IMG-LOGO

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා


තාජුඩීන්ගේ මරණය ගැන තොරතුරක් කජ්ජාගේ බිරිය කියයි

(ගයාන් සූරිය ආරච්චි)

2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් " කජ්ජා " නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුදු පාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකටට එක්වෙමිනි.

කජ්ජා නමැත්තාගේ බිරිය  ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිට මෙම ප්‍රකාශය දුන් අවස්ථාවකදී බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල පිලිස්සී ගිය මෝටර් රථයකයක තිබී රගර් ක්‍රීඩක වසීම් තජුඩින් නැමැත්තාගේ සිරුර 2012 වසරේ මැයි මාසයේ දිනක හමුවී තිබුණි.

එම කාලවකවානුවේ පොලිසිය සිදු කළ විමර්ශනවලදී එය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් බවට ප්‍රකාශ කර තිබුණද එම රගර් ක්‍රීඩකයාගේ ඥාතීන් විසින් එය හදිසි අනතුරකින් සිදු වූ මරණයක් නොවන බව පවසමින් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා තිබුණි.

ඒ අනුව 2015 වර්ෂයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තජුඩින්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලින් අනතුරුව එම මරණය මිනී මැරුමක් බවට කරුණු අනාවරණය වී ඇති බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් විසින් වසිම් තජුඩින් මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ සිසි ටීවී දර්ශන පරීක්ෂණවලින් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව තාජුඩීන් නැමැත්තා හැව්ලොක්ටවුන් ප්‍රදේශයේදී සුපිරි වෙළඳ සැලකට ගොස් වතුර බෝතලයක් රැගෙන නැවත මෝටර් රථයට නගින අවස්ථාව සටහන් වී ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ එම මෝටර් රථය අසල තවත් පුද්ගලයෙකු සිටින බවත් ඔහුගේ මෝටර් රථය පිටුපසින් තවත් නාඳුනන මෝටර් රථයක් පසුපසින් ගමන් කරන බවත් නිරීක්ෂණය වී තිබූ බවය.

එම සීසී ටීවී දර්ශන එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබූ නමුත් කිසිවකුට එම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ලබාදීමට හැකියාවක් නොතිබුණු බව වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 



අදහස් (3)

තාජුඩීන්ගේ මරණය ගැන තොරතුරක් කජ්ජාගේ බිරිය කියයි

Dewa Wednesday, 01 October 2025 07:24 AM

කජ්ජෝ, ඔයා දැන් කියන්නකෝ, ඔයාව මෙහෙයවූයේ කවුද කියලා හරිය?

:       2       0

Sara Wednesday, 01 October 2025 09:42 AM

ඉතින් ඕක කළේ, ඕකට අනුබල දුන්නේ කවුද කියලා අපි 2012 දන්නවා. NPP රජයෙන් හොයාදේවි කට්ටිය කරපු සිංහල–දෙමළ–මුස්ලිම් මිනිස්සුන්ට හැමෝටම සාදාරණේ ලැබේවි!”

:       9       6

Isuru Chathuranga Wednesday, 01 October 2025 09:51 AM

කජ්ජාගේ බිරිය

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32810 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15406 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10002 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 172 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 475 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1399 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site