දකුණු අප්‍රිකා නාවික හමුදාවේ ස්පිඕන්කුප් යුද නෞකාව සුහද සංචාරයක් සඳහා මේ මස 12 වැනිදා කොළඹ වරායට පැමිණිමට නියමිතය.
1994 වසරේ දකුණු අප්‍රිකාව ප්‍රජාතන්ත්‍රික රජය පත්වීමෙන් පසු එරටට අයත් යුද නෞකාවට ශ්‍රී ලංකාවට සේන්දුවන ප්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදාව කියයි.
ඉන්දියාවේ විශාකපට්නම් හා ගෝවේ පැවැත්වෙන 2016 අන්තර්ජාතික නෞකා පිරික්සුමට හා නාවික අභ්‍යාසයට සහභාගිවී නැවත දකුණු අප්‍රිකාව බලා යන අතරේ මෙම ස්පිඕන්කුප් යුද නෞකාව කොළඹ වරායට පැමිණෙන බව නාවික හමුදාව පවසයි.
මෙම නෞකාව කොළඹ වරායේ රැඳී සිටින කාලයේ නාවික හමුදා පුහුණු නිලධාරීන්ට මෙම නෞකාව නැරඹීමට අවස්ථාව හිමිවන බවද පැවසේ.
නෞකාවේ අණ දෙන නිලධාරී කපිතාන් එම්.ඒ.බවුචර් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවීමට නියමිතය.
එම නැවේ දිග මීටර 121කි. (අඩි 397) පළල මීටර 16.34 කි. ඉපිළුම් ගැඹුර මීටර් 5.95කි. (අඩි 19.5) වේගය පැයට නොට් 30කි.
ඔත්තු බැලීමේ රේඩාර් සතුරු යුද නැව් හඳුනා ගැනීමේ තාක්ෂණය, බාධක වළක්වා යාත්‍රා කිරීමේ සෝනා තාක්ෂණය (දිය යට බාධක හඳුනාගැනීම) සහිත මේ නැවේ මිලි මීටර් 75 කාල තුවක්කුවක්, මිලි මීටර් 35 ද්විත්ව බැරල් කාලතුවක්කු දෙකක්, මිලි මීටර් 20 කාල තුවක්කු දෙකක් හා ගුවන් යානා දෙකකින්ද සමන්විතය. ප්‍රහාරක යානා දෙකකට ද එහි ඉඩ ඇත.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු අප්‍රිකා යුද නැවක් කොළඹ වරායේ
සමන් ජයවර්දන දකුණු අප්‍රිකාව Tuesday, 09 February 2016 09:42 AM
ස්පොයින්කොප් හිල් පිහිටා තිබෙන්නේ මම ජිවත් වන ලේඩිස්මිත් නගරයේ සිට කිමි 38 ඈතින් පිහිටි 1900 දී බ්‍රිතාන්‍ය හමුදාව සමග විශාල සටනක් පවතී ස්ථානයක් එම සිද්දිය පසුබිම් කරගෙන මේ නැවට නම තබා ඇත්තේ (අ)
ගමගේ Tuesday, 09 February 2016 09:53 AM
මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක්වේද (කෞ)
සරත් Tuesday, 09 February 2016 10:05 AM
බලා ගෙන ඔතන ගලක් ඇති මෙහෙමත් බොරු කිඅල රැවැට්ටුවනේ මහජනයා (බ)
සුරන් Tuesday, 09 February 2016 10:27 AM
එක දිගට යුද නැව් ලංකාවට එන්නේ ලංකාව බය කරන්නද? (ර)
සරත් සෞදි Tuesday, 09 February 2016 10:23 AM
බලාගෙන ගලක් තියෙනවලු. (ර)
උදාරත් Tuesday, 09 February 2016 10:51 AM
මේක හොඳ නැවක් (ම)
ලලිත් Tuesday, 09 February 2016 11:07 AM
මෙයාල ඉඳල හිටලා හරි ඇවිත් යන එක හොඳයි. (ර)
සංක Tuesday, 09 February 2016 11:15 AM
සරත් ගල් තියෙන්නේ හම්බන්තොට නේද? (ර)