IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දානිගල කන්දේ අතරමං වූ සිසුන් හතරක් බේරා ගැනෙති

(නිමල් ජයරත්න)

ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු,  පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අරලගංවිල විශේෂ කාර්ය බළකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන අණදෙන රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් සමත් වූහ.

මොවුන් 27 වෙනිදා උදෑසන දානිගල තරණය කර තිබෙන අතර, අතරමං වීමෙන් අනතුරුව ඔවුන් කෑකෝ ගසන හඩ කන්දේම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඒ බව අරලගංවිල පොලිසිය දැනුවත්කොට තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිව්දෙනා සොයාගැනීමට හැකිවී තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසුවූ තරුණයන් දෙදෙනකු මැදගම යහළුවන්ගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනාද කැටුව සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන අතර එහිදි ඔවුන් කඳු මුදුනේ අතරමං වී තිබෙන අරලගංවිල පොලිසිය කියයි.

 



අදහස් (0)

දානිගල කන්දේ අතරමං වූ සිසුන් හතරක් බේරා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site