(යොහාන් භාසුර)
කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති පවසයි.
ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පංතියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තීරණය කර තිබූ බවත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක හා තලෙයිමන්නාරම බලා ධාවන වන දුම්රියේ මෙලෙස තෙවන පංතියේ වෙන් කල ආසන පහසුකම ඉවත් කිරීමට නියමිතව තිබූ බවත් වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
160 වසරක මෙහෙයුම් පිළිබඳ ව්‍යාජ ආඩම්බරයක් ඇති දුම්රිය දෙපාර්තමේන්තුවකට කාර්යක්ෂම හා දෝෂ රහිතව දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේ සරල ක්‍රියාවලියක් කළ නොහැකි බව පෙන්නුම් කරන්නේ රජය විසින් සපයනු ලබන සේවාවන් තවමත් දූෂිත වී ඇති බවයි. මොනතරම් රාජ්‍ය සේවයක්ද?
මොවුන්ගේ උත්සහය දුප්පත් ජනතාව තවත් පීඩනයට පත්කිරිමයි.. සාමාන්‍ය ජනතාවට යන්තම් සාධාරණ මිලකට ගතහැකි