IMG-LOGO

දැකපු හීනය අමතක කර නර්තන ශිල්පිනියක් වූ 'කෞෂි'

2016-05-31-ent-66

කෞෂි පතිරණ යනු දක්ෂ නර්තන ශිල්පිනියකි. ඇයව බොහෝ ප්‍රසංගවලදී නිතර දැකීම ලැබෙන චරිතයක් නිසා අද අපි ඇයව "සාරවිට" සඳහා සම්බන්ධ කර ගත්තෙමු. මේ ඇයත් සමග යෙදුණු කතාබහයි.

 

2016-05-31-ent-72ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම කෞෂි පතිරණ. නර්තනය තමයි කරන්නේ. ගයාන් ශ්‍රීමාල් සහ සංඛ අබේසිංහ එක්ක තමයි වැඩකටයුතු කරන්නේ. තනියමත් Events කරනවා. නර්තනයට අමතරව නිරූපණ කටයුතුත් කරනවා.

 

කොයි කාලය වගේද නර්තනය සඳහා එකතු වුණේ?

සාමාන්‍ය පෙළින් පස්සෙ තමයි මම ප්‍රශාදි ගුරුතුමිය ළඟ තමයි මුලින්ම නර්තනය ඉගෙන ගත්තේ. පොඩිකාලෙ බුදවත්ත ගුරුතුමියත් එක්ක නර්තනය කරලා තියෙනවා. ඊට පස්සෙ නර්තනය නවත්තලා ඉගෙනීම සඳහා යොමුවුණා. ආයේ සාමාන්‍ය පෙළින් පස්සෙ තමයි ප්‍රශාදි ගුරුතුමිය  ලැබුණේ.

 

කොතරම් කාලයක් සිටද නර්තනය සඳහා දායකවුණේ?

දැනට අවුරුදු 6ක් 7ක් වෙනවා.

 

නර්තනයමද වෘත්තීය වෙන්නේ?

ඔව්.

 

දීර්ඝකාලීනව නර්තනය වෘත්තීය විදිහට තියාගන්නද බලාපොරොත්තුව?

ඔව්, නර්තනය තමයි දිගටම කරන්න ඉන්නේ.

 

පොඩිකාලයේ සිටම සිහිනය වුණේ නර්තන ශිල්පිනියක් වෙන්නද?

නැහැ. පොඩි කාලෙ ඉඳන්ම මම Bank Accountant කෙනෙක් වෙන්න තමයි කැමැත්ත වෙලා තිබ්බේ. මම පාසලේ නර්තනය කරලා තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළින් පස්සෙ නර්තනය දැකලා ඒ පිළිබඳව ආසාවක් ආවා Dancing කරන්න. ඊට පස්සෙ තමයි මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ.

 

නර්තනය පැත්තෙන් පෞද්ගලික කැමති පුද්ගලයෙක් ඉන්නවාද?

 රසුනි අක්කා සහ සමිත අයියාට . ඒ අය චන්න විජේවර්දන ගුරුතුමාගේ ගෝලයන්

 

නර්තනය දැනට කවුරු යටතේද හදාරන්නේ?

මම නර්තනය ඉගෙන ගන්නේ ගයාන් ශ්‍රීමාල් සහ සංඛ අබේසිංහ යටතේයි.

 

ඒ දෙන්නාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මුලින්ම මේ Dancing Field එක ගැන කියලා දුන්නේ ප්‍රශාදි ගුරුතුමිය. ඊට පස්සෙ තමයි මට ගයාන් ශ්‍රීමාල් සහ සංඛ අබේසිංහ හම්බවුණේ. ඒ දෙන්නත් එක්ක තමයි දිගටම වැඩකරන්නේ. සහෝදරියකට වගේ අපිට සලකලා, හැමදේම සඳහා ඒ අය උදව් කරනවා.

 

අතහිත දුන් අය ගැන මතක් කළොත්?

මට මේ තරම් දුර එන්න මගේ පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි මගේ පවුලේ කට්ටිය. මගේ යාළුවෝ. මගේ ගුරුවරු මේ හැමදෙනාම මගේ ළඟින් හිටියා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-05-31-ent-71
2016-05-31-ent-70
2016-05-31-ent-69
2016-05-31-ent-68
2016-05-31-ent-67

 



අදහස් (0)

දැකපු හීනය අමතක කර නර්තන ශිල්පිනියක් වූ 'කෞෂි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site