IMG-LOGO

ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යනවා

(අංජුල මහික වීරරත්න,මහේෂ් කීර්තිරත්න සහ ඇම් ඩබ්ලිව් සෝමරත්න)

ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරිසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300  නමක් උපසම්පදා ශීලයේ පිහිටුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයට එක් වෙමිනි. 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා විනය කර්මය 20 වැනිදා සිට ජූලි 27 වන දා දක්වා  මාතලේ බණ්ඩාරපොල සුදු ගඟ උදකුක්ඛේප සීමාමාලකයේ දී පැවැත් වේ. 

මකුලෑවේ විමල රාමඤ්ඤ මහා නිකායේ  මහානා හිමිට “දර්ශන විශාරද උපාධි” ශ්‍රී සන්නස්පත්‍රය හා විජිණිපත පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශ්‍රී පාදස්ථානාධිපති  ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ  ධම්මදින්න නා හිමිට සහ මුගුණෙවෙල  අනුරුද්ධ හිමිට ගෞරවනාම සන්නස්පත්‍ර පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන  උපසම්පදා  විනය කර්මයට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද සමරු තිළිණයක්  පිළිගැන්විණි.

රාමඤ්ඤ මහා නිකාය විසින් සංස්කරණය කරන ලද  "පටිපදා ශාස්ත්‍රීය සංග්‍රහය"   මහනායක ස්වාමීන් වහන්සේට හා ජනාධිපතිවරයාට පිළිගැන්වීම ද සිදු කෙරිණි.

 

 



අදහස් (10)

ථෙරවාදී බුදු දහම ලෝකයට ගෙන යනවා

Ruwan Friday, 21 July 2023 10:04 AM

ඉස්සෙල්ල බුද්ධාගමෙ කියන අත්හරින එක මොකක්ඩ කියල ඉගෙන ගනින් මිනිහෝ

:       2       7

PRASANNA Friday, 21 July 2023 10:12 AM

අපෙ රටෙ බෞද්ධන් බෞද්ධාගම ඇඹුල්තියල් කරල තියෙන්නෙ. ගිය සතියෙ ඔක හිමි නමක් ලොකෙටම ගෙනියල ඉවරයි.

:       0       5

නිහාල් Friday, 21 July 2023 11:35 AM

අපේ ස්වාමින්වහන්සේලා කරන කෙළි දැක්කම ලෝකය ඒක බාරගනීද දන්නේ නෑ.

:       0       7

මීගොල්ල Saturday, 22 July 2023 12:32 AM

ස්වාමීන් වහන්සේලාගේ දහමක් නෙමෙයිනේ බුදුදහම. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේගේ.

:       0       1

SAM Friday, 21 July 2023 12:15 PM

ලංකාවේ ඉතිහාසය බුදුදහම ට්‍රිපිටකය ග්‍රන්ථා රුඩ කල ප්‍රද්ශය පිළිබද කරුණු පමණක් නොව බුදුන් උපන් දේශය ජම්බුද්වීපය ද නොඑසේනම් ඉන්දියාවද කිබුල්වත් නුවරද යන්න සැකහැර සොයා ගත යුතුවේ. නොඑසේනම් මම ගැටලුව ඉදිරියටත් බවුද්දයන් අතර මත ගැටුමක් වසයෙන් පවතී, එමනිසා මේ පිලිබදව අදහස් දරනාවූ සියලු පාර්ශව මත ගැටුමකින් තොරව ඔවුන්ගේ අදහස් ඉදිරිපත්කිරිම / ප්‍රකාශ කිරීම වැදගත්වේ. එමෙන්ම මේ සදහා ඉන්දියාවේද සහයෝගය ලබාගත යුතුවේ. සත්‍ය වශයෙන්ම බුදුන් ඉපදුනේ ජම්බුද්විපයේද නැතිනම් ඉන්දියාවේද කියා මතුව තිබෙනාවූ ගැටලුව රජතන්ට්‍ර්ක මට්ටමින් සහ ලංකාවේ අප තර තිබෙනාවූ මතයටද පිළිතුරු ලබා දියයුතු යුතුවේ. www youtube.com/watch?v=sIQEjE_Aiaw www youtube.com/watch?v=RSxbBgdJuDk www youtube.com/watch?v=dRlmoTAb1r8 www paramaththa.org/ www bl.uk/projects/sinhalese-manuscripts-digitisation-project?fbclid=IwAR3Ye6E8PzMkvdOEPqM_60ke-GtZiodROv2N9ZxmkIE_7PlDHltqSY0zcdw eap.bl.uk/project/EAP1260?fbclid=IwAR0JTs1FU95h37JmFrqrhRBFWDMohSZZ6HstsKAlqygMUyDDSH3Y2Nxpi80

:       7       2

බක්මීගොල්ල Friday, 21 July 2023 12:52 PM

ඔය කියන ප්‍රශ්න තියෙන්නේ බුදුදහම විකුර්ති කරන්න උත්සාහ කරන අයට මිසක් නියම බෞද්ධ අයට නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒවාට පැහැදිලි පිළිතුරු තියෙනවා. ඒවා නෙමෙයි හොයන්න, කතාකරන්න ඕනේ. මේ දහමේ කියලා දෙන දේවල් ගැනයි. නිවන් මාර්ගය හොයන කෙනෙකුට ඕවා කිසිසේත් ප්‍රශ්න නෙමෙයි. ඕවා අදාල නෑ. බුදුරජාණන් වහන්සේ දේශනාකරපු දහමක් තියෙනවා පැහැදිලිව. ඉතිං නිවන් කැමති කෙනෙක් ඒ මාර්ගය පිළිපදින එකයි තියෙන්නේ.ඉපදුනේ කොහේද, ලීවේ කොහේද, කව්ද ලීවේ, මොකෙන්ද ලීවේ, මොකටද ලීවේ, මොනවද ඔය ප්‍රශ්න.

:       0       4

ගැමියෙක් Friday, 21 July 2023 01:00 PM

ලෝකෙට දහම දෙන්න පෙර මේ රටේ දහම ප්‍රතලිත කෙරුවොත් නරකද. දැන් මිනිස්සුන්ට බොහෝ දෙනෙක් දහමින් තොරව හැසිරෙන්නේ. කිසිම බයක් නැතිව හැම පවක්ම කරනවා. හොරකම්, මිනීමැරීම්, දුෂණ සාමාන්‍ය දේවල් වෙලා. ගොඩක්ම හොරකම්. රජයේ ඉහළ නිලධාරීන් පවා දැන් හොරකම් කරනවලු. ඒවා සොයන්න, බලන්න, ඒවා වලක්වන්න. මිනිස්සුන්ගේ ආරක්ෂාවට, සාමය පවත්වාගෙන යන්න උපකරකරන පොලිසියත් දැන් ඔන්න හොරකම්, මංකොල්ල කෑම් කරනවලු. " ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ " කියලා කියමනකුත් තිබුනලු ඉස්සර.

:       0       6

Rata Perata Friday, 21 July 2023 01:27 PM

ඉලග චන්දෙදි මෙයත් අල්ලන්න යන්නෙ බුදුදහම වගෙ. පාර් ලිමේන්තු ඉන්න හොරු, මන්කොල්ලකරයන්ට දඩුවමක් දෙන්න බැරි, හිටපු හොරු ටිකත් අරක්ශා කරන මෙ වගෙ දුර්වල මිනිහෙක් ට පුලුවන් ද බුදුදහම ලොකෙට ගෙනියන්න.

:       1       4

Perera Friday, 21 July 2023 01:45 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ

:       0       6

ගමේ එකාලා Friday, 21 July 2023 03:54 PM

ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කිව්වාලු. රනිල් කියන්නේ හරියට ආගමක්, ධර්මයක් අදහන කෙනෙක්ද...?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site