IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපලා

(කේ බුද්ධික කුමාරසිරි)

පාදුක්ක වටරැක ගම්මාන පාර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරැවෙකු සමග ජීවත් වූ ඔහුගේ අනියම් බිරිය කියනු ලබන කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර පලා යමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්‍රදේශවාසීන් ගේ සහය ඇතිව අද (09) දහවල් අල්ලා අත් අඩංගුවට ගත් බව  මීගොඩ පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකාරිය අදාල පෙදරේරුවා ගේ දික්කාසද බිරිද බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය පවසයි.

එම සැකකාරිය පෙදරේරැවා සමගින් දික්කසාද වී වසර තුනක් පමණ ගතවන බවත් ඒ නිසාවෙන් මෙලෙස වෙනත් කාන්තාවක් සමග ජීවත් වූ බවත් එම පෙදරේරුවා ලබා දුන් සාක්ෂි වල සටහන් බවද පොලිසිය පවසයි.

පෙදරේරුවා අද  (09) උදෑසන රාජකාරි කටයුත්තක් සදහා නිවසින් පිටත්ව ගිය පසු ඝාතනය සිදුකල සැකකාරිය සහ සැකකරැ එම නිවසට පැමිණ ඝාතනයට ලක් වූ කාන්තාවට කතා කර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර පලා ගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වූ බවද  පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වලස්මුල්ල කටුවන අළුපොත්දෙනිය  ප්‍රදේශයේ පදිංචි වැන්දඹුවක් වන 52 හැවිරිදි කාන්තාවකි

 

 

 



අදහස් (6)

දික්කසාද බිරිය අනියම් බිරියගේ බෙල්ල කපලා

Bamunuarachchi Tuesday, 09 May 2023 01:34 PM

බෙල්ල කැපීම අනුමත කරන්නේ නැහැ . එත් කපනවානම් කැපිය යුත්තේ මිනිහගේ

:       37       9

fairoosTuesday, 09 May 2023 03:00 PM

ශරියා නීතියද ?

:       2       12

BamunuarachchiWednesday, 10 May 2023 05:35 PM

ශරියා නීතියේ හැටියට අවුරුදු 8 ළමයි ඇතුළුව ගැහැණු 7ක් කසාද බඳින්න පුළුවන්. ලොක්ක එහෙමයි කියලා තිබෙන්නේ. හිතෙන හිතෙන අනංග වැඩකරලා දෙවියන්ගේ කැමැත්තට කළා කියනවා.

:       0       1

CK.Lankaputhra Wednesday, 10 May 2023 04:15 AM

ඒත් කපන්න ඕනෑ බෙල්ල නෙවෙයි . වෙන තැනක්.

:       1       0

prasanna Tuesday, 09 May 2023 02:40 PM

ලොව අංක එකේ පාපතර ජතිය තමයි ලංකාවෙ ඉන්නෙ, හැමදාම කපනව කොටනව,නොදකින්

:       2       40

Bamunuarachchi Wednesday, 10 May 2023 05:31 PM

මෙයා දික්කසාද නම් අරයා අනියම් බිරිඳ වෙන්නේ කොහොමද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site