IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දීප්තිමත් වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි

වසර දෙසිය හතළිස් හයක ඉතිහාසයේ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන  දීප්තිමත් හරිත පැහැ වල්ගා තරුවක් ඉදිරි දිනවල දී දුර දර්ශකයන් ආධාරයෙන් දැකිය හැකි බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යඥ තාරකා ජිව විද්‍යා ගවේශක කිර්ති වික‍්‍රමරත්න මහතා කියයි. 

සී2016බීඒ14  ලෙසින් නම් කර ඇති අඩි 3000 ක විෂ්කම්භයකින් යුත් මෙම වල්ගා තරුව පසුගිය 22 වැනිදා පෘථිවියට සැතපුම් ලක්ෂ 22 ක දුරකින් ගමන් කර ඇති බවට විද්‍යාඥයින් අනුමාන කරන බව වික‍්‍රමරත්න මහතා පවසයි.

මිට ප‍්‍රථම ක‍්‍රිස්තු වර්ෂ 1770 දි ඩී1770එල්අයි ලෙක්සල් නම් වල්ගා තරුව පෘථිවියට ආසන්නයෙන් ගමන් කර ඇති බවද වික‍්‍රමරත්න මහතා සදහන් කරයි

කැලිෆොනියාවේ නාසා ආයතනයේ ජේපීඑල් පර්යේෂණාගාරයේ රේඩාර් නිරික්ෂණ මගින් සී2016බීඒ14  වල්ගා තරුව නිරික්ෂණය වි ඇති බවද වික‍්‍රමරත්න මහතා කියයි.

එම  නිරික්ෂණ ඡායාරූප හැඩ අනුව මෙම වල්ගා තරුවේ එක් පැත්තක් ගඩොල් කැටයක් ද අනෙක් පස පෙයාස් ගෙඩියක ද හැඩයෙන් යුත් බවද ඔහු පවසයි.

එමෙන්ම වඩා විශාල වු වල්ගා තරුව වු 252පී/ලීනියර් නමැති වල්ගා තරුව පෘථිවියට සැතපුම් මිලියන 3.3 දුරකින් පසුගිය 21 වැනිදා ගමන් කර ඇති බවත් එම වල්ගා තරුව ඉදිරි දින වලදි පෘථිවි අර්ධ ගෝලයේ විද්‍යාමාන වන බවට විදුදරයන් ප‍්‍රකාශයට පත් කොට ඇති බව වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 252පී/ලීනියර් නමැති වල්ගා තරුව පසුගිය දින කිහිපයදි එහි දීප්තය විද්‍යාඥයින් අනුමාන කළ ප‍්‍රමාණයට වඩා වැඩි වෙමින් පවතින අතර එය සුර්යා නැගිටිමට පෙර පැය එක හමාරකට ප‍්‍රථම දුර දර්ශකයන් මගින් නැරඹිමට හැකිවන බවද විද්‍යාඥයෝ අපේක්ෂා කර ඇති බව වික‍්‍රමරත්න  මහතා කියා සිටියේය.

ඉදිරි දිනවල උදැසන මෙම වල්ගා තරුව අගහරු හා සෙනසුරු ග‍්‍රහ වස්තු ආසන්නයේ දැකිමට හැකිවනු ඇති බවට විදුදරයන් උපකල්පනය කර ඇති අතර  එය උපකල්පනය කර ඇති ප‍්‍රමාණයට වඩා සිය ගුණයකින් දීප්තියන් වැඩිව හරිතපැහැ වල්ගා තරුවක් ලෙස දර්ශණවනු ඇති බවද වික‍්‍රමරත්න  මහතා පෙන්වා දුන්නේය 



අදහස් (0)

දීප්තිමත් වල්ගා තරුවක් පෘථිවිය ළඟින් යයි

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 09:10 AM

ඔන්න බොලේ අරය වටේ පරිබ්‍රමණය වෙන්න තවත් එකක් ! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site