හර්ෂණ තුෂාර සිල්වා
තොරතුරු පනත පිළිබඳ පසුවිපරමක් කිරීමේ අරමුණින් ඊයේ (8) සහ අද (9) කොළඹ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේදී සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති දෙදින සමුළුව සාර්ථකව අවසන් විය.
පුරවැසියන් තොරතුරු දැනගැනීමේ පනතින් සවිබල ගැන්වීම යන තේමාව යටතේ නෝර්වේ තානාපති කාර්යාලයේ සහාය ඇතිව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එය සංවිධානය කර තිබිණි.
මෙම ජාත්‍යන්තර සමුළුව සැසිවාර හතකින් සමන්විත විය. එම සැසිවාරවලද මෙරට සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාධරනයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
සමුළුවේ අවසන් දිනය වූ අද (9) දිනයේදී ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ විවෘත සැසියක් ද පැවැත්විණි. ඊට අමතරව අද දිනයේදී ‘විශේෂ නියෝජිත වාර්තාවක්’ ද ප්‍රකාශයට පත් කළේය.
ඡායාරූප - ගයාන් අමරසේකර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd