එක්කොට ඇති තේජානි හඬකැවීම් ශිල්පිනියක ලෙස වර්තමානය වනවිට දැඩි ලෙස කාර්යබහුලව සිටියි. ඒ පිළිබඳව 'සාරවිට'ට තේජානි පැවසුවේ මෙවැන්නකි.

"මේ දිනවල වැඩසටහන් ඉදිරිපත් කරන්නියකට වඩා මම හඬකැවීම් ශිල්පිනියක විදිහට තරමක් කාර්යබහුල වෙලා තියෙනවා. මොකද, මේ දිනවල හිරු නාළිකාවේ දිග හැරෙන 'ෆ්ලෑෂ්' කතාමාලාවේ 'ඩොක්ටර් කේට්ලියන්' විදිහටත්, එම නාළිකාවේම විකාශය වන 'ආදරේයි මං ආදරේයි' ඉන්දීය ටෙලිනාට්‍යයේ එන 'පිංකි' කියන චරිතයට මා හඬකවනවා. මේ චරිත දෙකම මේ නාට්‍යයවල ප්‍රධාන චරිතවලින් එකක් නිසා බොහෝ දෙනෙකුගේ මතකයේ තියෙනවා. පසුගිය කාලෙ නම් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණ ටෙලිනාට්‍යය කිහිපයකටම මම හඬකැවීමෙන් දායක වුණා. ඒ චරිත ගැන මතක් කරනවා නම් දෙරණ නාළිකාවේ විකාශය වුණ 'boys over flowers' හි 'ගාවුල්' ලෙසත් 'The Heirs' හි 'ලී බෝ නා' ලෙසත් මම හඬකැවීම්වලට දායක වුණා. මේ දිනවල පොඩිත්තන් අතර ජනප්‍රිය 'සුටිං මාටිං', 'රොබයියා', 'බෙන් ටෙන්' වගේම '321 පෙන්ගුයින්' කියන කාටුන් වැඩසටහන් සඳහාත් මම දායක වුණා. ඉදිරියට තවත් මා දායක වුණ විදේශීය ටෙලිනාට්‍යය කිහිපයක්ම විකාශය වෙන්න තියෙන නිසා මේ දවස්වල ඒ දෙබස් කැවීම් කටයුතුවල නිරත වෙමින් සිටිනවා. ඊට අමතරව හැමදාම උදෑසන 6.00 ජාතික රූපවාහිනියේ විකාශය වන පුවත්පත් තොරතුරු පිළිබඳව කෙරෙන වැඩසටහනටත් දායක වෙනවා." 



අදහස් (0)

දෙබස්කැවීම්වලට හිරවූ 'තේජානි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site