යුරෝපා රටවලට ජූලි මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා ගත වූ කාලයේදී මත්ස්‍ය ටොන් 152ක් ආනයන කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ මත්ස්‍ය අපනයනකරුවෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
මෙරට මත්ස්‍ය සම්පතට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් හා මිලක් පවතින නිසා මසුන් පමණක් නොව මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන සදහා යොමුවීමෙන්ද රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බව ද ධීවර ඇමැති අමරවීර මහතා පෙන්වා දී ඇත.
ලබන වසරේ ජූලි මස වනවිට මත්ස්‍ය අපනයනවලින් රුපියල් මිලියන 20,000ක ආදායමක් ලැබීමේ අරමුණින් කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දින 10ට මාළු ටොන් 152ක් රට යවලා
පද්මිණි Thursday, 14 July 2016 07:19 PM
යුරෝපය දැන් මස් වෙනුවට මාළු පරිභෝජනය කිරීමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා ලංකාවට සුබ නිමිත්තක්. එමෙන්ම කුරුඳු, කහ, පොල්තෙල් වලටත් හොඳ ඉල්ලුමක් තිබෙන නිසා අපනයනය දියුණු කරන්න. (නි)
රජිත් මංජුල Thursday, 14 July 2016 07:28 PM
සුද්දෝ අපේ මුහුදේ මාළු කනවා. කළු සුද්දෝ අපේ මාළු කනවා (නි)
නිශාන්ත Thursday, 14 July 2016 09:21 PM
රට වටේම ඇති මුහුදින් අපිට මීටවඩා ප්‍රයෝජන ගන්න පුළුවන්වෙන්න ඕනෑ (නි)
පිටබැද්දර ජයා Friday, 15 July 2016 10:08 AM
මාළු අපනයනය කරනගමන් අපිට කන්නත් ටිකක් මිල පහලට දාල ලංකාවේ හැම පලාතකටම මාළු කන්න පුරුදු කලොත් හොඳයි. නැත්නම් ඉතින් අපි යවන මාළු එහෙදි ටින් වලට දාල දෙගුණයක් ගෙවල කන්න වෙන්නේ සැමන් අපිටම තමයි. (ර)
හේමන්ත Friday, 15 July 2016 10:39 AM
අපොයි මාළු. මාසෙකට දවසක්වත් කාල ඉවරයි. (ර)
ඇන්තනි Friday, 15 July 2016 11:32 AM
අපේ මුළු මාළු සම්පතම ඉතා සුළු මුදලක් හින්ද ඉතාම ලඟදි වඳ වෙයි . තව කාලයක් යද්දී අහන්න ලැබෙයි ලංකාවට යුරෝපෙන් මාළු අපනයනය කරනවා කියලා. ඕව කියල හදන්න අමාරුයි . තුන් වන ලෝකේ රටක් නේ . මතක තියාගත යුතුම දෙය තමයි ඔය විශාල මාළුන්ට නම් ලෝකේ ඕන තැනකට පිනගෙන යන්න පුළුවන් .නමුත් වෙරල අවට ගැවසෙන පොඩි මාළුන්ට එහෙම රටකින් රටකට යන්න බැහැ. ඔහොම තොගපිටින් පොඩි මාලුන්වත් ඇල්ලුවොත් ඉතාම ළඟදීම අපේ මාළු සම්පතත් ඉවරයි . මොකද ලංකාවේ රජයන් සහ කිසිම පුද්ගලික අංශයක් මහාපරිමාණයෙන් මාළු පැටවුන් බෝ කර මුදට මුදාහැරීමක් කරන්නේ නැහැ . (ර)
තිලක් Saturday, 16 July 2016 01:06 AM
ආනයනය කිරීම පුළුවන් තරම් දුරට සීමා කරනවා නම් හොඳයි (නි)
යසෝධරා Friday, 15 July 2016 02:45 AM
හොඳ ප්‍රවෘත්තියක් කාලෙකට පස්සේ අහන්න ලැබුනා (නි)
පද්මා Friday, 15 July 2016 02:55 AM
අනේ අහිංසක මාළුවෝ. මාළු විකුණලා සල්ලි ගත්තා වගේ නොවේ පව් ගෙවන්න වුණාම. (නි)
අසංග Friday, 15 July 2016 03:04 AM
බෞද්ධ රටකට නොගැළපෙන ව්‍යාපාරයක් ලෙසයි මම මෙය දකින්නේ (නි)
විපුල Friday, 15 July 2016 03:11 AM
දැන් මේ අාදායමෙන් සාලාවේ කැඩුණු නිවාස ටික හදලා වන්දියකුත් දෙන්න පුලුවන්නේ (නි)
ආරියසේන Friday, 15 July 2016 03:27 AM
සතුටුදායක ආරංචියක් (නි)
දම්මි Friday, 15 July 2016 03:27 AM
ප්‍රාණගාත ටොන් 78ක්? බුද්ධිමතුන් තීරණය කරන්න (නි)
චින්තක Friday, 15 July 2016 03:36 AM
එක ඇත්ත. නරක පුවත් අහල අහල ඇති වෙලා තිබ්බේ. කාලෙකට පස්සේ සුබ පුවතක් ඇහුවා. (ර)
ඉෂාන් Friday, 15 July 2016 03:49 AM
බොහොම සතුටුයි. (ර)
අනුර Friday, 15 July 2016 04:37 AM
සුද්දන්ට මාළු, අපිට කන්න වෙන්නේ...? (ර)
ප්‍රයදර්ශනී Friday, 15 July 2016 04:59 AM
ලංකාවට මාළු පිටරටින් එන්නේ නැතිද ? (ර)
සදිස්සා Friday, 15 July 2016 05:18 AM
මාළු ටොන් 152 රට යන අතරේ අපිට බොරු ටොන් කීයක් නම් දේශපාලකයෝ කනට දානවද? (ර)
කමනි Friday, 15 July 2016 05:39 AM
ඉවක් බවක් නැතිව වැඩ කිරීමෙන් අනාගතයේදී අඩන්න වේවි. (ර)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 15 July 2016 06:05 AM
හොඳ පුවතක්. (ර)
කුරුවිට සුනිල් Friday, 15 July 2016 07:16 AM
ලංකාවෙන් මාළු පිටරටට හාල්මැස්සෝ වගේ පොඩි මාළු පිටරටින් ලංකාවට මේවා මොන විහිලුද.? (ර)