IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුකට පත් කතුන් බලා ගන්න රට පුරා රැකවරණ නිවාස

(අංජුල මහික වීරරත්න)

හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හමුවේ හිංසනයෙහි වින්දිකයන් බවට පත්වන කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් තාවකාලික රැකවරණය සැලසීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ගම්පහ, රත්නපුර, මොනරාගල, කොළඹ, මාතර, මඩකළපුව, මුලතිව් හා යාපනය යන දිස්ත්‍රික්කවල එක් රැකවරණ නිවාසයක් බැගින් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකවරණ නිවාස 02 ක් ද වශයෙන් රැකවරණ නිවාස 10ක් පවත්වා ‍ගෙන යනු ලබන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා රැකවරණ නිවාසයක් 2025 ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඇතැම් රැකවරණ නිවාස වල පරිපාලන හා නඩත්තු වියදම් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සෘජුවම දරනු ලබන අතර, ඇතැම් නිවාස සඳහා අදාළ වියදම් කාන්තා සුබසාධනය මූලික කරගත් සංවිධාන කිහිපයක් විසින් දරනු ලබයි.2020 වර්ෂයේ සිට 2024 වර්ෂයේ දෙවන කාර්තුව දක්වා වින්දිත කාන්තාවන් 2,852 ක් වෙනුවෙන් රැකවරණය සලසා ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 60.35ක පිරිවැයක් දරා ඇත.

එහෙත්, එම කාලය තුළ ඒ වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 37.69 ක් පමණක් ප්‍රතිපාදන වශයෙන් ලැබී ඇති අතර, රුපියල් මිලියන 22 ක පමණ බිල්පත් තවදුරටත් නිරවුල් කළ යුතුව තිබේ. ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සැලකිල්ලට ගෙන 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 25 ක ප්‍රතිපාදන වෙන් කිරීමටත්, ඉන් අනතුරුව ඉදිරි වර්ෂයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය ඇස්තමේන්තු මඟින් වෙන් කර දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

 



අදහස් (0)

දුකට පත් කතුන් බලා ගන්න රට පුරා රැකවරණ නිවාස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site