
(සිසිර කැලේගම)
පොල්පිතිගම නිකවැහැර විද්‍යාලයේ 2 වසරේ සිසුවකුගේ බෙල්ලට තවත් සිසුවකු ඇන තිබූ ගෙතුම් කට්ටක් (වූල් කට්ටකින්) පැය තුන හමාරකට පමණ ශල්‍යකර්මයකින් පසුුව ගැල වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
පාසල පටන් ගැනීමෙන් අනතුරුව උදේ කාලයේ දී පංති කාමරය තුල දී සිසුුන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් අතරතුර නිවසේ සිට ගෙනෙන ලද මෙම උපකරණය පාසල් බෑගයේ සඟවාගෙන සිටි එක් සිසුවකු අනෙක් සිසුවාගේ බෙල්ලට ඇණීමෙන් එය ශරීරය තුළට කිදා බැස තිබුණු එම කට්ට ගලවා ගත නොහැකිවී ඇත.
සිසුවා වේදනාවෙන් කෑ ගැසීම දුටු ගුරුවරු හා සිසුන් කලබළයට පත්ව ඇති අතර ඒ අවස්ථාවේ දී විදුහල්පති සුනිල් පේමරත්න මහතා තවත් ගුරුවරයකුගේ සහාය ඇතිව යතුරු පැදියකින් සිසුවා පොල්පිතිගම මුලික රෝහලට ඇතුලත් කළ බව රෝහල් සේවකයෙක් පැවසීය.
පොල්පිතිගම රෝහලේ දී පවා එය ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති නිසා සිසුුවා ඒ අකාරයෙන්ම කට්ට පිටින්ම කුරුණෑගල ශික්ෂණ රෝහලට කඩිිනමින් ගිලන් රථයයෙන් මාරු කර යවා ඉන් අනතුරුව එක්ස් රේ වාර්තා ලබාගෙන ඉන්ද්‍රිය පද්ධතියට හානියක් නොවන ආකාරයට සිද්ධියෙන් පැය තුන හමාරකට පමණ පසුව සැත්කමකින් එය ඉවත් කළ බවත්, සිසුවා දැනට නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් කුරුණෑගල රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙකේ සිසුවා තවත් සිසුවකුට ගෙතුම් කට්ටකින් ඇනලා