IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දින 50කදී ‘යුක්තියට’ 56,541ක් කොටු

(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ක්‍රියාත්මක කරන ‘යුක්තිය’ මෙහෙයුමේ 50 වැනිදා දිනය වන විට අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 56,541 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 17 වැනිදා ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුමට අද (6) දින 50 සම්පූර්ණ විය.

එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 49,558 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 6,983 ක් අත්අඩංගුවට ගත් බවත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 49,558 අතරින් සැකකරුවන් 1,817 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 1,981 ක් පුනරුත්තාපනය සඳහා යොමු කළ බවත් එම අමාත්‍යංශය කීය.

සැකකරුවන් 234 ක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 3,083 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අමාත්‍යංශ සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපොල වටිනාකම රුපියල් කෝටි 775 කට ආසන්න බවත් භාරයට ගත් දේපලවල වෙළඳපොල වටිනාකම කෝටි 73 කට ආසන්න බවත් එම අමාත්‍යංශය කියයි. එම දින 50 තුළ හෙරොයින්  කිලෝ 142 ක්,  අයිස්  කිලෝ 208 ක්, කොකේන් ග්‍රෑම් 974 ක්, අබිං කිලෝ 49 ක්, හෂීෂ් කිලෝ 7 ක්, ඈෂ් කිලෝ 36 ක්, ගංජා කිලෝ 2678 ක් සහ මත්පෙති 360,821 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව ද මහජන ආරෂක අමාත්‍යංශය සඳහන් කළේය.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවට ඇතුළත්ව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6,983 අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 1,117 ක් සහ මත්ද්‍රව්‍ය  නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන්  5,286 ක් සිටින බව ද මහජන ආරෂක අමාත්‍යංශය පවසයි. 



අදහස් (2)

දින 50කදී ‘යුක්තියට’ 56,541ක් කොටු

Prabha Tuesday, 06 February 2024 04:51 PM

ශ්‍රී ලංකා පොලීසිය පිහිටුවලා දවස් 50ද? මීට කළින් සිද්ධාලේප වෙද මහත්තයා හිටියේ ඉන්දියන් පොලිසියේද? 

:       0       6

Perera Wednesday, 07 February 2024 08:20 AM

ඔය අල්ලන අයගෙන් කී දෙනෙකුට විරුද්ධව මේ වෙනකොට නඩුදාලාද කියලා කියන්නකෝ. අල්ලපු පමණින් නඩුදාන්න බැරි බවත්, නඩු දාපු පමණින් හිරේයන්නේ නැති බවත් වැඩ බලන අය දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site