
(තිලකරත්න දිසානායක)
බෙම්මුල්ල ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ තිබූ මගී ප්‍රවාහන බස්රථ දෙකක් , කුඩා ලොරි දෙකක්, ත්‍රී රෝද රථයක් , යතුරු පැදි පහක් සහ අගල් 65 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.
නීති විරෝධීව උපයාගත් දේපල බවට සැක කෙරෙන මෙම රථ වාහන සහ ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි තුනකට අධික විය හැකි බවත් පොලීසිය සඳහන් කරන අතර මෙම දේපල අයත් බව කියන පුද්ගලයා සහ බිරිද ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද කියයි.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහවුරු නොවූ කෝටි තුනක වත්කම් බෙම්මුල්ලෙන් අල්ලයි
ප්‍රේම කුමාර Saturday, 23 December 2023 03:00 AM
මල්වානේ තහවුරු නොවූ බංගලාවක් තියනවා. ඒ වත්කමත් ඔය ගමන්ම ඇල්ලුවා නම්...!
Achini Saturday, 23 December 2023 04:48 PM
රාජපක්ෂලාගේ ගිණුම් පරික්ෂා කළා නම් IMF එකට ණය දෙන්න තිබුණා..