IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


දැන් හැමෝම දන්නේ 'ශිවන්‍යා' කියලා

හඬකැවීම් ශිල්පිනියක, නිරූපිකාවක මෙන්ම ගායන ශිල්පිනියක ලෙසද කටයුතු කරන පූර්ණිමා විදේශිකාමේ වනවිට ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින්නීය. ඒ පසුගියදා විකාශය නිමා වූ 'ප්‍රේම දඩයම' ටෙලිනාට්‍යයේ ශිවන්‍යාගේ චරිතයට හඬ කැවීම හේතුවෙනි. මේ වනවිට උසස් පෙළ අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාසිටින ඇය සිය නව තොරතුරු පිළිබඳ කළ සංවාදයකි මේ.

 

මේ දවස්වල මුණගැහෙන අය ඔයාව හඳුන්වන්නේ ශිවන්‍යා කියලද? පූර්ණිමා කියලද?

ශිවන්‍යා කියලා තමයි. දැන්නම් පූර්ණිමා කියලා කියන්නෙම නැති තරම්.

 

20170116Poornima-1මොකද ඒ ගැන හිතෙන්නේ?

මට ගොඩක් සතුටුයි. මම හඬකවපු පළමුවැනි නාට්‍යය මේක. කලින් නිර්මාණවලට සහභාගි වෙන්න ආරාධනා ලැබුණත් මම සහභාගි වුණේ නෑ. පළමුවැනියටම හොඳ නිර්මාණයකින් ඉදිරියට එන්න ලැබීම ගැන සතුටුයි.

 

ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ආඩම්බරයකින්ද ඉන්නෙ?

එහෙම ආඩම්බරයක් නැහැ. එහෙම වෙන්නෙත් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක වැරදියි.

 

දැන් නාට්‍ය අවසානවුණා නේද? ඒ ගැන මොකද වෙන්නේ?

ඊටපස්සෙ ප්‍රේමායුධ කියලා වෙනත් කතාවක වැඩකටයුතු කරනවා. එතැනින් පසුව ප්‍රේම දඩයම 2 ප්‍රේක්ෂකයන්ට බලන්න පුළුවන් වෙයි.

 

ඔබට ආරාධනා ලැබිලා තිබෙන වෙනත් නිර්මාණ?

ආරාධනා නම් ලැබෙනවා. ඒ හැම ආරාධනාවක්ම මම බාරගන්නෙ නැහැ. හරියන සහ මම කැමති නිර්මාණවලට විතරක් දායක වෙනවා. සුසිල මොබයිල් ටීවී එකේ මට ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒක තව ටික දවසකින් රිලීස් වේවි.

 

20170116Poornima-2ඔබේ ඉගෙනීම්කටයුතු ගැන කතා කළොත්?

ගිය අවුරුද්දෙ තමයි මම උසස්පෙළ කළේ. මම පළමුවැනි වතාවෙන්ම විශ්වවිද්‍යාලයට තේරුණා. මේ වසරේ ඉඳන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ඔබ හඬකැවීම් ශිල්පිනියක් කියනවාටත් වඩා නිරූපණ ශිල්පිනියක් ලෙස දස්කම් දැක්වූවා. ඒ අවස්ථාව ලැබුණේ ශිවන්‍යාට පස්සෙද?

මම වෘත්තීයමය නිරූපණ ශිල්පිනියක් නෙවෙයි.  හිතවත්කමක් මත හෝ මට ගැළපෙනවයි කියලා හිතෙන දේකට ආරාධනාවක් ලැබුණොත් මම බාරගන්නවා. එහෙම නැතුව මම මොඩ්ල් කෙනෙක් ලෙස ක්ෂේත්‍රයට එන්නෙ නෑ.

 

මීට අමතරව ඔබේ වෙනත් දක්ෂතා තියෙනවාද?

ඔව්, මම Vitalize Shadow Drama කණ්ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරනවා. අපට ජාතික මට්ටම අබිබවා ජාත්‍යන්තරයට යෑමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරියට අපේ කණ්ඩායමේ තවත් වැඩකටයුතු දැකබලාගන්න පුළුවන්.

 

ඒපැත්තට යොමුවෙන්න හිතුවේ ඇයි?

මම පාසල් කාලයේදීAerobicsgymnastic කළා.  අවුරුදු 19න් පහළ සමස්ත ලංකා ප්‍රථම, දෙවැනි ස්ථාන ලබාගන්න අපේ කණ්ඩායමට හැකියාව ලැබිලා තිබෙනවා. මම පාසල් කාලය නිමවෙනකන්ම ක්‍රීඩා කළා. ඒ හැකියාවන් එක්ක තමයි මම Shadow Dramaවලට යොමුවුණේ. ඒ හැකියාවන් නැතුව සාමාන්‍ය කෙනෙකුට ඒක කරන්න අමාරුයි.

 

20170116Poornima-4

මේ කටයුතුත් එක්ක කාල කළමනාකරණය කරන්නේ කොහොමද?

කොච්චර වැඩ තිබුණත් ලොකු කාර්යබහුලත්වයක් ඇතිවෙන්නේ නැහැ. මම රූපවාහිනී ළමා වැඩසටහන් නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. ඒ වගේම හඬකැවීම්. එක දිගට රෙකෝඩින් තියෙන දවසුත් තියෙනවා. ඒ දවස්වලට පොඩි කාර්යබහුලත්වයක් තිබුණත් හැමවෙලාවෙම එහෙම නැහැ. ඉදිරියට ඉගෙනීමේ කටයුතුත් තියෙන නිසා ගොඩක් කාර්යබහුල වෙයි.

 

ඉගෙනීමේ කටයුතුත් එක්ක ඔබ කලාවෙන් ඈත් වෙනවාද?

කලාව සහ අධ්‍යාපනය අතර ලොකු සම්බන්ධතාවක් තියෙනවා. මම පුංචිකාලෙ ඉගෙනගන්න දේවල් එක්කම ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කළා. ක්‍රීඩාව, ගායනය, නර්තනය, රඟපෑම මේ හැමදේම කළා. ඒ හින්දා මම හිතනවා අධ්‍යාපනය කියන දේට කලාව කියනදේ හුඟක් වැදගත්. කිසිම අවස්ථාවක අධ්‍යාපනයට කලාව බාධාවක් වෙන්නෙ නැහැ.  එය මම තදින්ම විශ්වාස කරන දෙයක්. ඒනිසා ඒ දෙකම  සමබරව කිරීමේ හැකියාව මටතියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

හොඳින් අධ්‍යාපනය ලබලා උපාධිය ලබාගැනීම තමයි බලාපොරොත්තුව. ලංකාව වගේ රටක කලාව වෘත්තිය බවට පත් කරගෙන ඉදිරියට යන්න බැහැ කොහොමටවත්. ඒ නිසා වෘත්තියලෙස මගෙ අධ්‍යාපන මට්ටමෙන් රැකියාවක් තෝරාගන්නවා. කලාව අත්හරින්නේ නැහැ. එහි ලැබෙන නිර්මාණ එක්ක මට ගැළපෙන නිර්මාණ තෝරාගෙන වැඩකටයුතු කරගෙන යනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මා, තාත්තා, අයියා, මල්ලි ඇතුළු පවුලේ පිරිස, විශේෂයෙන් ශිවන්‍යා සඳහා අවස්ථාව ලබාදුන්න අධ්‍යක්ෂක දීපාල් සාමක අයියා, සංජය මාමා, සමුද්‍රා මිස් මතක් කළ යුතුයි. රවීන්ද්‍ර මෙන්ඩිස් සර් මතක් කළ යුතුයි. සිරස ටීවී ආයතනයයි,ඊට අමතරව මගේ යහළුවන් ඇතුළු මට උදවු කළ සියලු දෙනාවත් මතක් කළ යුතුයි.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

20170116Poornima-3



අදහස් (0)

දැන් හැමෝම දන්නේ 'ශිවන්‍යා' කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16747 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site