IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිළිණිට ඔලිම්පික් වරම් ලබාගන්න ආසියානු තරගාවලියේදී අවස්ථාවක්

බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකාවන්) 107 වැනි ස්ථානයේ පසුවන ජාතික බැඞ්මින්ටන් ශූරියක වන තිළිණි ජයසිංහට ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ තවත් අවස්ථාවක් ඇතැයි වාර්තාවේ. තිළිණිට චීනයේදී පැවැත්වෙන ආසියානු බැඞ්මින්ටන් තරගාවලියේදී ප‍්‍රධාන කාණ්ඩයට සුදුසුකම් ලබා ගනිමින් එහිදී තරගයක් ජය ලබා දස්කම් දැක්වුවහොත් ඇයට ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ ආසන්නතම අවස්ථාවට එළැඹිය හැකි යැයිද දැන ගන්නට ලැබේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින තිළිණි ලබා ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13,583 කි. ඔලිම්පික් පරිසාධක මට්ටමට ඒමට ඇයට තවත් ලකුණු 1200 ක් පමණ අවශ්‍යව තිබේ. තිළිණි, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද සහභාගිවුවාය. ප‍්‍රවීණ ක‍්‍රීඩිකා චන්ද්‍රිකා ද සිල්වා ලෝක ශ්‍රේණිගත කිරීමේ 141 වැනි ස්ථානයේද, වත්මන් ජාතික ශූරි අචිනි රත්නසිරි එහි 155 වැනි ස්ථානයේ ද පසුවෙති. ආසියානු බැඞ්මින්ටන් (කේවළ) ශුරතාවලියට සහභාගිවීම සඳහා නිලූක කරුණාරත්න සමග තිළිණි ජයසිංහ මේ මස 16 වැනිදා චීනය බලා පිටත්ව යති. ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න මෙවර ආසියානු තරගාවලියට සහභාගිවන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 49 වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩකයා ලෙස දස්කම් අතර සිටිමිනි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පළමු ක‍්‍රීඩකයන් 38 දෙනා අතරින් 29 වැනි ස්ථානයේ පසුවන නිලූක ලන්ඩන් ඔලිම්පික් උළෙලට මේ වන විටත් සුදුසුකම් ලබා සිටියි.



අදහස් (0)

තිළිණිට ඔලිම්පික් වරම් ලබාගන්න ආසියානු තරගාවලියේදී අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site