IMG-LOGO

දෙදරු මව පරණ පවක් ගෙවයි

හොරොයින් මත් කුඩු නඩුවක ඈපෑලෙන් නිදහස් වු දෙදරු මවකට වසර නවයක් සිර බත් කෑමට සිදු වුයේ  අධිකරණ ක්‍රමයේ වරදක් නිසා යැයි අශියාචනාධිකරණ විනිසුරු තුන් කටුටවක් අද සිය කනගාටුව පළ කළහ.

සභාපති ඒ ඩබ්ලිව් ඒ සලාම්, එච් එන් ජේ පෙරේරා හා සුනිල් රාජපක්ෂ විනිසුරුවරුන් හමුවේ මේ නඩුව විභාග විය.

මුලින් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුවත් ඇපෑලේදී ඇය නිදහස් විය.

1998 දෙසැම්බර 12 වැනිදා  ඇය අත්අඩංගුවට ගත් අතර සිර දඩුවම් නියම වුයේ 2005 ජුලි 9 වැනිදාය.

‘යුක්තිය සැමට සාධාරණත්වය ඉටු කළ යුතුය‘ යන්න නඩුව විභාග කළ විනිසුරුවරයාට අමතක වී ඇතැයි  අභියාචනාධිකරණ විනිසුරුවරු කීවේය.

‘යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමයි‘ යන ආප්තෝපදේශය මේ සිද්ධියට කදිම නිදසුනකියි විනිසුරුවරු කීහ.

 

 



අදහස් (0)

දෙදරු මව පරණ පවක් ගෙවයි

ජනිත් Tuesday, 07 October 2014 03:28 PM

අනේ මන්ද සේරම කණපිට? පරිපාලනයට මොකද වෙලා තියෙන්නේ. විභාග ප්‍රශ්ණ පත්තරේ ඉඳල මරණය දක්වා සියල්ල අවුල්. (අ)

:       0       0

ආචාර්ය දයාන් ජයතිලක Tuesday, 07 October 2014 03:38 PM

බන්දුල මේකට මොකක් කියයිද?(අ)

:       0       0

විදුරන්ග Tuesday, 07 October 2014 04:50 PM

දැන් බලාගෙන යනකොට මව් කුසේ සිට සොහොන් කොත දක්වා ගැනෙන හැම සිද්ධිදාමයක්ම අවුල් ජාලයක්නේ....... (නි)

:       0       0

සුමීර Wednesday, 08 October 2014 07:37 AM

උපාලි, ඔබගේ ලෝකය ගැන දැනුම මද බවයි පේන්නේ. පොත පත කියවන්න. විදේශීය රුපවාහිනී නාලිකා නරඹන්න. තමුන්ගේ දැනුම වැඩි කර ගන්න. එහෙම නැත්නම් නොදන්නා දේවල් කතා නොකර ඉන්න. ලෝකයේ මෙවැනි සිද්ධි වලදී, වන්දි ලබා ගත් අවස්ථා බොහෝමයක් තිබු බවත් සදහන් කළ යුතුයි. (නදී)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 12:29 PM

නඩුවක් දාන්න කළ වැරැද්දට. කෝටි දහයක් විතර වන්දියක් ඉල්ලන්න.පිටරටක ඔය වැරැද්ද කළා නම් ඩොලර් මිලියන් ගණන් වලින් වන්දි ඉල්ලලා නඩු දාන්නේ.ඒ වගේම ඉල්ලපු ගානෙන් භාගයක්වත් වන්දිය ලැබෙනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 07 October 2014 08:05 PM

ටෙනිසන් මහත්මයා,නිකම්ම හිටියොත් මොකුත්ම ලැබෙන්නේ නැහැ දුක,හිල්ලීම පමණයි. මෙවැනි දේවල් මතුවට කිසිවෙකුටත් සිදු නොවීමට නීති මාර්ගයට යා යුතුමයි. (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 07 October 2014 12:47 PM

කනගාටුව ප්‍රකාශ කළාම විතරක් ඇතිද? කෝ කාන්තා සංවිධාන,කෝ මානව හිමිකම්. බට්ටිලා වෙනුවෙන් පෙනීසිටින උදුල් ප්‍රේමරත්නලා කෝ? (නි)

:       0       0

ධම්ම Tuesday, 07 October 2014 12:51 PM

මෙතැන වෙන මොකක්දෝ තියෙනවා කියලා මගේ හිත කියනවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 07 October 2014 01:00 PM

මේ වරදට නඩුවක් ගොනුකර වන්දියක් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඔබ දිනනවා !! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 07 October 2014 01:10 PM

චමින්ද,කිසිදු වරදක් නොකර පෝරකයට හෝ විදුලි පුටුවට ගිය කීදෙනෙක් නම් මේ ලොව ඉන්නවද? වසර ගණනකට පසු ඔවුන් නිර්දෝෂී බව සනාථ වෙලා තිබෙනවා. ලෝකයේ ඉතාම සාධාරනව කටයුතු කරන රටල් කීපයකින්ම එවැනි සිද්ධීන් වාර්තා වෙනවා.මැරුන මිනිහට වන්දි ගත්තත් පණ ලැබෙන්නේ නැහැනේ.ඒ වගේ මේ කාන්තාව වන්දි ගත්තත් තමන් හා පවුලේ උදවිය විදි දුක නිවාගත හැකිද? (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 07 October 2014 11:32 PM

අපි නම් අහල‍ා තියෙන්නෙ මිනිසුන්ගෙ වැරදි අඹු දරුවන්ට පලදෙනවා කියලා (නි)

:       0       0

අනුර දිසානායක Tuesday, 07 October 2014 01:20 PM

ඔන්න කනෝ පිනුම් කීවලු (නදී)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 12:33 AM

අධිකරණයෙන් සිදු වූ වැරදි වලට වන්දි ඉල්ලන්න බැහැ. ප්‍රංශයේ මහා දාර්ශනික ලේඛක වීක්ටර් හියුගෝ කිව්වේ ඒකයි. "දොස්තර කෙනෙක් අතින් සිදුවන වැරදි පොළවට අඩි හයක් යටින් වැළලෙන්නේය, විනිසුරුවරයෙක් අතින් සිදුවන වැරදි පොළවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය" කියලා (නි)

:       0       0

රන්දෙනිය Wednesday, 08 October 2014 01:20 AM

යු ටියුබ් වල මෙවැනි අයගේ අත්දැකීම් මම බොහෝ දැක තිබෙනවා. (නි)

:       0       0

භානු Tuesday, 07 October 2014 01:52 PM

දැන් තව මොනවා වැරදි දායිද දන්නේ නැහැ. ඒවා හොයා ගන්නේ කට්ටියක් හිරෙත් තැපලා තවත් කට්ටියක් පෝරකයටත් ගියාට පසුවද (නදී)

:       0       0

රොබින් Tuesday, 07 October 2014 01:57 PM

සමහර චූදිතයන් සාක්ෂිවල පරස්පර හෝ දුර්වල සාක්ෂි නිසා පසුව නිදහස් වුණත් ඔවුන් එම වරද නොකළයි කියා පිළිගැනීමක් නැහැ. (නි)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Tuesday, 07 October 2014 01:59 PM

මේ වැරදිවලට දඩුවම් දෙන ක්‍රමයක් ගැන නීති පොතේ තියෙනවද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 07 October 2014 02:03 PM

පළමුව පළිගැනීම සහ විනිසුරුවරුන් රැවටීමට එම අදාළ නිලධාරින්ට දඩුවම් දී ඔවුන්ගෙන්ම වන්දි ලබාදෙන්න. වන්දිය මහජන මුදලින් ගෙවීම නම් වරදකි. (නි)

:       0       0

සෙනරත් Wednesday, 08 October 2014 03:15 AM

සමහර දුෂිත පොලිස් නිලදාරීන් තමයි මෙවැනි දේ කරන්නේ. ඔවුන්ට බලාපොරොත්තු උන දේ නොලැබුණාම, පැමිණිලි කාරය විත්තිකාරය කරලා හිරේ යවනවා. මෙවැනි දේ ඕනෙ තරම් වෙනවා මේ සමාජයේ. එ්ත් දුප්පත් මිනිස්සු ඒවා ඉවසනවා. හොද පොලිස් නිලධාරීනුත් මේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා. (නදී)

:       0       0

උපාලි Wednesday, 08 October 2014 10:50 AM

සුමීර ලංකාවේ එක උදාහරණයක් දෙනවද මගේ දැනුම සඳහා? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 14 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 52 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1615 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site