වසර දහයක පමණ කාලයක් තිස්සේ අත්හිටුවා ඇති දකුණු පළාතේ මහ රෝහල ඉදිරිකිරීමේ කටයුතු ලබන ජනවාරියේදී යළි ආරම්භ කරන ලෙසට නගර සභිකයන් විසින් ඉල්ලීමක් කර තිබේ.
හුනායිනියා නිම්නයේ නව රෝහලක් ඉදිකිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනයක් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.
කෙසේ වෙතත් ප්‍රදේශයේ ඇති පස මෙම කාර්යයට නොගැළපීම හේතුවෙන් එම ස්ථානය ප්‍රතික්ෂේප වී තිබේ.
පසුව රෝහල ඉදිකිරීම සඳහා තවත් ස්ථානයක් අස්කාර් ප්‍රදේශයෙන් තෝරාගෙන ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නගර සභා සභිකයන් ඇතුළු පළාතේ පදිංචිකරුවන් අග්‍රාමාත්‍ය කාලීෆා බින් සල්මාන් අල් කාලීෆා කුමරු හමුවී නව රෝහල ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය නැවත වරක් පැරැණි ස්ථානයට රැගෙන යාමට අගමැතිවරයාව කැමැති කරවාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය නව සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ, නගර සභා සහ නාගරික සැළසුම් කටයුතු අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කළත්, නගර සභිකයන් පවසන්නේ එහි යම් යම් ගැටළු ඇති බවයි.
“වකුගඩු කාන්දු පෙරීමේ මධ්‍යස්ථානය නිම්නයේ ඉදිකරනවා. අපට ඒ ගැන තහවුරු කිරීමක් ලැබුණා. ඒත් මහ රෝහල ඉදිකිරීම ගැන තවමත් කිසිම තොරතුරක් නැහැ” යනුවෙන් නගර සභා සභාපති අහ්මඞ් අල් අන්සාරි පවසයි.
“සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අපි අපේක්ෂා කරන තරම් පිරිසකට සේවා සපයන්න බැහැ. සේවා සඳහා වන පොරොත්තු ලේඛනය ගොඩක් දිගයි. කොතරම් හදිසි ලෙඩෙක් වුවත් අවසානයේදී සල්මානියා වෛද්‍ය සංකීර්ණයට එන්නට කලින් විවිධ සේවාවන් ලබාගැනීම සඳහා එක් මධ්‍යස්ථානයකින් තවත් මධ්‍යස්ථානයකට යන්න ඕනේ” යැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දකුණු පළාතේ මහ රෝහල ඉදිකරන ලෙසට නගර සභිකයන්ගෙන් ඉල්ලීමක්