IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


දික්වැල්ලේ වාහන තදබදයක්

මාතර කතරගම පාරේ දික්වැල්ලේ අධික වාහන තදබදයක් පවතී කතරගම පැත්තට යාමටවත් කතරගම සිට මාතර දෙසට ඒමටවත් නොහැකිව පැය දෙකක් තිස්සේ හිරවී සිටින බව රජයේ නිලධරයෙක් දුරකථනයෙන් කීවේය. වැව්රුකන්නල පන්සලේ පෙරහැර ත් බතීගම විහාරස්ථානයේ පෙරහැරත් වීථි සංචාරය කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත.

 



අදහස් (0)

දික්වැල්ලේ වාහන තදබදයක්

බණ්ඩාර Thursday, 15 May 2014 10:58 PM

මේක අවුරුද්දේ එක සැරයක් නිසා ඉවසමුකෝ. නමුත් කඩවත සිට කිරිබත්ගොඩ දක්වා හැම දාම තිබෙන වාහන තද බදය කාට කියන්නද? එම දුර රෑට හෝ දවල් ට එන්න පැය දෙකක් වත් යනවා. (ස)

:       0       0

සෑම් Friday, 16 May 2014 12:38 AM

මේක පෙරහැරේ වරදක් නොවේ. පොල‍ීසිය හා සංවිධායක මණඩලය මෙය තවත් හොඳින් සැළසුම් කළ යුතුයි. (ස)

:       0       0

විද්‍යා Friday, 16 May 2014 02:34 AM

කතරගම අතරමඟ තුන්වන ලෝකයේ ආශ්චර්යය! (නි)

:       0       0

චරිත් Friday, 16 May 2014 03:10 PM

මීට වඩා මේ ගැන දැනුවත්ව කටයුතු කරන්න තිබුණා (නි)

:       0       0

භානු Friday, 16 May 2014 03:18 AM

බත්තරමුල්ල, මාලබේ පැත්තේ ඉඳලා කොටුවට හැමදාම උදේට වැඩට යන්න වුණා නම් මේ අයට තේරෙයි තියෙන අමාරුව (නි)

:       0       0

බන්දුල සිල්වා Friday, 16 May 2014 05:14 AM

පෙරහරක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. හැබැයි ඒ කාර්යය නිවැරදිව සංවිධානය කළ යුතුයි (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 May 2014 05:48 AM

මෙහි වරද රථවාහන පොලිසියේ කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සංඛ Friday, 16 May 2014 07:51 AM

පෙර වතාවල අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන වැඩ කරනවා නම් කරදර අඩුකරගන්න පුලුවන්. පෙරහරත් කරලා කාටවත් කරදරයක් නොවෙන්නත් වගබලාගන්න ඕනෑ (නි)

:       0       0

පෙරේරා Friday, 16 May 2014 09:04 AM

කෙනෙක් ගමනක් යන්න එළියට බහින්නේ පැය දෙක තුනක් එක තැන වාහන වල හිරවෙලා ඉන්න නෙමෙයි. අලියෙක් ගැහුවත්,අලි ගෙවල් වලට පැන්නත්,කුඹුරට වතුර නැති වුණත්, අතුරු පාරේ වළවල් තිබුනත් ආදී මෙකි නොකී බොහෝ සිදුවීම් වලදී කට්ටිය දඩුවම් දෙන්නේ මහා මාර්ගය භාවිත කරන මගී ජනතාවට.මේ කටයුතු සංවිධානය කරන්නන් හිතාමතා කටයුතු කළොත් වඩා සුදුසුයි කියලා හිතනවා (නි)

:       0       0

රාජිත Thursday, 15 May 2014 07:11 PM

මිනිස්සු රස්තියාදු නොකර මේ කාර්යය කළා නම් නේද හොඳ (නි)

:       0       0

අජන්ත Friday, 16 May 2014 10:08 AM

මෙවන් කටයුතු සංවිධානය කිරීමේදී විශේෂයෙන්ම මාර්ග අවහිරතා ගැන සැළකිළිමත් වියයුතුයි (නි)

:       0       0

සුනිල් Friday, 16 May 2014 10:11 AM

අනුන්ට හිරිහැර කරලා කරන මේ වගේ පෙරහැර වලින් ලැබෙන පින මොකක්ද කියල අපිට කියල දෙන්න පුළුවනි නම්! (ස)

:       0       0

සුනිමල් Thursday, 15 May 2014 07:39 PM

නමුත් ඔවුන් මේ කැපවීම කරන්නේ පෙරහැරක් වෙනුවෙන් නිසා ඉවසාගෙන සිටින්න යැයි මම ඉල්ලා සිටිනවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 15 May 2014 07:56 PM

ඔතන හදිසි ගමන් යන කීදෙනෙක් ඇද්ද? (නි)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 15 May 2014 08:22 PM

පෙරහරත් කල යුතුයි. ඒත් පැය ගණන් වාහනවල ඉඳගෙන ඉන්න එකත් පහසු නැහැ. අඩු ගානේ පාරේ එක පැත්තකින් හරි වාහන කාණ්ඩ වශයෙන් යවන්න පිළිවෙලක් හදන්න.හදිසි රෝගීන්,කුඩා දරුවන්, වයසක උදවිය මේ වාහන වල ඇති. එම පිරිසගේ අපහසුව ගැනත් හිතන්න. (අ)

:       0       0

ඩබ්.ජයසිරි Thursday, 15 May 2014 09:14 PM

වැඩක සැලසුමක් නැති වුනාම ලැබෙන ප්‍රතිඵලය ඹ්ක තමයි.(ස)

:       0       0

මහේෂ් Thursday, 15 May 2014 09:56 PM

ආගමට ඇති භක්තියයි එම නිසා මිනිස්සුන්ට හිරිහැර කිරිමයි හරියට වටහා ගැනීමට අපෙ මිනිස්සුන්ට තවම නොහැකි වී ඇත. සමහර පන්සල් පින් කම් කරන්නෙ අර දේශපාලකයන් රැස්විම් තියනවා වගේ අනුන්ට කරදර කිරිමටයි. මේ දිනවල දන්සැල් දැක්කාම සමහරු ජිවිතේට කැමක් නොදැකපු අය වගේ, පාර මැද වාහනය දාලා පාරට දුවන්නේ. මෙවායින් අපේ නිර්මල බුදු දහමට අගෞරවයක් මිසක් සෙතක් නම් සිදු නොවේ. (ස)

:       0       0

නිශාන්ත Friday, 16 May 2014 01:13 PM

මේ විධියේ පෙරහැරවල් මාළාවක් පන්නිපිටියේ ප්‍රසිද්ධ පන්සලකින් කරනවා. හරියටම රස්සාවල් කරලා මිනිස්සු ගෙදර යන වෙලාවට පාර වහගෙන. මිනිස්සුන්ට කරදර වෙන විධියට ආගමික දේවල් නොකරන්න බලනවා නම් ඒක ආගමට කරන ගෞරවයක් නේද? (ස)

:       0       0

සමන්ත Thursday, 15 May 2014 10:42 PM

ජනතාවට හිරිහැර වන ලෙස පවත්වන මෙවැනි පෙරහැරකින් කිසිදා යහපතක් සිදු නොවේ, ජනතාව බුදු දහමින් ඈත් කරන මෙවැනි ක්‍රියා ගැන තවදුරටක් සිතා බලන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 66 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 480 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 248 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site