අයි. පී. එල්. තරගාවලියේ 42 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ පූනේ වොරියර්ස් පිල අතර අද (30 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 37 ක ජයක් ලබාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්විය.
තරගයේ වීරයා බවට පත්වූ චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 16 කින් ලකුණු 45 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි.
සුබ්‍්‍රමනියම් බද්රිනාත් (34) සමග ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ සුරේෂ් රයිනා (නොදැවී 63), මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45) සමගින්ද ලකුණු 61 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් තම පිලේ ලකුණු ප‍්‍රමාණය 164 දක්වා ඔසවා තැබීය.
රොබින් උක්තාපා, ලූක් රයිට් සහ අභිශේක් නායර් යන කී‍්‍රඩකයන් තිදෙනාම දුවද්දී දවාගැනීම් වලට හසුකරගැනීමට චෙන්නායි පන්දු රකින්නෝ සමත්වූහ.
පූනේහිදී පැවැත්වෙන මෙම තරගයටද පූනේ වොරියර්ස් පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවීය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 3 ට 164
(රිදිමන් සහා 13, සුරේෂ් රයිනා නොදැවී 63, සුබ්‍්‍රමනියම් බද්රිනාත් නොදැවී 34, මහේන්ද්‍ර සිං දෝනි 45)
පූනේ වොරියර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 127
(රොබින් උක්තාපා 10, ඒරන් ෆින්ච් 13, ස්ටීවන් ස්මිත් 35, කේන් රිචඞ්සන් 26, බුවනේෂ්වර් කුමාර් 24, මෝහිත් ශර්මා 21/3)
(*)
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොනිගේ පිතිහරඹය චෙන්නායි පිලට ජයගෙනේ
සුමිත් නාමරත්නේ Wednesday, 01 May 2013 08:35 AM
ඇන්ජිලෝ මැතිව් විවේකයේදී බට්ටන්ට වතුර ගෙනියනවා මම දැක්කා.(නදී)
යොහාන් Wednesday, 01 May 2013 08:54 AM
සන්තෝසයි
විරාජ් Tuesday, 30 April 2013 11:19 PM
කුණු බිත්තර වෙන කව්රුවත් ගහන්න ඕනෑ නැහැ, ගා ගෙනමයි එන්නේ. කොහොම නමුත් අපේ ජාතික කණ්ඩායම මොනම පරාජයක් ලැබුවත් අපට පිළිගන්න පුළුවන් (නි)
යොහාන් Wednesday, 01 May 2013 07:30 AM
සමහරු බැංකුවෙලු තවම (නි)