(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේදී කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වූ බිත්තර පැට වූ ලොරි රථයක් , එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ තවත් ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී , එහි පිටුපස බඳෙහි වැදි, සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ නොවූඩ් , ඉහළ නෝවුඩ් හි පදිංචි , පෙරුමාල් සුබාකරන් නමැති (29) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි .
මෙම අනතුර 11 දා අළුයම 01:35 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29.7 කිලෝමීටර් කණුව පිහිටි දොඩංගොඩ පොලිස් වසම ප්‍රදේශයේ දී සිදුව ඇතැයි පැවසේ .
ලොරි රථ දෙකම කඩවත දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර එක් ලොරියක සිමෙන්ති ප්‍රවාහනය කරමින්ද , අනිත් ලොරියෙ බිත්තර ප්‍රවාහනය කරමින් සිට ඇති ඇතැයි පැවසේ.
එහිදී බිත්තර පැට වූ ලොරි රථය එක්වරම ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැට වූ ලොරි රථය ඉස්සර කිරීමට යාමේදී එහි පිටුපස බඳෙහි බිත්තර පැට වූ ලොරි රථය ගැටී මෙම මාරක රිය අනතුර සිදුව තිබුණි .
එම අවස්ථාවේදී ලොරි රථයේ ඉදිරිපස තිදෙනකු ගමන් ගමන් කර ඇති අතර අනතුරින් තිදෙනාම බරපතළ තුවාල ලබා නාගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ වම්පස දොර අසල රැඳී සිටී පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වනවිට නාගොඩ දිසා රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය
අනතුරින් සිමෙන්ති පැටවූ ලොරි රථයේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධියෙන් පසුව කඩවත දෙස සිට මාතර දෙසට වාහන ධාවනය පැය කිහිපයකට එක් මංතීරුවකට පමණක් සීමා කිරීමට සිදුව තිබුණි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දක්ෂිණ අධිවේගයේ ලොරි ලොරි ගැටී අයෙක් මරුට
SAMAN Friday, 11 March 2022 08:47 AM
ලංකාවේ මාර්ග අනතුරුවලට වැඩිමනත් වගකියන්න ඕනේ මේ මිනිස්සුන්ට ලයිසන් දෙන ඉන්ස්පෙක්ටර්ලා සහ අදාළ දෙපාර්තමේන්තුව. 1980 ගණන් වල වගේ මිනිස්සුන්ට දැන් වාහන එළවන්න බැහැ.. වෙන්න පුළුවන් අනතුරු ගැන, වාහන එලවන ආකාරය ගැන රියදුරන්ට ලැබෙන දැනුම සහ ඒ ගැන නිලධාරීන් කරන පරික්ෂාව අන්තිමයි. ආරකෂාවට ප්‍රමුඛතාවක් දෙන ඩුබායි, කටාර්, ඕමාන්, ඕස්ට්‍රේලියාවල ක්‍රමේට ලයිසන් දුන්නා නම් අපේ ඩ්‍රයිවර්ලා 50%ක් තවම ලර්නර්ස් යනවා.
sharm warn Friday, 11 March 2022 09:43 AM
බිත්තර.., හපොයි.. හොඳ ඒවද? කුණු ඒවද?