(දයාරත්න ඇඹෝගම)
මඩාටුගම පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිතුලිහිටියාව පහළ බුලාගල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් අද (10) දින එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබු බව මඩාටුගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ උඩුගම කොලණිය , කිතුල්හිටියාව පදිංචිව සිටි වඩුගෙදර අමිත් කුමාර ජයසිංහ (29) හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.
දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ගමන් ගත් ත්‍රිරොද රථය කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වු කැබ් රථයේ බුලාගල ප්‍රදේශයේදි ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇති බව පොලිසිය කියයි.
මෙම අනතුරින් ත්‍රිරොද රථයේ රියදුරු හා පසුපස ගමන් ගත් අය බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රොහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කළ පසු රියදුරු මිය ගොස් ඇති අතර තුවාල ලැබු පසු ගමන්කරු ප්‍රතිකාර ලබමින් සිටිති .
මන්නාරම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මඩාටුගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රීරෝද රථයක් - කැබ් රථයක් එකිනෙක ගැටී අයෙක් මරුට