IMG-LOGO

දීපිකාගේ දෙවැනි පාර

20160529Deepika-1'ට්‍රිබල් එක්ස්' අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය වන දීපිකා පදුකෝන් දෙවැනි වතාවට 'අයිටම්' ගීතයක් සඳහා ආරාධිත නර්තනයකට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඒ නවක සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් විජාන්ගේ 'රබ්තා' චිත්‍රපටයේය. මෙහි ප්‍රධාන චරිත සූශාන්ත් රාජ්පූත් හා ක්‍රිති ෂැනොන් රංගනයේ යෙදෙන අතර, චිත්‍රපටය ලබන වසර පෙබරවාරි 10 වැනිදා තිරගත වීමට සූදානම් කර තිබේ. මීට පෙර දීපිකා 2013 වසරේ තිරගත වූ රොහාන් සිප්පියාගේ 'දම් මරෝ දම්^ චිත්‍රපටයේ 'දම් මරෝ දම්' ගීතය සඳහා 'අයිටම්' නර්තනයකින් දායක වී තිබුණි.

කෙසේ වෙතත්, ප්‍රකට 'කෝයි මෝයි' වෙබ් අඩවිය සඳහන් කරන්නේ, මේ වනවිට දීපිකාට සුපිරි නළු සල්මාන් සමගින් රංගනයේ යෙදීමට චිත්‍රපටයක් ලැබී ඇති බවයි. ඒ දීපිකා පසුගිය වසරේ බොහෝ පිරිසක් අතරේ වඩාත් ජනප්‍රිය වූ 'බාජිරාඕ මස්තානි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සංජය ලීලා බන්සාලිගේ චිත්‍රපටයක් සඳහායි. සල්මාන් මීට පෙරද බන්සාලිගේ චිත්‍රපටයක් සඳහා එක්වූ අතර, ඒ 'සාවරියා' චිත්‍රපටයේ සෝනම්ගේ විවාහක සැමියා ලෙස රංගනයේ යෙදෙමිනි. දීපිකා හා සල්මාන් ඛාන් සිනමා පෙම්වතුන් ලෙස සිය රසික පිරිස් හමුවන පළමු අවස්ථාව ලෙසද මෙය බොලිවුඩ් ඉතිහාසයට එක් වේ.

 



අදහස් (0)

දීපිකාගේ දෙවැනි පාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 162 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 469 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 71 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site