IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

ලක්ෂ ගණන් වටිනා  ජංගම දුරකථන විකිණීමට අන්තර්ජාලය  දැන්වීම් කළ කරන පුද්ගලයින් රවටා එම භාණ්ඩ මංකොල්ලකන ජාවාරම්කරුවෙකු ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද  (13) නියෝග කළේය .

වසර අටක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති සැකකරු ට එරෙහිව නඩු හතක් සහ වරෙන්තු හතරක් පවතින බවත්,පැමිණිලිකාර පුද්ගලයෙකුගෙන් පොලිසිය තුළදීම පහර කෑමට ලක්ව ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටත්, පිටකොටුව පොලිසිය බී වාර්තාවක් අධිකරණයට  ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

පොලිසිය තුළදී සැකකරුට පහර දුන් පැමිණිලිකාර පුද්ගලයාද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ඇප මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරු 2015 වසරේ සිට මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති  බවත්, පොලිසියට කට්ටි පමණින් සිටි පුද්ගලයෙකු බවත් පිටකොටුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජයසංක මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

උප පොලිස් පරීක්ෂකවරයා කරුණු දක්වමින් මෙසේ ද පැවසීය.

අන්තර්ජාලයේ, මුහුණු පොත සහ යු ටියුබ්  හරහා දුරකථන සහ කැමරා උපාංග විකිණීමට දැන්වීම් පළ කරන පුද්ගලයින්ට කතාකර එම භාණ්ඩ මිලදී ගැනීමට භාණ්ඩය රැගෙන කොළඹට පැමිණෙන ලෙස දන්වා ඇති සැකකරු,ටයිකෝට් ඇඳි ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් එම භාණ්ඩය අතට ගස් පසු පිටකොටුව වෙළඳසැල් හරහා අතුරුදහන් වන පුද්ගලයෙකු බවත්,සැකකරුවන්ට එරෙහිව 2015 වසරේ සිට පැමිණිලි ලැබී ඇති හෙයින් ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසට පිටකොටුවේ සියලු වෙළඳ සැල් හිමියන්ට දැනුම් දී තිබූ බවත් කරුණු ඉදිරිපත් කළේය.

අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ තරුණයෙකු මෙසේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් විකිණීමට සැකකරු කතා කිරීමෙන් පසුව කොළඹ පැමිණ ජාවාරම්කරුට හසුවීමෙන් ඇති බවත්,සැකකරු පිළිබඳව  පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ සැකකරුව රැගෙන වෙළඳසැල් හිමියකු පොලිසියට පැමිණි බවද,එම අවස්ථාවේ කෝපාවිෂ්ට වූ පැමිණිලිකරු පැමිණිලි සටහන් කිරීම පසෙක තබා සැකකරු හඳුනාගෙන පහර දෙන්නට වූ බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිලොගම මහතාගේ උපදෙස් පරිදි  අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලාකෝන් මහතා ගෙ මෙහෙයවීමෙන් විමර්ශන සිදු කරන බව ද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටත්,පැමිණිලිකාර සැකකරුට ඇප ලබා දෙන ලෙසටත් නියෝග කළේය.

විමර්ශන ප්‍රගතිය ලබන විසි හත්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.



අදහස් (0)

දැන්වීම් බලා ෆෝන් හොරකමේ ගිය අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site