ගම්පහ පොලිස් කොට්ඨාසයේ කිසිදු පොලිසියක දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් විකුණූ බවක් වාර්තා නොවූ බව ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී දැන්වීයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
‘පොලිසියෙන් 1000ක අමුතු දඩයක්‘ මැයෙන් ලංකාදීප එසැණේ පළ වූ පසු ඒ ගැන ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීගෙන් වාර්තාවක් කැඳවූ බවත්, එවැනි සිද්ධියක් වාර්තා නොවුණු බව එහි සඳහන් වූ බවත් රෝහණ මහතා කියයි.
දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍ය ටිකට් අලෙවි කිරීම ගැන පසුගිය 17 වැනි දා වාර්තා වූයේ වැලිවේරිය පොලිසියෙනි. ඒ අනුව එසැණ පුවත නිවැරදිය.
රථ වාහන අංශයේ පිරිසක් 16 වැනි දා සහ අද 17 වැනි දා රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අලෙවි කළ බව එසැණ යළි කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘දඩ කොළ වෙනුවට ටිකට් විකිණුවේ නැතිලු‘
තිළිණ Tuesday, 14 October 2014 06:09 PM
බොරු වර්ග 03 කි. 1. කියූ සැණින් අහුවෙන බොරු. 2. කියලා ටික වෙලාවක් හෝ කාලයක් ගිහිල්ලා අහුවෙන බොරු. 3. කිසිමදාක අහුනොවෙන බොරු. (නි)
පෙරේරා Tuesday, 14 October 2014 06:52 AM
සිංහල බස්වහරේ තියෙනවා නේද හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියලා?(හේ)
චමින්ද Tuesday, 14 October 2014 08:20 AM
ඔන්න ඕක තමයි,අපිට පොලිසිය ගැන කිසි පැහැදීමක් නැත්තේ.(හේ)
රෝහණ Wednesday, 15 October 2014 02:13 AM
මට කියන්න තියෙන්නෙත් පෙරේරා,සරත් සහ තිලින කියපු දේවල්ම තමයි. (නි)
යොහාන් Wednesday, 15 October 2014 02:17 AM
සමහරවිට වෙන්න ඇති... (නි)
සරත් Tuesday, 14 October 2014 11:53 AM
ඒකනේ. ඔය වගේ වැඩ අපේ රාළහාමිලා කරයිද? (නි)