IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 5 ක ජයක්

වෘත්තීමය කි‍්‍රකට් කී‍්‍රඩාව මේ යයි මොනවට ප‍්‍රදර්ශනය කළ දකුණු අපි‍්‍රකානුවෝ සෙනසුරාදා ඊස්ට් ලන්ඩන් නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ශී‍්‍ර ලංකාව කඩුලූ පහකින් පරාජය කරමින් 2-0 ක් ලෙස එක්දින තරගාවලියේදී පෙරමුණ ගත්හ. බැලූ බැල්මටම යා හැකි ඉලක්කයක් බව පෙනුණ නමුත් හිතුවක්කාරකම් කිරීමෙන් වැළකුණු දකුණු අපි‍්‍රකානුවෝ, හීන්සීරුවේ තමන්ගේ ඉලක්කය කරා යමින්, පන්දු අටක් පමණක් ඉතිරිව තිබියදී තරගය ජයගත්හ. පන්දු 58 කදී ලකුණු 55 ක් ලබාගත් හසිම් අම්ලා ජයග‍්‍රහණය කරා යාමේ අඩිතාලම සකසා දීමෙන් පසුව  ඇගට නොදැනී, ලකුණු 66 ක් නොදැවී ලබාගත් ජීන් පෝල් ඩූමිනිගේ පිතිහරඹය වටා දකුණු අපි‍්‍රකානු ඉනිම ගොඩනැගිණ. පන්දු 87 කට මුහුණ දුන් ඩූමිනිගේ ඉනිමට ඇතුළත් වූයේ එකම හයේ පහරක් පමණි. කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම, නියමිත  ඕවර 50 අවසානයේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 236 ක් ලබාගත්තේ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ පිතිහරඹය නිසාය. වික‍්‍රමාන්විතයකදී වාසනාවත් තමන්ගේ පැත්තේ සිටින බව සිය ආක‍්‍රමණශීලී පිතිහරඹයෙන් කදිමට සනාථ කළ චන්දිමාල් පන්දු 115 කදී ලකුණු 92 ක් ලබාගත්තේ හතරේ පහර 6 ක්ද සිය ඉනිමට ඇතුළත් කරමිනි. මෙය ඔහුගේ දෙවැනි එක්දින අන්තර්ජාතික අර්ධ ශතකයයි. ශී‍්‍ර ලංකා පිලට ලකුණු ගලා ඒමේ දොරටුව විවෘත වූයේ පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර 5 දී, නුවන් කුලසේකර පන්දු 13 ක් ලකුණු 22 ක් ලබා ගැනීමත් සමගය. කුලසේකර පැමිණීමට පොරතුව,  ඕවර 37 කදී ශී‍්‍ර ලංකා පිල කඩුලූ 3 ක් දවී ලබා සිටියේ ලකුණු 136 ක් පමණි. වඩාත් නම් දැරූ පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ කෝසල කුලසේකරට ඉදිරියෙන් පැමිණි නුවන්, ඬේල් ස්ටෙයින්ට දැවැන්ත හයේ පහරකින් සහ හතරේ පහර දෙකකින් සංග‍්‍රහ කළ අතර ලොන්වාබු සොත්සොබීගේ පන්දුවකින්ද ලකුණු 6 ක් ලබාගත්තේය. සිය පළමු  ඕවරයට සීරුවෙන් මුහුණ දුන් උපුල් තරංග, දෙවැනි  ඕවරයේ සිටම අතදිගහැර පන්දුවට පහර දුන්නේය. තරංගගේ නිර්භීත පිතිහරඹය නිසා දිරිමත් වූ චන්දිමාල් දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙමින් ලද සෑම අවස්ථාවකදීම ලකුණු ලබාගත්තේය. දග පන්දු යවන්නන්ට එරෙහිව පහසුවෙන් ලකුණු ලබාගත් තරංග සහ චන්දිමාල් දෙදෙනා අතර පැවැති ලකුණු 84 ක සම්බන්ධතාව බිඳ දමන ලද්දේ 29 වැනි  ඕවරයේදී නැවතත් පන්දුව අතට ගත් මෝනි මෝකල් විසිනි. අඩි 6, අගල් 5 ක් උස කී‍්‍රඩකයකු වන මෝකල්, නිරන්තරයෙන්ම පන්දුව වේගයෙන් තණතීරුව මත පතිත කරමින් තණතීරුවේ සහයෝගය සහ ඉපිළීම ඉතාමත් හොඳින් ලබාගන්නා කී‍්‍රඩකයෙකි. එක් පන්දුවක්, තරංග සිතුවාට වඩා අගල් කිහිපයක් ඉපිළෙමින්, කඩුලූ රකින්නාගේ අත් ආවරණ තුළ සැගවීමට මත්තෙන්, පිත්තේ දාරය සොයා ගත්තේය. පන්දු 85 කට මුහුණ දුන් තරංග, ඒවායින් හතරක් හතරේ සීමාවට හරවා යැවූ අතර එකක් පන්දු යවන්නාගේ හිසට ඉහළින්, සීමාවෙන් ඈතට යන පරිදි ගුවන් ගත කළේය. පිටියට පිවිස මුහුණ දුන් පළමු පන්දුවේ සිටම ස්ථාවරයක් පෙන්නුම් කළ නමුත් අති විශිෂ්ට ගණයේ උඩපන්දුවකට මහේල ජයවර්ධනගේ ඉනිම අවසන් විය. පිතිකරුවන්ගේ ප‍්‍රහාරාත්මක  ඕවර ආරම්භයේදීම, පා ඉන්නට යන්තමින් එපිට පතිත වූ පන්දුවට ෆිලික් පහරක් ගැසූ මහේලගේ උඩපන්දුව ඩැහැගැනීමට ‘බැක්වර්ඞ් ස්ක්වෙයාර් ලෙග්’ ස්ථානයේ සිටි ඬේල් ස්ටෙයින් සිය වම් පසට පියාඹා ගියේය. වසර හයකට පසුව එක්දින තරගයක් නැරඹීම සඳහා ඊස්ට් ලන්ඩන්හි බෆලෝ කී‍්‍රඩාංගණයට රැස්වූ දකුණු අපි‍්‍රකානුවන්ට පවා ඬේල් ස්ටෙයින්ගේ පන්දු රැකීම අදහාගත නොහැකි විය. පිට පිටම දෙවැනි වතාවටත් කාසියේ වාසිය අහිමි වීමෙන් පසුව, පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ ශී‍්‍ර ලංකා පිලට ලැබුණේ භයංකාර ආරම්භයකි. පන්දු 4 කට පසුව ඩිල්ෂාන් ගැසූ පහරින් පන්දුව ඇදී යද්දී නායකයා ලකුණක් කරා දිවගියේය. එහෙත් ඩිල්ෂාන් සිය ලකුණ සම්පූර්ණ කිරීමට පෙර, ෆ‍්‍රන්සුවා (ෆෆ්) ඩුප්ලෙසි දමාගැසූ පන්දුවෙන් පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ලේ බේල්ස් ඉවත් වී තිබිණ. කුමාර් සංගක්කාර පන්දු 28 කට ලබාගත්තේ ලකුණු 3 ක් පමණක් වූ හෙයින්  ඕවර 10 කදී ලකුණු 21 කට කඩුලූ දෙකක් දැවී යාම නිසා ශී‍්‍ර ලංකා පිල අමාරුවේ වැටී තිබිණ. එහෙත් එතැන් සිට හිස එසවූ ශී‍්‍ර ලංකා පිලේ ධෛර්යය, පාල් තරගයට වඩා බොහෝ සෙයින් වෙනස් මට්ටමක තිබිණ. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තුන්වැනි එක්දින තරගය 17 වැනිදා බ්ලූම්ෆොන්ටෙයින්හිදී පැවැත්වේ. එය දිවා/රාතී‍්‍ර තරගයකි. දිනේෂ් චන්දිමාල්



අදහස් (0)

දකුණු අපි‍්‍රකානු පිලට කඩුලූ 5 ක ජයක්

තරිදු Monday, 16 January 2012 02:39 PM

පිතිකරණය ඉතා දුර්වලයි

:       0       0

චතුරි රසාංගි Monday, 16 January 2012 02:32 PM

ජයසූරියලා නැති ක්‍රිකට් වලින් වැඩක් නෑ. තාමත් අපේ මිනිස්සු ලැජ්ජ නැතිව ක්‍රිකට් බලනවා

:       0       0

Tuan Tuesday, 17 January 2012 07:19 AM

ලංකාවේ ක්‍රිකට් දැන් දේශාලනය වගේ.

:       0       0

දුම්මා Tuesday, 17 January 2012 09:52 AM

හැමදාම දිනන්න බැහැ. අනික අපේ කණ්ඩායමේ අලුත් අයත් ඉන්නවා. දකුණු අප්‍රිකාවේදී කළ වැරැදි හදාගෙන අපේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට පැමිණෙනකම් අපි බලාගෙන ඉන්නෙමු. ඔයාලා පැරදුනත් දිනුවත් මෙල්බර්න් ක්‍රීඩාංගණය එක දෙක වෙන්න අපි කෑ ගහනවා. අපි ඔබලාට ආදරෙයි

:       0       0

suranjith fernando Tuesday, 17 January 2012 09:55 AM

අපේ කොල්ලො හොදින් ක්‍රිඩා කළා, ඊළඟ තරගය දිනාවි.

:       0       0

amila Tuesday, 17 January 2012 05:33 PM

කමෝන් දිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2354 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site