IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


දිනකට ලක්ෂයක් බඩ ගින්නේ

(දයාසීලි ලියනගේ)

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි.

මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගනනේ කුමක්දැයි නික්ෂිත නොවන තත්තවයක සිටින බවට අනාවරණය වි ඇතැයි ද 40,000ක පෝෂණය ලබා ගන්නේ සේලයින්වලින්  බව ද ආහාර සුරක්ෂිතා කමිටු  රැස්වීමේදී අනාවරණය වී ඇත.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම්  නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරු දායක බව ද බටගොඩ මහතා අනාවරණය කළේය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අමරවීර මහතා මෙහිදි ප්‍රකාශ කර සිටියේ  රටේ කෘෂිකර්මය මුළුමනින්ම නඟා සිටුවීමට වසරකට ඩොලර් මිලියන 900ක් වැය බව බවයි.



අදහස් (26)

දිනකට ලක්ෂයක් බඩ ගින්නේ

pakeer Friday, 29 July 2022 09:51 AM

ඒ වුණාට රුපියල් 650ක කොත්තුවක් ගන්නත් මම විනාඩි 45 ක් පෝලිමේ හිටියා. එතැනදි දාපු බිල් ඔක්කොම 2500ට වැඩියි. ඔයාලගෙ සංගණන වල මොකක් හරි අඩු පාඩුවක් තියෙනවා. කොච්චර ගාන වැඩි වුණත් බලන්න තෙල් පෝලිමේ ඉන්න සෙනග. මේකට මීට වඩා දත්ත ඕනි. නැතුව මේ ආර්ථික රටාව තේරුම් ගන්න බැහැ.

:       26       57

225 පරපුර.Friday, 29 July 2022 02:16 PM

අපේ ජාතික ධනය විනාශ කරන එකම ආයතනය.... දියවන්නා පාර්ලිමේන්තුවයි...! මේ අය ටොයිලට් එකට විතරමයි පයින් යන්නේ..! ඒත් ගම්වල දරුවෝ හැමදාම පාසල් යන්නේ පයින්..! ඔන්න සුද්දා රට බාරදීලා ගියාම දියුණුවුන 225 පරපුර..!

:       51       10

දොලේවත්ත Friday, 29 July 2022 05:52 PM

ඔයා දකින ලෝකය නෙමෙයි ඊට වඩා වෙනස් ලෝකයක් මේ රටේ තියෙනවා. මේ රටේ හැම මිනිහෙක්ම කොත්තු කනවා යයි සිතන මේ රටේ හැම මිනිහෙක්ම ඉන්ධන පෝලිමේ ඉන්නවායි සිතන ඔහෙලා වගේ මිනිස්සු මොනවද දන්නේ...? මේ රටේ අන්ත, දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත ගැන ඔහේ මොනවද දන්නේ..? නිකං ඒ මිනිස්සුන්ට අපහාස කරන්න එපා...

:       1       38

Prase Friday, 29 July 2022 09:58 AM

ලක්ෂයක් කියන්නේ ගාණක්ද? ඇමෙරිකාව ලක්ෂ කීයක් බඩගින්නේ ඉන්නවද? පඩියෙන් භාගයක් රජයට දුන්නා නම් ඉවරයි බිල කියන්නේ නැතිව...

:       30       0

randilFriday, 29 July 2022 12:33 PM

අනුන්ගෙ දුක බඩගින්න බින්දුවක්වත් නොතේරෙන රාජපක්ෂ පරපුරේ කෙනෙක්.

:       1       29

සන්කාFriday, 29 July 2022 01:19 PM

මේ හොරාකාපු දේශපාලුවන්ට කඩේ යන කාලකන්නි තාම ඉන්නවනේ. ව්‍යවස්ථා සෙල්ලම් දදා පක්‍ෂයක් නැති හොරෙක් රට වලපල්ලට යවලා නැත්තට නැති කරන්න හදන්නේ. තරුණ කොල්ලො කරපු උත්සාහයෙන් රට හරි පැත්තට යවන්න තිබ්බ අවස්ථාව අපරාදෙ අඩපණ වුණා... රටේම කරුමෙ තමයි...!

:       1       14

BTFriday, 29 July 2022 10:24 PM

රටේම කරුමෙ වෙලා තියෙන්නේ අතක් පයක් හොලවලා රස්සාවක් හරි, වගාවක් හරි කරන්නේ නැතිව, සමාජ මාධ්‍යයෙන් දකින-දකින ඒවා අනුකරණය කර-කර, කොහෙන් හරි කන්න බොන්න කටට වැටෙන කන් බලන් ඉන්න බැටළු රැලක් බිහිවීමයි. "ජනසවිය", "සමෘද්ධි" සහ වෙනත් නානාප්‍රකාර නම්වලින් ඡන්ද ලබාගැනීමට දේශපාලකයින් දෙන දීමනා දෙන තාක් දෙපයින් හිටගන්න උත්සාහ කරන පරපුරක් මේ රටේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

:       1       1

BTSaturday, 30 July 2022 10:07 AM

රටේම කරුමෙ වෙලා තියෙන්නේ අතක් පයක් හොලවලා රස්සාවක් හරි වගාවක් හරි කරන්නේ නැතිව, සමාජ මාධ්‍යයෙන් දකින-දකින ඒවා අනුකරණය කරකර, කොහෙන් හරි කන්න බොන්න කටට වැටෙනකන් බලන් ඉන්න බැටළු රැලක් බිහිවීමයි. "ජනසවිය", "සමෘද්ධි" සහ වෙනත් නානාප්‍රකාර නම්වලින් ඡන්ද ලබාගැනීමට දේශපාලකයින් දෙන දීමනා දෙනතාක් දෙපයින් හිටගන්න උත්සාහ කරන පරපුරක් මේ රටේ බලාපොරොත්තු වෙන්නේ කොහොමද..?

:       1       0

Perera Friday, 29 July 2022 10:03 AM

225ටයි අර එකාටයි බඩගින්නෙ ඉන්න වෙන්නෙ නැත්නම් එච්චරයි. නැද්ද??

:       11       19

Kapila Friday, 29 July 2022 10:07 AM

එහෙම වෙනකන් ඔබලා පොල් ගෑවද?

:       2       21

ravin Friday, 29 July 2022 10:18 AM

ඔය කියන ලක්ෂයක් දෙනා අතරට රටවනසන දේශපාලුවේ කීයක් ඇතිද? නිදහස ලැබුණු දා සිට දේශපාලුවෝ හොරකම් කරපු මුදල් අවුරුදු කීයකට කෘෂිකර්මය නගා සිටවිය හැකිද?

:       0       25

RANDIL Friday, 29 July 2022 10:23 AM

බඩගින්නට අරගල කරපු මිනිස්සුන්ට බැන බැන වහල්ලු තවත් කඩේ පලයව්

:       45       32

BTFriday, 29 July 2022 02:27 PM

හැබැයි ඒ බඩගින්න හින්දා අරගල කළා කියන කාගේවත් අර 1984 දී ඉතියෝපියාවේ ජනතාව වගේ මන්දපෝෂණ පෙනුමක් තිබුණේ නැහැ නේද? අනෙක, ජනාධිපති ලේකම් කාර්යාල භූමියේදි වේවැල් බුෆේ එකෙන් සප්පායම් වෙච්චි අයගේ පිටවල් දිහා බැලුවාම අධිපෝෂණ තත්වයක් තමයි පේන්න තිබුණේ...

:       15       1

de silva Friday, 29 July 2022 11:02 AM

පොහොර තහනමේ ප්‍රතිඵල. ගෝටාභය, පාදෙණිය , රතන හාමුදුරුවො මේ තත්ත්වයට ඍජුවම වග කියන්න ඕනි. මිනිස්සු බඩගින්න වැඩි වුණාම එයි පාදෙනියව සහ රතන හාමුදුරුවො සොයාගෙන. දැන්ම ෆ්ලැට් එකක් බුක් කරගෙන යන්න සිංගප්පූරු.

:       17       25

BTFriday, 29 July 2022 10:32 PM

කාබනික පොහොර යාෙදා වගාකිරීම මෙරට වසර 50කට පෙර උපන් අයට අලුත් දෙයක් නොවේ. මාගේ මවගේ පියා තමාගේ දරුවන් සයදෙනාටත්, වැන්දඹුවක් වූ ඔහුගේ නැගණියගේ දරුවන් නවදෙනාටත් තුන්වේලටම බත්, දේශීය අල වර්ග, එළවළු සහ පලතුරු සපයා දුන්නේ පාරම්පරික වගා ක්‍රම සහ පලිබෝධ මර්දන ක්‍රම අනුගමනය කරමිනි. ඒ, දෙවන ලෝක යුද්ධ සමයේත්, ඊට පසුවත්ය. අතිරික්ත ඵලදාව නිවසට පැමිණ වෙළෙන්දෝ මිලට ගත්හ. නිවැසියන් කඩයෙන් මිලටගෙන ඇත්තේ තේ කොළ, ලුණු, සීනි සහ කරවල පමණි. තවද මා හඳුනන කිහිපදෙනෙක් දැනට වසර 7-8කට පෙර සිටම කාබනික පොහොර යොදාගනිමින් දේශීය සහල් වර්ග මෙන්ම වෙනත් බවබෝග ද සාර්ථකව වගා කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලද කාබනික පොහොර වගා ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක වේ. ඒ සඳහා ප්‍රාන්ත ආණ්ඩු මඟින් අවශ්‍ය දැනුම සහ පුහුණුව මෙන්ම මූලිකව ඵලදාව අඩුවීමේ පාඩුවට වන්දි මුදල්ද ලබාදෙති. මෙරට කාබනික පොහොර ප්‍රතිපත්තිය සැකසීමේදී ඉන්දියාව පූර්වාදර්ශයට ගත් බව වාර්තා වී තිබුණි. නමුත්, රටක් වශයෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් ගොවියන්ගේ සහාය, අවබෝධය සහ උනන්දුව අත්‍යාවශ්‍යයි.

:       2       0

BTSaturday, 30 July 2022 10:10 AM

කාබනික පොහොර යාෙදා වගා කිරීම මෙරට වසර 50කට පෙර උපන් අයට අලුත් දෙයක් නොවේ. මාගේ මවගේ පියා තමාගේ දරුවන් සයදෙනාටත්, වැන්දඹුවක් වූ ඔහුගේ නැගණියගේ දරුවන් නවදෙනාටත් තුන්වේලටම බත්, දේශීය අල වර්ග, එළවළු සහ පළතුරු සපයා දුන්නේ පාරම්පරික වගාක්‍රම සහ පලිබෝධ මර්ධන ක්‍රම අනුගමනය කරමිනි. ඒ, දෙවන ලෝක යුද්ධ සමයේත්, ඊට පසුවත්ය. අතිරික්ත ඵලදාව නිවසට පැමිණ වෙළෙන්දෝ මිලට ගත්හ. නිවැසියන් කඩයෙන් මිලටගෙන ඇත්තේ තේකොළ, ලුණු, සීනි සහ කරවල පමණි. තවද මා හඳුනන කිහිපදෙනෙක් දැනට වසර 7-8 කට පෙර සිටම කාබනික පොහොර යොදාගනිමින් දේශීය සහල්වර්ග මෙන්ම වෙනත් බවබෝගද සාර්ථකව වගා කරති. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවලද කාබනික පොහොර වගා ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක වේ. ඒ සඳහා ප්‍රාන්ත ආණ්ඩු මඟින් අවශ්‍ය දැනුම සහ පුහුණුව මෙන්ම මූලිකව ඵලදාව අඩුවීමේ පාඩුවට වන්දි මුදල්ද ලබාදෙති. මෙරට කාබනික පොහොර ප්‍රතිපත්තිය සැකසීමේදී ඉන්දියාව පූර්වාදර්ශයට ගත් බව වාර්තා වී තිබුණි. නමුත්, රටක් වශයෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් ගොවියන්ගේ සහාය, අවබෝධය සහ උනන්දුව අත්‍යාවශ්‍යයි...

:       2       0

Akila Friday, 29 July 2022 11:13 AM

පාර්ලිමේන්තුවේ ඉන්න 226 ට ඔය කිසි ප්‍රශ්නයක් නැහැ , කරුමේ කියන්නේ , ඔය දුක විඳින ගමනුත් ලජ්ජා නැතිව රනිල්ට , මහින්දට කඩේ යන වහල්ලු ඉන්නව මේ රටේ.

:       16       24

ලුම්බිණි Friday, 29 July 2022 11:30 AM

සෞභාග්‍යයේ දැක්ම කියන්නේ ඕක තමයි.

:       15       18

mahinda Friday, 29 July 2022 11:32 AM

රටේ ජනතාව අරගල කරන්නේ කුමටදැයි වගේ වගක් නැති පාලකයින් සිටිනා බල ලෝභයෙන් මත්වී සිටිනා පාලකයින් සිටිනා තාක් මේවා අත් විදීමටත් මේ තත්වයන් තව දුරටත් ඉහල යන බවත් සක් සුදක් සේ පැහැදිලිය. මෙවන් වාර්තා ජනතාව අතරට පත් කිරීමට කටයුතු කිරීමෙ මෙම මාධ්‍යට අනේක වාරයක් ස්තූතියි මෙවන් දැනුවත් කිරීම් ඉදිරියටත් ඉටු කිරීමට ඔඹට ශක්තිය ධෛර්යය ලැබේවා!

:       15       14

කිරි පුතා Friday, 29 July 2022 11:51 AM

අතට පයට කම්මැලි මිනිසුන් වෙන්න ඇති. හැම බිම් අඟළකම වගා කරගන්න පුලුවන් රත්තරන් පොළොවක් තියාගෙන බඩගින්නෙ ඉන්න අවශ්‍ය නෑනෙ. ඕන තරම් සාමාන්‍ය රෑකියා තියෙනවා. වැඩකට මිනිහෙක් හොයාගන්න බෑ. තම තමන්ගේ ම වරදින් තමයි බඩගින්නෙ ඉන්නව ඇත්තෙ. අනෙක මේ මහත්වරුන්ගෙ සංඛ්‍යාලේඛන ගැන නම් විශ්වාස කරන්න බෑ.

:       28       6

AnuraFriday, 29 July 2022 12:27 PM

රටේ තත්වේ දන්නේ නතිව පිටරට වල සිටින ඔබ වැනි ආණ්ඩුවේ බත් බැලයෝන්ට විතරයි තවත් ලජ්ජා නැතිව කඩේ යන්න පුළුවන් , අපේ පැත්තේ පොඩි ව්‍යාපාර කරපු අය් ඒවා ඔක්කොම වහල දාල , හොටල් කරපු ය එක්කෝ අදික පාඩු පිට දුවන්නේ නැත්නම් වහල දාල , ආප්ප කඩ , පොඩි පොඩි රෙදි බිස්නස් කොරපු ය හොයාගන්නත් නැහැ ,සියලුම ඉදිකිරිම නැවතිලා , ගමනක් යන්න ටැක්සි එකක් හොයාගන්න බැහැ , එවා යේ රැකියා කරපු අය දැන් මොනව කරනවද දන්නේ නැහැ .

:       12       38

Amden Friday, 29 July 2022 12:04 PM

ඕව හොයන්න වෙලාවක් නෑ මේගොල්ලන්ට. එයාලගේ ගෙවල් හදාගන්න ඕනේ. කොහොමහරි ඊළඟ අවුරුදු දෙක ඇදගන්න විදියක් බලන්න ඕනේ. අරගල කරන මිනිස්සු හිරේ දාන්න ඕනේ. කොයි තරම් දේවල් තියනවද කරන්න. මිනිස්සුන්ට කන්න නැති එක නම් මොනවද ඉතින්.

:       11       22

Kumara Friday, 29 July 2022 12:20 PM

69ක ප්‍රතිභාව. රාජ පස්ස කෙරුවාව.

:       21       15

Saman Friday, 29 July 2022 12:45 PM

ලංකාවේ ඔය කියන තරම් අහේනියක් නැහැ. ඔක්කොම බොරුකාරයෝ. කන්න තිබ්බත් නෑ කියලා තමයි කියන්නේ.

:       20       1

de silva Friday, 29 July 2022 12:59 PM

ආණ්ඩුව බලන්නේ ඉතිරි අවුරුදු දෙකෙ කොහොම හරි ඇද ගන්න, හොරකම් ටික වහගන්න.., ජනාධිපති ප්‍රභාකරන්ද, රනිල්ද කියන එක... මිනිස්සු කනවද නැද්ද කියන එක... ඔවුන්ට මෙතැනදී අදාළ නැහැ.

:       12       12

ගමේ එකාලා Friday, 29 July 2022 04:35 PM

දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදි දේශපාලුවන් පෙන්වපු ආසියාවේ ආශ්චර්යයි... සෞභාග්‍යයේ දැක්මේ තරම...? දේශපාලුවන්ට නම් අවුලක් නැතුවා. හැමදේම අඩුවක් නැතුව ලැබෙනවා. ජනතාවගේ ඡන්දෙන් බලය අරන් අද ජනතාව නොවිඳිනා දුක් විඳිනවා. මේ වගේ පව්කාර දේශපාලුවන් ඉන්න රටක්..?

:       17       7

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 413 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 696 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 435 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 720 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1343 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 631 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site