
(විමුක්ති එස් රුද්‍රිගු)
ෙමරට දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ ඩර්බි නගරයේ ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය මිලදී ගෙන ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
දෙවැනි ශ්‍රේණියේ හෝටලයක් ලෙස ශ්‍රේණිගත කර ඇති කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලය දැඩිගම සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ රශ්මි දැඩිගම සහ ලැවැන්ඩිශ් ලෙෂර් සමාගමේ පීටර් කැරන් විසින් මිලදී ගනු ලැබ ඇති බවත් ගනුදෙනුවේ වටිනාකම හෙළි කර නොමැති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය.
දෙවැනි එළිසබෙත් රැජින 2010 වසරේදී ඓතිහාසික කැතීඩ්‍රල් ක්වාර්ටර් හෝටලයෙන් ආහාර ගෙන ඇති බවත් එහිදී ඇය හෝටලයේ සුපවේදියාට ලබාදුන් ප්‍රණීත ආහාර වේල වෙනුවෙන් ස්තුති කර ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.
හෝටලය නිදන කාමර 38 කින් යුක්ත බවත් මීට පෙර වරකදී මෙම හෝටලය පොලිස් ස්ථානයක් ද වී ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය.
ලැවැන්ඩිශ් ලෙෂර් සමාගම එක්සත් රාජධානියේ මිලදී ගත් දෙවැනි හෝටලය මෙය බවත් 2005 වසරේ සිට එම සමාගම හෝටල් 8 ක් මිලදී ගෙන ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැඩිගම සමාගම සුද්දන්ගේ තවත් හෝටලයක් මිලට ගනී
Prabha Thursday, 16 May 2024 02:07 PM
දැඩිගම කියන්නේ ගිනි පොලියට රත්තරන් උකස් ගන්න සමාගමක්