IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


දින 43කට පසු සිකුරාදා රට අරී

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා  පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු  ලැබූ ඇති  නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා (1) අලුයම 4.00ට  ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ලංකාදීපයට පැවැසීය.

රට විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ  හෙට නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා පැතිරීම පාලනය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය මුලින්ම පනවනු ලැබුවේ  පසුගිය අගෝස්තු මස 20 වැනිදාය. 

මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන දින ගණන 43කි.

 



අදහස් (22)

දින 43කට පසු සිකුරාදා රට අරී

Jayathunga Wednesday, 29 September 2021 04:32 PM

ඒක හොඳයි. දැන් ඔය හොඳටම ඇති. මිනිස්සු දැන්වත් තමන්ගේ පැත්තෙන් පරිස්සන් වුණොත් ඇති. රට ගැන හිතන්න ඕනෑ නෑ. තමන් ගැන සහ පවුලේ අය ගැන හිතලාවත් මීටරේ තියන් පරිස්සමෙන් හිටපල්ලා...

:       0       74

Alfred de Costa Wednesday, 29 September 2021 04:35 PM

ඕක දැකපු ගමන් ජෙපි, සහ සජබ සෙට් එක බලන් ඉන්නෙ උද්ඝෝශන 1000ක් කරලා අලුත් ප්‍රබේදයක් ලෝකෙට හඳුන්වල දෙන්න. ඒක නිසා ඒවා නවත්තන්නත් වැඩක් කරන්න ඕන. මේ ලෙඩේ හොඳ උනාම, හිතේ හැටියට උද්ඝෝශන කරන්න දෙන්න. ඒත් දැන් නෙමේ.

:       37       80

AkilaWednesday, 29 September 2021 06:02 PM

ආසාධිතයින් හොයාගන්න නැහැ කියලනේ දැන් PCR එහෙම සෑහෙන්න අඩු කරලා තියෙන්නේ.., ඉතින් උද්ඝෝෂණ කළාම කොහොමද ලෙඩ්ඩු මතු වෙන්නේ? නවසීලන්තේ එහෙම අාස‍ාධිතයින් නැහැ කිව්වාම ඒ ගොල්ලෝ මාස්ක් දාන්නෙත් නැහැ.

:       33       20

සමන්ත Thursday, 30 September 2021 07:39 AM

ආසාධිතයන් නැහැ කියන්නේ ඒක බින්දුව වුනහම මිසක් ආසාධිතයින් එක දෙක හරි හම්බ වෙනවා කියන්නේ ආසාදිතයින් නැහැ කියන එක නෙමේ. ඔබේ ඔය පුංචි මොලේට ඇත්තේ 3% ක දැනුමක් පමණයි ඒකයි ප්‍රශ්නය. නවසීලන්තය තුල උද්ඝෝෂණ නෑ මොකද ජෙප්පන් නැති නිසා.

:       1       6

Vishan Wednesday, 29 September 2021 04:37 PM

පොදු ප්‍රවාහනවල යන්න වැක්සීන් කාඩ් එක අනිවාර්ය කරන්න. නැත්තන් වැක්සීන් නොගත් සෙට් එක බෙදෙනවාමයි. ඒක ඇත්තමයි.

:       16       67

SuraweeraWednesday, 29 September 2021 08:46 PM

වැක්සීන් ගහන්නේ නැතුව පොදු ප්‍රවාහන පාවිච්චි කරන 20ට වැඩි අයට දඩගහලා පොල්ලකිනුත් 2ක් ගහන්න ඕනෑ. මොකද ඒ අය මරන්නේ දුප්පත්, අසරණ මිනිස්සු...?

:       0       0

Praneeth Wednesday, 29 September 2021 04:40 PM

කට්ටිය මොන කුණු කතා කිව්වත් මේකෙන් මරණ සහ ආසාදන සෑහෙන්න අඩු වෙලා තිබීම සතුටක්... ඒත් පොදු ප්‍රවාහන සේවා වල පාලනයක් නොකළොත් කෙල වෙනවා කියලා වෛද්‍යතුමෙක් කියලා තියෙනවා දැක්කා. ඒක නිසා කෝච්චි සහ බස් වල යන පිරිස් මේ පාර හොඳින් පාලනය කරන්න වෙනවා.

:       1       60

කිරි පුතා Wednesday, 29 September 2021 04:44 PM

දැන් ඉතින් උද්ඝෝෂණ, රැළි, වැඩ වැරීම් නොකර සෞඛ්‍ය රීති පිළිපදිමින් තමතමන්ගේ වගකීම සෑම පුරවැසියෙක්ම දැරිය යුතුයි. රටට ගොඩ එන්න සලස්වා ප්‍රශ්න තියෙනවා නම් ඒවා පසුව සලකා බැලිය යුතුයි. NGO නඩයට ඉතින් ඒක අදාල නෑ...

:       23       68

HerathWednesday, 29 September 2021 05:52 PM

මේ තත්වය අස්සේ රටට අහිතකර පනත් සම්මත කරගන්න. රටේ සම්පත් විකුණන්න ගිවිසුම් ගහන්න වගේ බොරදියේ මාලුබාන වැඩ කරන්න එපා කියලත් කියන්න..

:       2       40

duminda Wednesday, 29 September 2021 05:24 PM

ස්තුතියි

:       4       45

Rasika Wednesday, 29 September 2021 05:32 PM

අමුතුවෙන් මොනව අරින්නද අති ගරු උතුමාණෙනි ..මේ ඇරපු ඇරිල්ල හොඳටම ඇති..හොඳටම කෙරුව කියල අපිට නම් තේරෙනවා.පාර මැද්දෙ කිරි බතක් උයල කන්න හාල්,පොල් ගෑස් නැති එක තමයි එකම අවුල..

:       10       55

සුද්දාThursday, 30 September 2021 02:59 AM

එහෙනම් තව දුරටත් බාගෙට හරි වහලා තියන්නද කියන්නේ...? රස්සාවට යන්න අකමැති කෙනෙක් වගේ මේ කියවන්නේ. ගෙදරට වෙලා පඩි ගන්න කෙනෙක්ද මේ..? හලෝ මේ රට අරිනවා කියන්නේ ඉස්කෝල, විශ්ව විද්‍යාල එහෙමත් හිමිහිට ඇරලා රටේ අනිකුත් සේවාවෙනුත් යථා තත්ත්වයට ගෙනෙන්න උත්සාහයක්... අනික මේ පාර තිබුණු රටවැසීම ගිය අවුරුද්දේ තිබුණු තද ඇඳිරි නීතිය නොවුනේ දුප්පත් මනුස්සයින් එළියට ගිහින් කීයක් හරි හොයාගන්න දේවලට ඉඩ දෙන්න එක්ක බව මුලින්ම කිව්වා. එපා කිව්වේ රෝන්දේ යන්න සහ පාටි දාන්න වගේම රංචු ගැසී උද්ඝෝෂණ කරන ඒවා. අපි දන්නා අය කියනවා රජයේ රෝහල්වල දැන් කොරෝනා ලෙඩ්ඩු අඩු බව ඔවුන් දැක්කා කියලා... ඒ නිසා ඔහේලා හෙටින් පස්සේ ලෙඩ්ඩු වැඩිවෙන වැඩ නොකර ඉන්න...

:       0       0

banda Wednesday, 29 September 2021 05:54 PM

රට අරින්න වහලා තිබුණේ නෑ නේද?

:       26       61

banda Wednesday, 29 September 2021 06:01 PM

රට අරිනකොටම ගුරු විරෝධය පටන් ගන්න. ගොවියෝත් පාරට බහින්න..

:       42       5

TiranWednesday, 29 September 2021 08:39 PM

අනේ ඔව්... තව ඉතුරු වෙලා ඉන්න අයත් ඇවිල්ලා හාපල්ලා... 60,000ක් වත් මරා ගනින් කොහොම හරි කරලා. මිනිස්සු මළත් පක්ෂය කොහොමහරි 3%කින් වැඩි කර ගන්න..

:       0       0

sugath Wednesday, 29 September 2021 06:14 PM

එහෙනම් ඉතින් තෙල් නැව ලබන මාසේ මුලදී එනවා ඇති.

:       33       13

Rohana Wednesday, 29 September 2021 06:42 PM

රෝගය මර්ධනය කිරීමට හොඳම ක්‍රමය මේ දැන් කරන ආකාරයට ලොක්ඩවුන් එක දිගටම පවත්වාගෙන යාමයි. මොකද ලොක්ඩවුන් කිව්වාට එහෙම එකක් නොපෙනෙන නමුත් රෝගීන් හා මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවන බව දක්නට තිබීමයි.

:       3       56

මහසෙන් Wednesday, 29 September 2021 08:15 PM

අරින්න මොන රටද වහලා තිබ්බේ? ඔය කියන්නේ අර විහිළු නීතිය ගැන නම් වෙන එකම වෙනස කෝච්චි සහ බස් දුවන්න පටන් ගැනීම පමණයි.

:       0       0

Buddhika Thursday, 30 September 2021 06:30 AM

කොහෙද ඇදිරිනීතියක් තිබ්බේ ?හැම තැනම කඩ ඇරලා .වාහන සියල්ල පාරේ .බාර් ඇරියා .මිනිස්සු ට්‍රිප් නොගිය එක විතරයි .ඇදිරිනීතියක් කියන වචනේ විහිළුවක් උනා .නගරවල පොලීසි ඉස්සරහ කඩත ඇරියා .චෙක් පොයින්ට් තිබ්බා .ඒවගෙන් උන එකම දේ ඒ තැන්වල වාහන තදබදයක් ඇති උන එක විතරයි

:       4       1

සමරේFriday, 01 October 2021 10:25 AM

මේක පොලිස් ඇඳිරි නීතිය නෙවෙයිනේ. මේ තිබුණේ ලෝකයේ බොහෝ රටවල තිබුණ නිරෝධායන ඇඳිරි නීතිය. එය තවමත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් අවට තිබෙනවා. සම්පූර්ණයෙන් සියලු දේ වහන්නේ නැහැ. අත්‍යාවශ්‍ය සේවා ගෙනියනවා. පාසල් සහ විශ්ව විද්‍යාල වහලා ඔන්ලයින් ක්‍රමයට ගෙනියනවා. මිනිසුන්ට කියනවා අත්‍යවශ්‍ය දෙයට වඩා වෙනත් දෙයට එළියට යන්න එපා සහ ගෙවල් ගානේ යන්න එපා කියලා. මෙහි මූලික අදහස ආර්ථිකය යම් තරමකට බේරා ගෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රම පිළිපැදීමට පුරුදු වී කොරෝනා පාලනය කිරීම. රජය වගේම මහජනතාවට ලොකු වගකීමක් තිබෙනවා මේ ක්‍රමය සාර්ථක කරගන්න. නමුත් අපේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් විතරයි බොහෝ විට හොයන්නේ. වගකීම් කැලේ. අනුන්ට බනින ගමන් තමන් වැරදි ලෙස හැසිරෙන ආකාරය තමයි අපි ඔය ගොඩක් වෙලාවට දකින්නේ. රැකියා සහ අනිකුත් අත්‍යාවශ්‍ය දෙයට විතරක් නෙමෙයි ගෙදර ඉන්න බෑ කියලා එළියේ යන අයත් පිරිලා. නැත්නම් මේ නිරෝධායන ඇඳිරි නීතිය මීට වඩා සාර්ථක වෙනවා. අනික් අතට යම් තරමකට හරි රෝගය පාලනය වෙන බව රජයේ රෝහල් කාර්ය මණ්ඩලය කියනවා. වෙනදා වගේ කොරෝනා ලෙඩ්ඩු පිරිලා නැතිලූ.

:       2       0

nalin Thursday, 30 September 2021 06:37 AM

ඊයේ දත්ත අනුව මරණ 61 ක් සහ අසාදිතයින් 1000 කට ආසන්න අගයක් තමයි තිබ්බෙ. මේ ගාන එන්නෙ දවස් 43ක් රට වහල තිබුනටත් පස්සෙ. මෙහෙම රට වහල තියන්න හැමදාම බෑ ,ඒ වගේම එහෙම වහල තියන්න ඕනෙත් නෑ. මේ රට වහල කියල ඇරල තියන එක නවත්තල ආරක්ශිත ක්‍රමයක් හැදුවනම් තමයි හොඳ . ඔය උත්සව වගේ එව්වා නැවැත්තුවනම් තමයි හොද මොකද ඔය උස්සව වගේ එව්වගෙන් තමයි වැඩිපුරම කොවිඩ් පැතිරෙන්නෙ. තව මිනිස්සුන්ගෙ වගකීමක් තියෙනව උද්ඝෝෂණ වගේ එව්වා අඩු කරන්න .ඒ වගේම රජයේ වගකීමක් තියනව රටට අහිතකර පනත් මේ වෙලාවේ නොගෙන ඉන්න සහ අහිතකර දේවල් නොකරන්න. දැන් රට ගොඩක් නය වෙලා තියෙන්නෙ ඒක හින්ද මොනා හරි ක්‍රමේකට රජයේ වියදම් අඩු කරගන අනවශ්‍ය ව්‍යාපෘති වගේ එව්වා නවත්තලා රට ගොඩගන්න හැදුවනම් තමයි හොද.

:       0       3

සමන් Thursday, 30 September 2021 07:43 AM

රට විවෘත කළත් ඔය පිටකොටුවේ පදික වෙළඳුන්ට නම් ඉඩ දෙන්න එපා. දැන්වත් ඒක නවත්වන්න පියවර ගන්න. චන්ද්‍රිකා කාලේ මංගල නාගරික සංවර්ධන ඇමති වෙලා හිටිය කාලේ ඔය වෙළඳුන් සියල්ලම අයින් කලා. නැවතත් ඔවුන් අයින් කල යුතුයි. පදික වේදිකාවේ වෙළඳාම් කරද්දී මිනිස්සු යන්න ඕනේ මහ පාරේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1921 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1745 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 655 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1306 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3245 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 11069 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1055 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site