
(ඩයනා උදයංගනී)
මෙරට භාවිතය තහනම් කර ඇති නීතිවිරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” කිලෝ ග්‍රෑම් 100ක පමණ තොගයක් ඉකුත් 13 වැනිදා ගාල්ල නගරයේ දී සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ විමර්ෂණ අංශයට ලද තොරතුරක් අනුව එම අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය, ගාල්ල පොලීසිය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ එක්ව මෙම වැටලීම සිදුකර ඇත.
එම පොලිතීන් තොගයේ හිමිකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
දනීතියෙන් තහනම් කර ඇති ග්‍රෑම් 20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ නීතියෙන් තහනම් කර ඇති අතර මේ සම්බන්ධයෙන් දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තහනම් පොලිතින් තොගයක් අල්ලයි